මගේ නොවන…
පිනි සිදින ඉර
නගින හිමිදිරිය
අරින නෙතු
අලසින් පිරී යන
ඇසිල්ලේ
සිහියට නැගෙන නුඹෙ වුවන
පියුණු ඇස්
අස්සෙම මැවෙනා මන්දහාසය
පුළුලු උරහිස්
රැසක් මැද
එකක හිමි නෙතු
සොයා මා ගිය දුර.....
ඔබ නෙත මා නෙත
ගැටෙනා කළ
අකුණු කෙටුවේ
මසිතෙ පමණිද?
තුරැ ගොමුවෙ මල්
අතරෙ පෙම්වතුන් මැද
මැවුණි ඔබ මා
ළග රැදෙනා මොහොත
ඔබට නොකියූ
ලොවට සැගවූ මගේ පේමය
මටත් නෙදැනිම දැඩි
වුණා මගෙ හදවත තුළම
තැඹිලි පැහැ
සැදෑවේ ක්ෂිතිජය පෙනෙන
සිත නොමග යවනා
රතු පාට අහස යට
පා සතරක්
එබුණු සිනිදු වැල්ලේ රළ වෙලෙන
පෙණ කැටි මැද
ඉතිරි වුණෙ මගෙ පා යුගල
සද රෑක
සේපාලිකා මල් සුවදෙ
තරැ අහසෙ තරැ
ගැන්නෙ අපි දෙදෙන
ඔබ ගැන්න තරැ
ගණන අහන විට මම
කනාමැදිරියෙක්
විතරයි තනියට හිටියෙ ළග
කළු කරගත්
අහසින් වැහි පොද වැටෙන
සුළග විත්
අඹරවයි ගස් කොළ හැලෙන
වැහි පොද දෙබෑ කර නුඹ එන විට මවෙතට
මිතුරියක්
කෑගැහුවා උඹට පිස්සුද තෙමෙන්න
දිනක් මා ළග
රැදි ඒ රැව
අල්ලා ගෙන
සුන්දර ලදකගේ සියුමැලි දෑත
කම් නෑ ලදේ මට.....
පෙර මෙන්
හෙටත් සිටිය හැකි ඔබෙ සොදුර ළග
සුවිනි
ඉන්දීවරී හෙට්ටිආරචිචි
Ooooo... Niyamai Suvi...
ReplyDeletelassanai suvi...
ReplyDeleteLassanai suwi
ReplyDelete