Monday, October 1, 2018

ඔබ සිරැරේ ගල්වන සබන් ඔබට ගැලපෙනවාද?



අප ඇගෙහි ගැල්වීම සදහා සබන් තෝරා ගැනීමේදී සැලකිලිමත් වන්නේ වෙළද නාමය හා සුවද කෙරෙහි පමණි. නමුත් වඩන හා ඇග ගල්වන සබන් මිලදී ගැනීමේදී එහි සුවද, වෙළද නාමය, පෙන නැගීමේ ස්වභාවය හා පවිත්ර කිරීමේ හැකියාව පිළිබද පමණක්ම සැලකිලිමත්වීම ප්රමාණවත් නොවේ. මන්ද පාලංකාර නිෂ්පාදන අතුරෙන් සබන්වලට %ධාන ස්ථානයක් හිමිවන බැවින් සබන් තෝරා ගැනීමේදී එම සබන් වර්ගය සමට ගැළපේද යන්න විමසීම වැදගත් වේ. නිවැරදි සබන් වර්ගයට පිරිසිදු කිරීමට අමතරව, සම නිරෝගී කිරීමේ හැකියාවද තිබේ. එසේ නොකළහොත් දීර්ඝකාලීනව භාවිතා කිරීමෙන් එම සබන් විශේෂය සමට හානි සිදු කරනු ඇත.
සබන්වල සොයා ගැනීම
අහඹු පතිඵලයක් ලෙසින් මුල්වරට සබන් සොයා ගනු ලැබුවේ කි. පූ 600 දී පමණ පිනීක්වරeන් විසිනි. එනම් එම වැසියෙකු පූජා අල්තාරයකට ජලය දමා එය තදින් අතුල්ලා සෝදද්දී එහි පෙන නැගුණු අතර කදිමට පවිත්ර වීමක්ද සිදු විය. එයට අනුව ලොව ප්රථම ඝන සබන් නිපදවූයේ දෙවියන්ට පූජා කරන ලද එලුවන්ගේ මුදවන ලද මේදය, ගින්නෙන් දවන ලද පොටෑසියම් කාබනේට් අලු හා ජලය එක් කිරීමෙනි. ප්රථම e වඩන සබන් නිපදවූයේ 1878 දී පාර්ලි pocter හා ඔහුගේ ඥාති සොයුරෙකු වූ ජේම්ස් ගැම්බල් විසින් වන අතර ඔවුන් එය නම් කළේ අයිවර් යනුවෙනි.
සබන්වල අන්තර්ගතය
සාමාන්‍ය‍ෙයන් සබන්වල ඇතුලත් මූලික අමුදව්‍ය වන්නේ සත්ව හා එලවලු මේදය, සෝඩියම් හයිf%dක්සයිඩ් හා සෝඩා වැනි කුණු ඉවත් කරන ව්‍යයන් වේ. මෙහිදී තෙතමනය ලබා දීමට අන්තර්ගත කරන අමුදව්‍යයන් අතර, ග්ලිසරින්, එලවලු මේදය හෝ ලැතෝලින් ඇති අතර එමගින් සමේ වියලි බව ඉවත් කරයි. ස්වභාවික යහගුණය හා  කාබනික ව්‍යයන් ඇතුළත් සබන්වල සෙසු සබන්වලට වඩා සම මෘදු කිරීමේ ස්වභාවයක් ගනී. එයට ඇතුලත් විය යුත්තේ ශාක සාර වුවද, තවමත් විවිධ රසායනිකයන් ඇතුලත් කරනු ලබයි. එහෙයින් සැමවිටම සබන් මිලදී ගැනීමේදී එහි අඩංගු ව්‍ය සදහන්ව තිබේදැයි බැලීම වටී. එයට අමතරව ස්වභාවික යහගුණය පදනම් කරගත් සබන්වල විටමින් හා කෝමාරිකා පොදු අමුදව්‍යයන් වන අතර එයට මිල අධික වයක් වන කැපේන්, බටර්, කොකෝවා බටර්, එලුකිරි, මිදි යුෂ තෙල්, පැස්බරe තෙල්, මල්වලින් ලබාගත් සාරය, දිලීර සාරය හා මළ මුහුදෙහි මඩද ඇතුලත් වේ.
සබන් පෙන නැගීම
වෙළදපොලෙන් මිලදී ගන්නා සාමාන්‍ය සබන් වර්ගවල ඇත්තේ සුවද හා ඕනෑම ජලයක් හමුවේ පෙන නැගීමට අවශ්‍ය අමුදව්‍යයන්ය. සාමාන්‍යfයන් දිය නෑමකින් පසුව සම වියලි ස්වභාවයක් ගැනීම හෝ ඇදුනු ස්වභාවයකට පත්වේ. නමුත් එයට හේතු වන්නේ සමෙහි තෙතමනය එමගින් ඉවත් කර අධික වියලි තත්වයක් නිර්මාණ කිරීමටය. එහි තිඵලය වන්නේ සම රැලි වැටීම වියපත් වීම හා වියලි ස්වභාවයකට පත්වීමය. සාමාන්‍ය‍ෙයන් සබන් භාවිතා කර සේදීමකින් පසුව විනාඩි 20 ට පසුව සම සාමාන්‍ය තත්වයකට පත්වීම අවශ්‍යවන අතර, එසේ නොවුනොත් එම සබන් සමට නොගැලපේ.
චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරeන්ගේ මතයට අනුව සබන් යනු දෛනික සම පිරිසිදු කිරීමේ කියාවලියට අවශය වූවක් මිසක, සුවදවත් කිරීමක් සදහා අවශය වූවක් නොවේ. එහෙයින් එය පාලංකාර ව්‍යකට වඩා සම නිරෝගී කර වන්නකි. එහෙයින් මුහුනෙහි තවරන සබන්වල මුහුණට ගැලපෙන තෙතමනයක් රදවා ගැනීමේ හැකියාව තිබිය යුතුය. එවිට සම රැලි වැටීමෙන් වලකී. සමාන්‍යයෙන් e වඩන සබන් අතර, ස්වාභාවිකව්‍ය හා ආයුර්වේද ව්‍ය, කාබනික ව්‍ය, ග්ලිසරින් හා විවිධ අමුදව්‍යයන්ද අඩංගුවීමට හැකිය.
සබන් හා බොඩි වොෂ්
සබන් හා බොඩි වොෂ් අතර ඇති වෙනස වන්නේ බොඩි වොෂ් අලුත් සංකල්පයක් වීම හා එහි පෙන ගැන්වීම පහසු වීමය. නමුත් චර්ම රෝග විශේෂඥයන් පවසන අන්දමට සමහර බොඩි වොෂ්වලට රෙදි සෝදන කුඩු ඇතුලත්ව තිබේ. එසේ වුවොත් එය සම වියලීමට හේතු වේ.
විශේෂඥ මතය
සබන් පිළිබද වන විශේෂඥ මතයට අනුව සබන් වේගයෙන් සම වියලන අතර එය ඉක්මනින් සම වියපත් කරවයි. එහෙයින් සැමවිට භාවිත කළ යුත්තේ සමෙහි තෙතමනය ඇති කරවන සබන්ය. එයට අමතරව , මුහුණ සේදීමේදී face wash භාවිත කිරීම අවශ්‍ය වේ. තවද බොහෝ වියලි, වියපත් හා බොහෝ සංවේදී සමකට සුදුසු වන්නේ සබන් අඩංගු නොවන පිරිසිදු කිරීමේ දියරයකින් පිරිසිදු කිරීමය. ඒවායේ කිසිදු මේදයක් අඩංගු නොවේ. එම සබන් නොවන සේදීම් දියරයන්හට සමෙහි පැවතිය යුතු ජල පරිමාව ආරක්ෂා කළ හැකිය. සමේ සාමාන්‍ය‍ෙයන් පැවතිය යුතු ජල පරිමාව වන්නේ PH 5.5 - 6.5 අතර %මාණයකි. තවද , බොහෝ සංවේදී හා වියලි සමකට සුවදින් තොර සබන් භාවිතය විශේෂඥයින් අනුමත කරයි. මන්ද සුවද කාරක සමග සමෙහි අසාත්මික තත්වයක් ඇති කිරීමට හැකිය. ලබන සතියේ නිසි වයසට පෙර සම වියපත් වීමට බලපාන හේතු විමසා බලමු.
 
උපදෙස් - රEපලාවන්‍ය උපදේශිකා නන්දනී සෙනරත්
සංස්කෘතික මධ්‍යස්ථානය
කැලණිය විශ්වවිද්‍යාලය


සැකසුම - සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි
 

Saturday, August 11, 2018

ළමා විය උදුරා නොගනිමු



ළමා විය නම් අති සුන්දර වූවකි. අප කාගේත් රස මතක රැසක් රැදි කාල සීමාවකි. නමුත් සෑම අයෙකුගේම ළමා විය සුන්දර නොවිය හැක. එය ඔහුගේ හෝ ඇයගේ මහත් අභාග්‍යයක් විය හැකිය. එනම් සුන්දර ළමා වියක් හිමි දරeවා අනාගතයේ යහපත් පුරවැසියෙකු වනු ඇත. එබැවින් අනාගත යහපත් පුරවැසියන් නිර්මාණය වෙනුවෙන් වත්මන් ළමා පරපුර ආරක්ෂා කර ගත යුතුය. ළමයා පමණක් නොව ළමා විය රැක ගත යුතුය. රටක අනාගතය වත්මන් ළමා පරපුරයි. මෙය අප කව්රeත් දන්නා කාරණයකි. නමුදු ඉතා ඉක්මනින් අමතක කරන්නකි. නැතිනම් ලෝක ළමා දිනයට පමණක් මතක් කර ගන්නකි.
අපගේ අම්මලා තාත්තලාගේ ළමා කාලයට වඩා අපේ ළමා කාලය වෙනස්ය. අපේ ළමා කාලයට වඩා වත්මන් ළමා පරපුරේ ළමා විය වෙනස්ය. එන්න එන්නම ළමා විය කෙටි වෙමින් පවතී. ළමයා ඉතා ඉක්මනින් වැඩිහිටියෙකු බවට පත්වනු දැක ගත හැකිය. අප කුඩා කළ අත් නොවිදි නවීන තාක්ෂණය, ජන මාධ්‍ය සමග වත්මන් ළමා පරපුර ලොකු මහත් වේ. ඒ මගින් බොහෝ සෙයින් වැඩිහිටි මානසිකත්වයක් ළමයා තුළ ඇති වීම සිදුවේ. ළමා මනසට දැරිය නොහැකි දේ දකින්නට අසන්නට විදින්නට දරeවාට සිදුවේ.
ළමයා අවට පරිසරය තුළින් ඉගෙන ගනිමින් සිටින්නෙකි. ඔවුන් බොහෝ දේ ඉගෙන ගැනීමේ කුතුහලයෙන් පසුවන පිරිසකි. මේ කුතුහලය ආත්මාර්ථකාමී වැඩිහිටියන් තම පටු අරමුණු උදෙසා භාවිතා කිරීම මුළු රටටම අභාග්‍යයකි. කුඩා දරeවන් ඉගෙන ගන්නේ වැඩිහිටියන්ගෙනි. ඔවුන් තම සමීපතම වැඩිහිටියන් අනුගමනය , අනුකරණය කරනු ඇත. එබැවින් දරeවන් ඉදිරියේ වැඩිහිටියන් හැසිරෙන ආකාරය කතා කරන වචන යහපත් විය යුතුය. අයහපත් හැසිරීම, නරක වචන කතා කිරීම දරejන්ගේ වරදක් නොව වැඩිහිටියන්ගේම වරදකි. දරeවන්ට ඒ වෙනුවෙන් දඩුවම් දී බැන වැදී ඔවුන් අපහසුතාවට ලක් කිරීම මහත් අපරාධයකි.
දරeවන් මල් වැනිය. ළමා සිත්වලට දුක, වේදනාව, සතුට දරා ගැනීමේ ගැනීමේ ශක්තිය අඩුය. එබැවින් සෑම කුඩා හැගීමකටම ඔවුන් හඩන්නට විවිධ පති%කියා දක්වන්නට වෙයි. දරeවාගේ ස්වභාවය වැඩිහිටියන් හදුනා ගැනීම අත්‍යවශ්‍යය. කුඩා දරeවන් තමන්ව අගයනවාට වර්ණනා කරනවාට ඉතා කැමතිය. එලෙසම බැන වදිනවාට ලැජ්ජාවට පත්වන්නට අකමැතිය. එම අපහසුතාවන්ට පත් කිරීම් ඔවුන්ට දරා ගත නොහැකි විය හැක. එවන් අවස්ථාවල මාධ්‍යවලින් අත් දකින දේ හා දෙමාපියන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් අහිතකර දේ පිළිබද දැනුවත් වන දරeවා අයහපත් කි%යාවන්ට පෙළඹීමක් විය හැක. එවන් අවස්ථා උදා වූ පසු දුක් වනවාට වඩා හැකි තරම් දරeවාට සමීපව ඔවුන්ගේ සිතැගියාවන් හදුනාගෙන ආදරය සෙනෙහස දැක්වීමෙන් දරeවා රැක බලා ගැනීම කළ යුතුය.
වැඩිහිටියන් මුහුණ දෙන ගැටලු හමුවේ දරeවන්ටද විවිධ අපහසුතාවන්ට ලක් වන්නට සිදුවේ. බොහෝ දෙමාපියන් තමන්ට ඇති වන තරහව, මානසික පීඩනයන් දරeවන් වෙත මුදා හරී. තම දරeවාට වුව අසීමිත ලෙස පහර දෙන ආකාරය, බැන වදින ආකාරය අසන්නට දකින්නට ලැබීම අවාසනාවකි. මවගේ, පියාගේ, ගුරeවරයාගේ හෝ සමීප වැඩිහිටියෙකුගේ ගැටලු හමුවේ අසරණ වන, ජීවිතය පවා අහිමි වන දරeවන් මෙරට තුළ බහුල වේ. දෙමාපියන්ගේ අනියම් සබදතා, දික්කසාදවීම් හමුවේ බොහෝ දරeවන් කායිකවත් මානසිකවත් නිරන්තර පීඩා විදිති. ඇතැම් විට එම පීඩා කියන්නට කෙනෙක් හෝ අසන්නට කෙනෙක් හෝ නැති දරeවෝ වෙති. ඇතැම් දෙමාපියන්ට තම අවිවේකී කාර්යබහුල ජීවිතය හමුවේ තම දරeවා පිළිබද සොයා බලන්නට ලැබෙන කාලය අවම වේ. දරeවන්ට ඉතා සැප පහසු ජීවිතයක් හෝ ඔවුන් ආස කරන කෑම බීම, සෙල්ලම් බඩු ලබා දීම පමණක් දරeවන්ට ආදරය කිරීම ලෙස සිතීම වැරදිය. ඔවුන්ට වඩාත් වැදගත් වන්නේ දෙමාපියන් තමන් වෙනුවෙන් වෙන් කරන කාලයයි. මවත් පියත් දරeවා ළග රැදී ආදරය සෙනෙහස දැක්වීම අවධානය ලබා දීම ඔවුන් අපේක්ෂා කරයි. කාර්යබහුල ජීවන රටාව තුළ කාලය සීමිත වුවත් තම දරeවන් වෙනුවෙන් කැප වන්නට කාලය සොයා ගැනීම යහපත් දරeවෙකු තනන්නට අත්‍යවශ්‍යයම වන්නකි. 
ළමයා යනු කව්රeන්ද යන වග හදුනාගෙන ළමා පරපුර අනාගත ලොව තනන පිරිස බව මතකයේ තබා ගෙන වැඩිහිටි ඔබ කටයුතු කළ යුතුය. දරeවෙක් බිහි කළ පමණින් මවෙකු පියෙකු විය නොහැක. දරeවා යහපත් ළමයෙකු කිරීමේ වගකීමද මටට පියාට මෙන්ම සියලු වැඩිහිටියන් සතු වගකීමකි. දරeවෙකුට අසාධාරණයක් වන සෑම අවස්ථාවකම පසු නොබැස දරeවා වෙනුවෙන් කතා කරන්නට ඉදිරිපත් වන්නට නොපසුබට විය යුතුය. සුන්දර ළමා පරපුරක් නිර්මාණය කරන්නට වැඩිහිටි සැමගේ දායකත්වය අවැසි වේ. යහපත් අනාගතයක් තනන්නට එය ආයෝජනයක් වනු ඇත. ළමා විය උපරිම ලෙස ගත කිරීමේ අවස්ථාව ළමයාට උදා කරදිය යුතුය. එය වැඩිහිටි සැමගේ යුතුකමක් නොව වගකීමක් වනු ඇත.
                       
                                        සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි
                                                           

Friday, August 10, 2018

ඇවිත් යන අවුරැද්ද




ආත්තම්මලා සීයලා මුණුබුමිනිබිරියන් වැඩියෙන් සමීප වෙන්නේ අලුත් අවුරැදු කාලෙට. මුණුබුරැ මිනිබිරියන්ට දෙන්න තෑගි ගන්නෙ කැවිලි හදන්නෙ අවුරeදු චාරිත% වාරිත% කියා දෙන්නෙ සීයල ආත්තම්මල. ඒ කාළෙ මෙතෝදිස්ත කිතුනු ඉස්කෝලෙන් පාසල් හැර යාමේ විභාගය පාස් වෙලා හිටපු සීයා රස්සාවට කළේ ඉස්පිරිතාලෙ උපස්ථායක රැකියාව. සීයා හරි ආසාවෙන් රේඩියෝ එක ඇහුව. අවුරeදු දවසවලට අද වගේම ඇහුන සිංදු කීපයක්ම තිබුණ.
බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද ඉද්ද පනා මල් කැන් පිපිලා
සද්දෙ මොකෝ අවුරැද්ද ඇවිල්ලද නැද්ද කනෙයියනි රොන් හැදිලා....

දොඩම් කපාලා ඇඹුල් තනාලා
නාන්න යන හැටි බලන් කලූ....
රේඩියෝ එකේ මේ සිංදු ඇහිල ඉවර උනාම සීයත් ඒ සිංදු කිව්ව. දැන් තමයි මට තේරෙන්නෙ සීය එදා ගායනා කළේ ඒ සිංදු පද වරද්ද වරද්ද බව. ඒත් ඒ සිංදුවල තාලය නම් හරියටම හරි. ඒ වගේම සීයා තමයි මට මුලින්ම කතන්දර කියල දුන්නෙත් රබන් පද කියල දුන්නෙත්.
කැත්තත් අරගෙන වත්තට යනකොට
පෙත්තෙක් ඉදගෙන කජු කනවා....

වගේ මට මතකයි අවුරeදු කුමාරයෙක් ගැනත් එයා අපේ ගෙදරට එනව කියලත් දිග කතාවක් කිව්ව. සීයා කියල දෙන කතාවලින් ගොඩක් සීයම ගොතපු ඒවා බව තේරeණෙ මට ටික කාලයක් ගියාම. අපේ%ල් මාසෙ පටන් ගන්න කොටම සීයා මිදුලෙ තිබුණු අඹ ගහේ ඔංචිල්ලාවක් බැදල දෙනව. අවුරeදු මාසෙ මම දවසින් වැඩි වෙලාවක් ගෙවන්නෙ ඔංචිල්ලාව පදින්න. ආත්තම්මා කෑ ගහද්දි මං බත් කන්නෙත් ඔංචිල්ලාවට වෙලා. ආත්තම්මත් සීයත් එක්ක සමරපු අලුත් අවුරeදු හැම එකක්ම මට ගෙනාවෙ අලුත් අත්දැකීම්. ඒ වගේම කියා ගන්න බැරි සතුටක්. ඒත් එයාල හැමදාම අපිත් එක්ක ඉන්නෙ නෑ. ඒ වගේම හිටියෙත් නෑ.
මා කුඩා කාලයේ උදා වුණු සිංහල හා හින්දු අලුත් අවුරeදු උදාවන් හා බැදුණු සුමිහිරි මතකයන් රැසකි. අවුරeද්දට ආත්තම්මාට තමයි වැඩ වැඩිම. අවුරeදු නිවාඩුවට ලොකු තාත්තල, ලොකු අම්මල, නැන්දල, මාමල හැමෝම මහගෙදර එන නිසා ගේ අස් පස් කරනව. මකුලු දැල් කඩනව. ගෙවල් හෝදනව. කැවිලි හදනව. ආත්තම්මා කඩියෙක් වගේ කඩිසර වෙලා. කැවුම් හදන හැටි බලන් ඉන්න තමයි මං ආසම. තෙල් තාච්චියට ඒද ගත්ත පිටි හැන්දක් වක් කරල ඉරට්ට ඒක මැදින් තියල වටේ තියන තෙල් හැන්දෙන් මැදට දාන කොට තෙල් බුබුළු මතු වෙන හැටි බලන් ඉන්න ලස්සනයි. ඒ වගේම තමයි ඉවසගන්න බැරි කැවුම් සුව|. මම ඉතිං පොඩි බංකුවක් ලිප ලගින්ම තියාගෙන ලිපට කොලපු, පොල් කොළ දානව. සමහර වෙලාවට ඔය ඇති ළමයො ඔච්චර දාන්න එපාකියල ආත්තම්මා සැර වෙනව. ඒ අතරෙදි තෙල් බේරෙන්න කිරි ගොට්ටට දාන කැවුමක් උනු උනුවෙම, අත්තම්මෙ මං එකක් කන්නද?කියල ඉවසන් ඉන්න බැරිම තැන ඇහුවම හා එකක් කන්න ආයෙ අහන්න එපා හදල ඉවර වෙනකං. කියල ආත්තම්ම කියන්නෙ දන්නව එකක් ඉවර වෙනකොට තව එකක් ඉල්ලනව කියල. උනු උනුවෙම අරගෙන අත පිච්චෙන නිසා අල්ලෙන් අල්ලට මාරe කර කර කැවුම් ගෙඩියට පිඹ පිඹ කට පිච්චි පිච්චි කාපු කැවුම්වල රස මතක් වෙද්දි දැනුත් කටට කෙළ උනනව. ආයෙ ඉතිං ලස්සනට හැදිච්ච කැවුම් කන්න හම්බ වෙන්නෙ නෑ. හොදට ලස්සනට හැදිච්ච කැවුම් ආත්තම්මා හංගල තියනව. අවසානෙට හදන ඇද වෙච්ච කැවුම් තමයි අපිට කන්න දෙන්නෙ. අවුරeදු දවස වෙනකං.
කැවුම් හදන අතරෙ ආත්තම්මා කැවුම් හදන්න ඉගෙන ගත්ත හැටි, ඒ වගේම කැවුම් හදන්න හාල් පිටි එකතු කළ හැටිත් කියනව. මං කරන්නෙ සීයට හාල් ඉවර වෙන්න කලින් ඒ කියන්නෙ ටිකක් තියා ගෙන හාල් ඉවරයි කියනව. ඊට පස්සෙ අර ඉතුරe කර ගත්ත හාල් හෝදල කොටල පිටි හදාගෙන තමයි කැවිලි හදන්නෙ. මමත් ඒ කාලෙ පුංචි කමට හිටියට හරි කටකාරයි. එතකොට ආත්තම්මෙ ඒවට ගුල්ලො ගහනවනෙ. අනේ ළමයො, පණ්ඩිතකං දොඩවනවනෙ. එච්චර පරණ වෙනකං තියා ගන්නෙ නෑ. මං පොඩි කාළෙ හරි පණ්ඩිතයිලු. ඒ කියන්නෙ කටට එන හැම ‍දේම ඕන තැනකදි ඕන වෙලාවකදි කියල දානව. ඒ වගේම හැම වෙලාවෙම කියවනව. ඒ නිසා ආත්තම්ම මට කිව්වෙ දෙමලිච්චන් මල්ල පොළවෙ ගහල වගේ කියල.
සීයා ගමේ කාටදෝ කියා නෑ ගමන් යන විට ගෙනි යන්න උඩ බැලුම් පෙට්ටියක්ම හදවනව. මට මතකයි සීයා මට එකක් කන්න දුන්නත් ඒකෙ රසට තව එකක් කන්න හිතුණ. ඉතිං මම සීයා පේන්න නැති වෙලාවක ඉස්තෝප්පු කාමරයේ මේසය උඩ තිබූ කාඩ්බෝඩ් පෙට්ටියෙන් උඩ බැලුමක් අරගෙන කෑවේ සීයාට අහු නොවෙන්න හොරාට. නමුත් පyqවදා සීයා උඩ බැලුමක් කෑව නේ යි ඇසූ විට මට දාඩිය දැම්ම. දාඩිය දැම්මෙ බයටද ලැජ්ජාවටද කියල හිතා ගන්න බෑ. සීයා කොහොමද දැන ගත්තෙ මං එකක් අරන් කෑව කියල. මට හොදටම විශ්වාසයි  හොරාට කාමරයට යන කොට කවුරeවත් දැක්කෙ නෑ කියල. පස්සෙ කාළෙක  මට හිතුන අනිවාර්යයෙන්ම සීයා උඩ බැලුම් ගණන් කරල තියන්න ඇත්තෙ කියල.
මගේ මූණ හොද නැති වෙන්නේ අවුරeද්දට ගනු දෙනු කරනා විටය. සීයා රeපියල් දහයේ නෝට්ටුවකුත් ආත්තම්මා පහේ කාසියකුත් බුලත් කොලයක ඔතා වදින්නට ගිය විට දෙන්නේය. ඉහ වහ ගිය සතුටින් වැද බලන විට අයියාට මට වඩා මුදලක් දෙදෙනාම දී ඇත. එවිට මා සිතුවේ මට වඩා අයියාට ආදරේ බවය.  මම ඒ කාලයේ සිතා සිටියේ වයසින් වැඩි අයට වැඩි මුදලක් ද වයසින් අඩු අයට අඩු මුදලක්ද දිය යුතුයි කියාය. නමුත් ආත්තම්මා මට අවුරeද්දට අනිවාර්යයෙන්ම ගවුමක් මසා දුන්නාය. අවුරeද්දට නෑ දෑ ගෙවල්වල නෑගම් යන විට මා ඇදගෙන යන්නේ ඒ ගවුමය.
            අලුත් අවුරeද්දට අපට සුන්දර මතකයන් ගෙනාව සීයා  අලුත් අවුරeaදකම අපට දුක්බර මතකයකුත් ඉතිරි කළේය. සියා නැතිවෙන කොට සීයට අවුරeදු අනූ පහකි. තමන්ගෙ වැඩ තනියම කර ගනිමින් නිරෝගීව සිටි සීයා වයස නිසාම ටිකෙන් ටික දුර්වල වන්නට විය. ඇවිදින්න අපහසු වුණු සීයා ඇදටම විය. අපේ%ල් මාසෙ අවුරeද්ද ළං වෙන්න වෙන්න සීයගෙ දුර්වල වීමත් වැඩි වෙන්න පටන් ගැණුනි. ටිකෙන් ටික සීයා අපිත් එක්ක කතා කරන එකත් සීමා විය. වෙනද වගේම බක් මාසෙ කොහා කෑගැහුවත් උගේ සද්දෙ අපිට ඈතින් ඇහුණෙ. කජු ගස්වල කජු පුහුලන් එකක්වත් අපිට කන්නට බැරි විය. වෙන අවුරeදුවල වගේ කජු නාඹර කඩල කජු මද තෙල් දාල හදන සම්බෝලෙ හැදුවෙ නැත. කාටවත් කජු වාරෙ ගැන කිසිම උනන්දුවක් නොතිබුණි. ඒ හේතුවෙන් දඩු ලේනුන් උපරිම %යෝ ගන්නා ආකාරය දැක ගන්නට හැකි විය. තෙල් තාච්චියක් ලිපේ තිබ්බේම නැත. අඹ ගස්වල අඹ හැදිල තිබුණත් ඒවා ඉදිල බිම වැටිල පොළවටම පස් වුණි.
            වසන්ත කාලය වුණත් බකමූණෙක් අවුරද්ද ළං වෙද්දි මිදුලටම ඇවිත් කෑ ගැහුවා. නෑදෑයො ආවෙ අවුරැදු ගමන් නෙවෙයි. ඉතාමත් ශෝකයෙන් සීයා බලල යන්න. සීයගෙ අවසාන දවස් ටික ගෙවෙන්නෙ කියල හැමෝටම තේරිල තිබුණෙ. කරන්න කිසිම දෙයක් ඉතුරe වෙලා තිබුණෙ නෑ. සීයව තවත් දවසක් හරි ජීවත් කරවන්න දොස්තර මහත්තය ගෙදරට එක්කගෙන ඇවිත් සේලයින් දෙන එක විතරයි කරන්න තිබුණෙ. තාත්තල, ලොකු තාත්තල, නැන්දල, මාමල රෑ තිස්සෙ නිදි මැරe. ගෙදර හැමෝම දුකෙන් වෙහෙස මහන්සියෙන් හිටියෙ.
            කොහොම හරි සීයා අපේ%ල් දහතුන් වෙනිදාත් පහු වෙනකම් අපිත් එක්ක හිටිය.  ඒත් දාහතර වෙනිදා රාති%යෙ සීයගෙ හුස්ම සදහටම නැවතුනා. ඒ ආරංචිය ඇහෙද්දි මගේ ඇස්වලට කදුළු පිරe. ජීවිතයෙ පළවෙනි වතාවට තමයි මට මගේ සමීපතමයෙක්ගේ වෙන්වීමක් දරා ගන්න සිද්ධ වුනේ. පි%යයන්ගෙන් වෙන් වීම කොච්චර දුකක්ද කියල සීයා තමයි මට මුලින්ම කියල දුන්නෙ. නමුත් ඒ දුක දරා ගන්න පුංචි මට හැකියාවක් තිබුණෙ නෑ. ඒ නිසා මං ඉකි ගගහ ඇඩුව. සීයගෙ නිසල සිරe තැන්පත් කරල තිබුණ පෙට්ටිය භූමදානය කරන්න වත්ත පහළට ගෙනි යන කොට වැට අස්සෙන් පිපිල තිබුණු එරබදු මලක් එබිල බලන් ඉන්නව මට මතකයි. අදටත් අවුරeදු ළං වෙද්දි වැට දිගට එරබදු මල් පිපිල තියනව දකින කොට සීයගෙ අවමගුල් පෙරහැර මට ඉදිරියෙන් සෙමින් ගමන් කරනව මැවිල පේනව. පාර දෙපස අවුරeදු කාළෙට පිපෙන ගොඩමානෙල් මල් එදා හැනදෑවෙ පර වෙලා තිබුණෙ අපිත් එක්ක දුක බෙදා ගන්නව වගේ. අදටත් පාර දෙපැත්තෙ ගොඩමානෙල් මල් පිපිල පර වෙලා කියනව දකින කොට එදා දුකින් පිරිල තිබුණු මූණු ගොඩක් මට මතක් වෙනව.
                                                                       
                                                                        සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි
                                                                       

Thursday, August 2, 2018

කළණ මිතුරු වෙයි සුමිතුරු


    මිතුරා යනු අපගේ දුක සැප දෙකෙහිදිම අප ළග සිටින අප හැරදා නොයන පුද්ගලයාය. බුදුරජාණන් වහන්සේද මිතුරන් පිළිබඳව ඔවුන්ගේ කි‍්‍රයාකලාපය අනුව වර්ග කර ඇත. අපගේ ජීවිත කාලය තුළ පළමුව හමුවන මිතුරන් දෙදෙනා වන්නේ අම්මා සහ තාත්තාය. 
    මිතුරා යන්න සගයා, මිත‍්‍රයා, යාළුවා, සකි, සබඳ, සහචරයා, හිතෛෂියා යන සමානාර්ථ පදවලින්ද හඳුන්වනු ලබයි. මිතුරෙකු ඇති කර ගැනීමට අපගේ කාය භාෂාවේ සිනහව උපකාරී වේ. සිනහවීමෙන් පසු ඇතිවන කතා බස් කිරීමෙන් පසු එම තැනැත්තා මිතුරෙකු වේ. වර්තමාන තාක්ෂණය සමගින් මිතුරන් ඇති කර ගැනීම වඩා පහසු කාර්යයක් වී ඇත. විශේෂයෙන් සමාජ ජාල මාධ්‍යයක්වන face book මගින් මිතුරන් රැසක් හඳුනා ගැනීමේ අවස්ථාව ලැබේ. අතීතයේ දුරු රටක සිටින පුද්ගලයෙකු මිතුරෙකු කර ගැනීමට අවස්ථාව ලැබුණේ ලිපි හුවමාරුව මගිනිx එම මිතුරන් හැඳින්වූයේ පෑනෙ මිතුරන් ලෙසිනිx නමුත් අපට විවිධාකාර ලෙස හමුවන සියලූ මිතුරන් සැබෑ මිතුරන්ද යන්න ගැටලූවකි. සැබෑ මිතුරා හඳුනා ගැනීමට කාලය, සමීප ඇසුර, චර්යාව, ප‍්‍රතිපත්ති ඇතුළු නිර්ණායක රැසක් උදව් වේ. අවශ්‍ය වේ.
    අප සැමටම මිතුරන් මෙන් පෙනී සිටින හතුරන් හමුවිය හැකිය. ඒ මිත‍්‍රප‍්‍රතිරූපකයන්ය. එබැවින් සැබෑ මිතුරා කව්රුන්ද යන්න හඳුනාගෙන අවබෝධ කරගෙන ආශ‍්‍රය කිරීම කළ යුතුය. අප ළග සිටින විට අපව වර්ණනා කරන අප නැති තැන වැරදි කියන මිතුරන් මෙන් පෙනී සිටින්නන් බොහෝය. තම වාසියට තම මිතුරා වුව පාවා දෙන්නා හඳුනාගත යුතුමය. මෙවැනි නාමික මිතුරන් අතරේ සැබැවින්ම උදව් කරන කල්‍යාණ මිත‍්‍රයෝද වෙති. මිතුරෙකුට ඇතිවන ප‍්‍රශ්නයක් තමාගේ බවට පත්කර ගෙන මිතුරා වෙනුවෙන් තම කාලය, ශ‍්‍රමය, මුදල් වැය කරන මිතුරන්ගේ අගය වචනවලින් විස්තර කළ නොහැක. මෙවැනි මිතුරන් අපගේ ජීවිතයට සැමදා අත්‍යවශ්‍ය වනවා මෙන්ම එවැනි යහපත් මිතුරන් අපගෙන් ඈත් වීමද සිදු විය හැකx ඒ අපගේම වැරදි අඩුපාඩු නිසාවෙනි. ඇතැමුන් තමන්ට උදව් කරන මිතුරන් ලවා තම අවශ්‍යතාවලට මුදල් ලබා ගෙන එම මුදල් නැවත ලබා නොදීම, සෑම අපහසු කටයුත්තක්ම එම මිතුරා ලවා කරවා ගැනීම වැනි කාරණා තුළින් හොඳ මිතුරෙකුට වුව ඔබව එපා විය හැකිය. එබැවින් ඇති කර ගැනීම මෙන්ම මිතුරුකම පවත්වා ගෙන යාම ද පහසු කාර්යයක් නොවේ.
    ඊර්ෂ්‍යාව නිසාද මිතුරන් අහිමි වන අවස්ථා ඇත. අප ළග සිටින මිතුරන් අපගේ හැකියා, දක්ෂතා දැක අවංකවම සතුටු වනවා මෙන්ම එම හැකියා වර්ධනය කර ගැනීමට දියුණු කර ගැනීමට උදව් කරයි. නමුත් සැබෑ මිතුරන් මෙන් පෙනී සිටින ඇතැම් අයහපත් මිතුරන් ඊර්ෂ්‍යාව හේතුවෙන් ඔබගේ දියුණුවට නොයෙකුත් අන්දමින් බාධා පැමිණවිය හැකිය. එවැනි පුද්ගලයන් හඳුනා ගැනීම අප සැමගේ අනාගතයට වැදගත් වනු ඇත.
    උසස් අධ්‍යාපනය සඳහා සරසවි වරම් ලැබූ පසු රැකියාවක් හිමි වූ පසු පාසල් වියේ සිටි මිතුරා අමතක කිරීම ගුණමකු-අකෘතඥ මිතුරාගේ ලක්ෂණයකිx අපට විශ්වවිද්‍යාලය තුළදීත් රැුකියා ස්ථානය තුළදීත් පාසල් මිතුරාට වඩා දක්ෂ මුදල් යහමින් ඇති ඔබට වාසි වන මිතුරන් හමුවිය හැක. එසේම අවස්ථාවාදී මිතුරන් ද හමුවිය හැක. නමුත් පාසල් වියේදී පැන්සල අමතක වූදා පාට පෙට්ටිය අමතක වූදා ඔබට පිහිට වූ එක බත් පත බෙදා ගෙන කෑ සුන්දර මතක රැසක් ඇති මිතරා අමතක නොකළ යුතුය. අප අද විශාල වැටුපක් ලබන හෝ යහපත් ආර්ථිකයක් හිමි වූවෙකු වුවත් අපගේ මිතුරා කුමන රැකියාවක් කළද ඔහු අමතක නොකළ යුතුය. ඔහුගේ දුක සැප බැලිය යුතුය. ඔහු හෝ ඇය බලන්නට යන්නට වේලාවක් නොමැති වුවත් දුරකථන ඇමතුමක් දෙන්නට අමතක නොකළ යුතුය. ජනවාරි අවුරුද්දේ පළමු දිනය, උපන්දිනය වැනි අවස්ථාවල දී ඔහුගේ ඇයගේ මා පිය ඥාති හිතමිත‍්‍රාදීන්ගේ අභාවයන් වැනි අවස්ථාවලදී අත් නොහැර සිටීම කවර නම් උදාර මිතුදමක්ද? ඔබගේ පාසල් මිතුරා ඔබගේ වර්තමාන සැපවත් ජීවිතයට පැමිණීමට උදව් කළ පුද්ගලයෙකු බව අමතක නොකළ යුතුය.
    මිතුරා ඇතැම් විටක අපගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය හැකිය. ඇතැම් විටක අප දිවියේ අසාර්ථකත්වයට හේතු විය හැකිය. එබැවින් සැබෑ මිතුරා හඳුනා ගෙන ඔහුව හෝ ඇයව සැමදා මිතුරෙකු ලෙස ඇසුරු කරන්නට ලැබෙන්නේ නම් වාසනාවකි. ඇසුරු කරන්නට සුදුසු මිතුරෙකු නැතිනම් බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ” ඇසුරු කරන්න හොඳ අවංක යාළුවෙකු නැතිනම් හුදකලාව මිතුරෙකු කර ගන්න ” යන උතුම් අවවාදය පිළිපැදීම වැදගත් වේ.

සුුවිනි ඉන්දීවරී