අපේ ගෙදරට මීටර් සීයක් පමණ ඈතින් ඇත්තේ තාත්තාගේ මහගෙදරයි. මා හදුන්වන පරිදි සීයලයි
ගෙදරයි. මගේ ළමා කාලය පිළිබද මතක් කළ හැකි සුමිහිරි අතීතයක් සීයලයි ගෙදර වටා මගේ
මතකයේ තැන්පත් වී ඇත. ගුරeවරeන් වන මගේ අම්මාත් තාත්තාත් උදෑසන පාසලට ගොස් සවස දෙකට පමණ ගෙදරට පැමිණෙන
තෙක් මා කාලය ගත කළේ අත්තම්මාත් සීයාත් සමගිනි. මා පමණක් නොව ලොකු තාත්තාගේ දූද
නැන්දාගේ පුතාලා තුන් දෙනාද ඔවුන්ගේ බාල කාලය ගෙවා ඇත්තේ මේ මහගෙදරයි. මට මෙන්ම
ඔවුන්ටද ඉතාම සුමිහිරි වූ ළමා කාලයක් තිබූ බව අදටත් අප සැම එකතු වූ විට එකළ කළ කී
දෑ පිළිබද එකිනෙක පවසන දේ තුළින් පැහැදිලි වේ.
මට අවුරැදු දෙකක් පමණ වන කාලයේත් මා බලා ගැනීමට සිටින තැනැත්තියක සමග මහගෙදර තබා
අම්මාත් තාත්තාත් වැඩට ගොස් ඇත. එකළ මගේ කරාබු නැතිවෙන්නේ හරියටයැයි අත්තම්මා පසු
කලෙක මා සමග පවසා ඇත. ඒ මා බලා ගැනීමට සිටින තැනැත්තිය විසින් ගලවා ගෙන යන්නට
ඇතැයි අත්තම්මා විශ්වාස කළ බැවිනි. කුඩා කළ මා බත් කෑ කොළ පාට ප්ලාස්ටික් පිගාන
අදටත් සීයලයි ගෙදර කෑම කාමරයේ පිගන් රාක්කයේ දූවිලි වැදී තිබෙනු දකින මට අත්තම්මාගේ පරිප්පු හොද්දේ රසය මතක් වෙයි. එම පරිප්පු හොද්දේ රස තවම මට
ඉන්පසු කොතැනකදීවත් දැක නැත.
උදේට සීයලයි ගෙදරට යන මම
සීයා මිදුල් අතුගා අවසන් වන තුරැ සේපාලිකා ගහ යට
සේපාලිකා මල් එකතු කළෙමි. ඉන්පසු සීයා විසින් පොල් අත්තකින් කඩා සුද්ධ කර දෙන
ඉරටුවල එම මල් අමුණන්නේ සීයාද සමගිනි. ඉන්පසු දොරකඩ ළග තබා ඇති මල් පෝච්චියක එම
මල් ඇමුණූ ඉරටු ගසනු ලැබේ. ඉන් අනතුරeව සිත යන්නේ
සමන් පිච්ච මල් සුවද ටය. රාතියේ පිපී රාතිය සුවදවත් කළ පිච්ච මල්
උදෑසන වනවිටත් සුවද විහිදුවයි. රාතියේ පිපි මල් ගෙනවිත් සුවද විද මේසය මත තැබූ පසු සාලයට සමන් පිච්ච මල්
සුවදින් පිරී යයි. කුඩා කළ රිසිසේ විද ගත් පිච්ච මල් සුවද අදටද මා විදිනට ආසා කරන සුගන්ධයකි. ඒ අතරතුර අත්තම්මාගේ උදෑසන ලොකුම රාජකාරිය ඇරඕ. එනම් පෙර
දිනයේ පෙගෙන්නට දමන ලද පොල් අතු විවීමයි. ඒ දෙස බලා සිටින්නටද මා හරි කැමතිය. මට
අවුරeදු පහක් හයක් පමණ කළයේ පාසල් නොයන දින ගත වන්නේ සීයලයි ගෙදරය. දවල්ට
උයන්නට ආත්තම්මාට කරන එකම සහ ලොකුම උදව්ව පොල් ගා දීමයි. පොල් බෑයේ එකම තැන ගා
කට්ට මතු වූ විට කට්ට පේන්නට ගෑවා යි කියමින් පොල් බෑය අත්තම්මාට පෙන්වන්නේ වීර
කියාවක් කළ පරිද්දෙනි.
සීයලයි ගෙදර කුස්සිය
තිබුණේ ගෙයින් වෙන්වන්නටය. මැටි ගසා සකස් කරන ලද පිළිකන්නක් සහිත ලස්සන කුස්සියක්
අත්තම්මාට තිබුණි. පිළිකන්නේ කුස්සිය දොර අසල පෙරළා තිබූ වංගෙඩිය කුස්සියට
එන කව්රeත් අසුන් ගන්නා තැන විය. ගොරක කාලයට අත්තම්මා වත්තේ
ඇවිද ගොස් රිලව් කා දැමූ ගොරකා එකතු කර වේලෙන්නට දමන දිගින් වැඩි වූ විශාල දුමක්
ලිපට ඉහළින් විය. තවත් එහි ජූල් ගෙඩි කීපයක්ද කොප්පරා ටිකක් ද තවත් පැත්තක විය.
කුස්සිය ඉදිරිපස මිදුලේ රවුමට තැනූ කහ පාත්තියකි. මෙය කහ පාත්තිය ලෙස සැලකුවත්
ලොකු ගොටුකොළ, සුදු කොච්චි ගසක්, ගෙඩි නොවරදින ඇඹරැල්ලා ගහක් ද
ඉගුරe පැළ හා හුලංකීරිය පදුරe කීපයක් ද විය.
සීයා රෝහලේ රැකියාවෙන්
විශාම ගොස් අවුරැදු දහයක් පමණ ගොස් ඇතත්
සීයා ඉතා ආසාවෙන් කුඹුරැ වැඩ කළේය. උදේ කෑම ගත් පසුව කුඹුරට යන සීයා වල්
පැළ ගලවා ළියදිවලට වතුර පුරවන්නට වක්කඩවල් ඇර තබයි. සීයා පස්සෙන් යන මම ද
නියරවල්වල දුව පැන්නේ වසු පැටවෙකු මෙනි. අපේ වෙලේ කුඩා ජල උල්පත් දෙකක් විය. එම
උල්පත් මැදි කර පුවක් බට පොළව තුළට බස්සා තිබුණි. ඒවායේ ඉහළින් පිරිසිදු උල්පත්
ජලය උතුරා යන්නට විය. කුඹුරට වතුර සැපයෙන්නේ කුඹුර අසල වූ බිබුලෙනි. ඉසින ලද වී ටික පැළ වන තෙක් වී කුරැල්ලන්ගෙන්, කොබෙයියන්ගෙන්, ගිරවුන්ගෙන්, මොනරැන්ගෙන් බේරා ගැනීම පහසු නැත. ගොයම් පැසෙන කාළයත් වී ඉසින කාලය මෙන්
කාර්යබහුලය. කුඹුර අයිනේ කඩා වැටී තිබූ ඇට්ටෝනියා ගහක කොටයක වාඩි වී කොටය ඉහළටත් පහළටත්
පද්දමින් කුරැල්ලන් එලවීමට මා යන්නේ ඉතා කැමැත්තෙනි. නමුත් ඇතැම් විට කුරැල්ලන් ළගටම ගොස් එලවන තෙක් දුරින් සිට කොතෙක් කෑ ගැසුවත් අප්පුඩි ගැසුවත්
එලවන්නට බැරිය. එවිට නම් කුරeල්ලන් එලවීම කරදරකාරී
වැඩකි. කුඹුරට ඉහළින් වූ කැළයේ විශාල ඇසළ ගහක් විය. එහි ඇසළ ගහක් ඇති බව පෙනෙන්නේ මල්
පිපුණු කාළයට පමණි. හුළගට මල් ගසා ගෙන විත් කුඹුරේ එක ලියද්දක්
සම්පූර්ණයෙන්ම වසා ගනී. එම ඇසළ ගහත් කුඹුරට වැටී ඇති
ඇසළ මලුත් අදටත් මගේ සිත පබෝධවත් කරන්නට සමත් දසුනකි.
අපේ අත්තම්මා ටිකක් කේන්තිත ගන්නා තැනැත්තියකි. සීයා නම් එතරම් කේන්ති ගන්නේ නැත. ආත්තම්මා බත් උයා නිම කළ පසු පළමුව බෙදන්නේ
සීයාටය. ඉන්පසු ඇය සීයාගේ බත් පිගාන කෑම කාමරයේ වට්ටියෙන් වසා මටත් අත්තම්මිටත්
බත් බෙදයි. බොහෝ දවස්වලට මම සීයාට කියා බත් කවා ගනී. සීයා හොදට බත් අනා රසට කවන්නට දක්ෂය. දවල් කෑම ගැනීමෙන් පසු සීයාත් ආත්තම්මාත්
පුරැද්දක් ලෙස මද වේලාවක් නිදා ගනී. මම නිදා ගන්නට යන්නෙ සීයාගේ ඇදටයි. සීයා නින්ද යන තෙක් කියා දෙන කතා අහන්නට ඇති ආශාව ඊට හේතුවයි. සීයා
කියා දුන් බොහෝ කතා සීයා විසින් ගොතපු ඒවා බව මට වැටහුණේ පසු කාළයේදීය. සීයලයි ගෙදර මිදුලේ සුදු පැහැති වාඩි වීමට සකස් කළ ගලක් විය. සීයා
පත්තර බැලුවේත් කෑම රස වෙන්නට දමන කුරැදු පොතු සීරeවේත් එතන සිටය. කුරැදු කෝටුව සූරන අතරේ ගැළවෙන කුරැදු පොතු එකක් දෙකක් කටට
දමා ගන්නට මම ද එතන වාඩි වී බලා සිටියෙමි.
ආත්තම්මා ටිකක් සැර
තැනැත්තියක් බවට මා පැවසුවේ ආත්තම්මා මා කරන වැඩවලට බණින අවස්ථා ඕනෑ තරම් ඇති නිසා
වන්නට ඇත. අපේ ගමේ අවංක නම් මාලු කාරයෙක් සිටී. අදටද ඔහු මහලු වුවත් බයිසිකලයෙන්
ගොස් මාලු විකුණනු දකින්නට පුලුවනි. දවසක් අවංක මාලු මුදලාලි “මාලො මාලෝ” යි කියමින් යන
විට මම ද ගෙදර සිට “මාලො මාලෝ” යි ඒ තාලයටම කෑ ගසන්නට විය. එවිට මුදලාලි පාරේ සිටම “මාලු ගේන්නදෝ” යි අසන්නට විය.
ආත්තම්මා මට බනින්නට වූය් එවිටයි. මම වහා “මාලු එපෝ” යි කියා කෑ
ගසන්නට විය. අවංක මුදලාලි අදටත් “මාලො මාලෝ” යි කියමින් කෑ ගසන විට අතීතය චිතපටයක් සේ මගේ
මනසේ දිග හැරේ.
ආත්තම්මා සතුන්ට ආදරය කරeණාව දැක්වූ තැනැත්තියකි.
ගෙදරට කොහෙන්දෝ සිට පැමිණි බැළලියක් ආත්තම්මා කන්නට බොන්නට දී රැක බලා ගත්තේ
ඉතාමත් අදරයෙනි. එම බැළලිය නිදා ගන්නේ ද ආත්තම්මාගේ ඇද්මය. ආත්තම්මා මැහුම් ගෙතුම්වලට කැමති වාගේම ඒවාට දක්ෂයෙකි. තවද වගා
කටයුතුවලට ඇය කම්මැලි නැත. කෙසෙල් පැලවලට පිදුරැ දමන්නට,
හුලංකීරිය, දං දින්නල වාගේ අල වර්ග සිටු වීම ඇය අතින් සිදු විය.
මා කුඩා කාලයේ උදා වුණු සිංහල හා හින්දු අලුත් අවුරeදු උදාවන් හා බැදුණු සුමිහිරි මතකයන් රැසකි. ආත්තම්මා විසින් කැවිලි සෑදීමටම
ඉතුරැ කර ගන්නා ලද හාල් පිටිවලින් සාදන කැවිලි කන්නට තිබුණේ විශාල කෑදරකමකි.
කොකිස් ගෙඩියක් තාචිචියෙන් බාන සැනින්ම උණු උණුවේම අත පිච්චෙනවාට අල්ලෙන් අල්ලට
මාරැ කරමින් කර කර ගා කන්නට තිබුණේ පුදුමාකාර නොඉවසිලිමත්කමකි. අවුරැදු නිවාඩුවට සීයලයි ගෙදර එන ලොකු තාත්තලා ලොකු අම්මලා නැන්දා මාමා ගෙනෙන
තෑගිද කැවිලිද මා උද්යෝගයෙන් පුරවයි. නිතර මහගෙදර නොඑන ලොකු තාත්තලාගේ පැමිණීමේ
සතුට අපි කාටත් වඩා දැනුණේ ආත්තම්මාටය. ඈ අවුරැදු කාලයට
කඩියෙකු මෙන් කඩිසරය. සීයා ගමේ කාටදෝ කියා නෑ ගමන් යන විට ගෙන යන්නට උඩ බැලුම්
පෙට්ටියක්ම සාදවන්නේය. දිනක් මා ඉස්තෝප්පු කාමරයේ තිබූ කාඩ්බෝඩ් පෙට්ටියෙන් දෙකක්
ගෙන කෑවේ සීයාට අහු නොවෙන්නට හොරාටය. නමුත් පසුවදා සීයා “උඩ බැලුම් කෑව නේ හොරාට” යි ඇසූ විට මා
හොදමට බිය වුණි. හොරාට කාමරයට යන විට කවුරeත් පෙනෙන්නට
නොසිටි බව හොදට මතකය. මට සිතෙන පරිදි අනිවාර්යයෙන්ම සීයා උඩ බැලුම් ගණන් කර තිබෙන්නට ඇත. මගේ මූණ හොද නැති වෙන්නේ අවුරැද්දට ගනු දෙනු කරනා විටය. සීයා රැපියල් දහයේ
නෝට්ටුවකුත් ආත්තම්මා පහේ කාසියකුත් බුලත් කොලයක ඔතා වදින්නට ගිය විට දෙන්නේය. ඉහ
වහ ගිය සතුටින් බලන විට අයියාට මට වඩා මුදලක් දෙදෙනාම දී ඇත. එවිට මා සිතුවේ මට
වඩා අයියාට ආදරේ බවය.
ඊලගට උදා වන වෙසක් සමයේද
ඇත්තේ අතීත සැමරැම් ගොඩකි. ඒ දවසවල අද
වාගේ බල්බ්වැල් දමනවාට වඩා වෙසක් සමරන්නට කරනුයේ පහන් පත්තු කිරීමයි. කැනක් වැටුණු
කෙසෙල් ගසක් කපා කදේ පොතු කිහිපයක් ගලවා කිරි පැහැයට දිදුලන කෙසෙල් කොටයේ මැටි පහන
රැදවිය හැකිවන ලෙස රටාවකට ඉරටු දෙක බැගින් ගසනු ලැබේ. මිදුලේ සිටුවා ඇති කෙසෙල්
කොටයේ රටාවට දැල්වෙන පහන් ආලෝකයත් වෙසක් පොහොයේ බැබලෙන සද රැස් වැටුණු ? පරිසරයත් අදටද මතක් වන විට සියලු කරදර පීඩාවන් අමතක කරවන සිත නිවන නිසංසල
බවක් දනවන්නට සමත් වේ. අද වෙසක් පොහොයේ නිවාඩුවට ගෙදර යන මම සීයාගේත් ආත්තම්මාගේත්
දේහයන් මිහිදන් කළ වත්තේ උඩහ වූ සොහොන් දෙක ළගට ගොස් බකට් පහන් දල්වා නිවන් සුව
පතන්නෙමි.
සීයලයි ගෙදර පළතුරැ ගස්වලින් අඩුවක් නොවීය. මිදුලේ තිබූ පෙට්ටි අඔ ගහේ පැසුණු පෙට්ටි අඔ කඩා අයියාත්
මමත් ලුණුත් සමග කෑ හැටි මතක් වන විට දැනුදු කටට කෙළ උනයි. අද ඒ පෙට්ටි අඔ ගහේ එදා
වාගේ ගෙඩි හැදෙන්නේ නැත. ගහෙ පිළිල වර්ගයක් සෑදී තිබීම ඵලදාව අඩු වීමට හේතු වී ඇත.
රෝස පාට වූ පිනි ජම්බු මාගේ පියතම පලතුරයි. පිනි ජම්බු
ගෙඩි පමණක් නොව මල් ද ඇඹුල් රසින් යුක්තය. විශාල
ගහක් වූ ඩොන්කා ගහේ ගෙඩි හැදෙන කාලයට අපිට
කන්නට වෙන්නේ වදුරන් අතින් ගිලිහී බිමට වැටුණු ගෙඩිය. එහි මුදුනේ වූ ගෙඩි කැඩීම
ඉතා දුෂ්කර කාර්යයක් විය. එතරම් ඒ ගස උසය. කහ පාටට ඉදුණු ඩොන්කා ගෙඩිවල මද
මැංගුස්වලට වඩා රසවත්ය. වත්තේ දං ගස් දෙකක් තිබුණු අතර කට, දිව දම් පාට වනතුරe දං කන්නේ ආයෙත් දං කන්නට ලැබෙන්නේ නැති වාගේය. නිවස පිටුපස වූ විශාල
කොස් ගස ගමටම කොස් දීමට තරම් ගෙඩි හටගන්නා ගසකි. බොහෝ අය ඒ කොස් ගහෙන් ගෙඩි කඩා
ගෙන යාමට ද පැමිණේ. පෙළොස් කන්නට,
කොස් තම්බා කන්නට, කොස් ව්‍යංජන, කොස් මැල්ලුම් මේ ඕනෑම කෑමක් සෑදීමට මේ කොස් ගස පයෝජනවත් විය. අත්තම්මා කොස් ඉදී වැල ලෙස බිමට වැටුණු විගස ගොස් කොස් ඇට පන්නා එකතු කර
ගත්තාය. ඒවායින් ඈ කොස් ඇට කලුපොල් සෑදීමට දක්ෂයෙකි. තවද කොස් වාරය අවසන් වූ පසු
කෑමට වැලි කොස් ඇට දැමීමට ඈ සමත්ය.
සීයා ලොකු කුඩා ඕනෑම
තුවාලයකට බෙහෙත් දමා සුව කරන්නට ඉතා දක්ෂයෙකි. සීයලයි ගෙදර ඉස්තෝප්පුවේ බෙහෙත් දා
ගන්නට පැමිණි අයට වාඩි වෙන්නට දිග බංකුවක් තබා තිබුණි. අදටද වැඩිහිටි ඇත්තෝ “කංකානම් මහත්තයා නිසා මගේ කකුල හොද වුණා කංකානම් මහත්තයා නොහිටින්න මගේ
කකුල ඉවරයි” යනුවෙන් පවසනු අසන්නට හැක. නමුත් කුඩා තුවාලයක් වුවද සීයාගෙන් බෙහෙත්
දමන්නට මට තිබුණේ ලොකු බයකි.
කුඹුර අසල සීයාගේ තාත්තා එනම් මාගේ මී සීයා විසින් හාරන ලද පොකුණක් වැනි කුඩා
ළිදකි. එය ගමේ කවුරeත් හැදින්වූයේ පල්ලෙහා ළිද කියාය. එය වතුර උඩින්
ගලන ළිදකි. සෘජුකෝණාස වූ ළිදහි ළිං මිදුල ගල් අතුරා ගල් අතරින් වතුර බැස යන පරිදි සකස් කර තිබුණි. මොන
නියගය ආවත් ඒ ළිද් වතුර අඩුවන්නේ නැත. ගමේ
බොහෝ දෙනා නෑම සදහා පල්ලෙහා ළිදට ඒමට පුරැදුව සිටියහ. ළිද පිරිසිදු කිරීමට ඉහින
දවසට මා ළිද ළගින් මදකටවත් ඉවතට යන්නේ නැත. මන්ද ළිද් වතුර අඩුවන විට
හමුවන ළිද් සැබෑ උරැමක්කාරයන් වූ කනයන්, ආදන්, ඉබ්බන් අල්ලනු බලා සිටින්නට ඇති ආසාවයි. තාත්තා විසින් ඉතා පරස්සමින්
පනිට්ටුවට දමා ගන්නා ඉබ්බන්, මාලුන් බලා ගන්නේ මාය. පනිට්ටුවෙන් ගොඩ ඒමට දරන ඉබ්බන් දිහා බලා සිටීම මට
මහත් විනෝදයක් ගෙන දුන්නකි. මට අවුරැදු විස්සක් පමණ
වන තෙක් එහි විසූ මාලුන්, දිය නයි, ඉබ්බන් අද වන විට එකෙකුවත් සොයා ගන්නට නැත.
එනම් අද එම ළිද් වතුර සියල්ල හිදී ගොසිනි. අප කව්රැත් නෑමට රෙදි
සේදීමට භාවිතා කළ පල්ලෙහා ළිද පාලු ළිදක් බවට
පත්වනිනේ ඉතා කෙටි කාලයකිනි. අපේ වත්තට අල්ලපු වත්තේ ඉදිකළ දැවැන්ත හෝටලයට වතුර
ලබා ගන්නට නල ළිදක් කපා ඇති බව ආරංචිය.
එම නිසා ඒ අවට ඇති ළිංවල ජලය බලා සිටිද්දී අඩු වන්නට විය. ඉස්සර ගෙදරින් එළියට
බැස්ස විට හාත්පසම අදුරeය. ඒ අදුර තුළ පුංචි
පුංචි එළි ගොඩකි. කනාමැදිරියන් සැම තැනය. තරැ දිලෙන රෑ අහස ඇස් ඉදිරිපිට වැනිය. අද
කනාමැදිරියෙකු දකින්නට ඇත්තේ කලාතුරකිනි.
අද ආත්තම්මාද සීයාද ජීවතුන්
අතර නැත. කතන්දර ඉගෙන ගත් හොද නරක ඉගෙන ගත් අවිධිමත්
අධ්‍යාපනයක් ලැබූ මාගේ ළමා කාලය අදටද මා ගෙදර ගිය විට සීයලයි ගෙදරට ගොස් මතක්
කරන්නේ මහත් සොම්නසිනි. නමුත් ඉන්පසු ඇති වන්නේ විශාල දුකකි. තාත්තාගේ කුඩා විය,
තරeණ විය මෙන්ම මුණුබුරe මිනිබිරියන් වන අප
කාගේත් කුඩා විය ගෙවුණු ඒ මහගෙදර අද වන විට පාලුවට ගොස් ඇත. දිරාපත් වෙමින් ඇත. ඒ
අවට පරිසරය බොහෝ සේ වෙනස් වී ඇත. මතකයන් පමණක් ඉතිරි වී ඇත.
සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්ච්
niyamai
ReplyDeletethank uuuu
DeleteThis comment has been removed by the author.
ReplyDeletekeep it write
ReplyDeleteLassanai suwi
ReplyDeletethanks lucky
DeleteNostalgic! Great peace nangi, reminds me of my tender days.
ReplyDeleteKeep it up.
Ajit Alawatte
Hm seeyalai maha gedara,katawanm lassanai
ReplyDeletethanks dr
Deleteලස්සනයි නන්ගි..මටත් මතක් වුනා
ReplyDeletethank you
DeleteEka patta....👌👌👌
ReplyDeletethank you
ReplyDeleteඅතීත ආවර්ජනයක් ලස්සනට ලියල තියනව. උඩ බැලුං හොරාකෑම නං අහුවෙලා තියෙන්නෙ ගනන් කරපු නිසා නෙවි. උඩ බැලුං කන්න දන්නෙ නැති නිසා ඇඟේ හලා ගෙන ඉන්න ඇති ඒ වෙලාවෙ සියගෙ මූනෙ අමුතු හිනාවක් තිබුන නේද? මට ඒකනං මැවිල පේනවා
ReplyDeletesupiri... lassanai
ReplyDeleteLassana kathawak suvi
ReplyDeleteNicely written suwini.dont left the jaurnalisam .stay with us
ReplyDelete