Friday, August 10, 2018

ඇවිත් යන අවුරැද්ද




ආත්තම්මලා සීයලා මුණුබුමිනිබිරියන් වැඩියෙන් සමීප වෙන්නේ අලුත් අවුරැදු කාලෙට. මුණුබුරැ මිනිබිරියන්ට දෙන්න තෑගි ගන්නෙ කැවිලි හදන්නෙ අවුරeදු චාරිත% වාරිත% කියා දෙන්නෙ සීයල ආත්තම්මල. ඒ කාළෙ මෙතෝදිස්ත කිතුනු ඉස්කෝලෙන් පාසල් හැර යාමේ විභාගය පාස් වෙලා හිටපු සීයා රස්සාවට කළේ ඉස්පිරිතාලෙ උපස්ථායක රැකියාව. සීයා හරි ආසාවෙන් රේඩියෝ එක ඇහුව. අවුරeදු දවසවලට අද වගේම ඇහුන සිංදු කීපයක්ම තිබුණ.
බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද ඉද්ද පනා මල් කැන් පිපිලා
සද්දෙ මොකෝ අවුරැද්ද ඇවිල්ලද නැද්ද කනෙයියනි රොන් හැදිලා....

දොඩම් කපාලා ඇඹුල් තනාලා
නාන්න යන හැටි බලන් කලූ....
රේඩියෝ එකේ මේ සිංදු ඇහිල ඉවර උනාම සීයත් ඒ සිංදු කිව්ව. දැන් තමයි මට තේරෙන්නෙ සීය එදා ගායනා කළේ ඒ සිංදු පද වරද්ද වරද්ද බව. ඒත් ඒ සිංදුවල තාලය නම් හරියටම හරි. ඒ වගේම සීයා තමයි මට මුලින්ම කතන්දර කියල දුන්නෙත් රබන් පද කියල දුන්නෙත්.
කැත්තත් අරගෙන වත්තට යනකොට
පෙත්තෙක් ඉදගෙන කජු කනවා....

වගේ මට මතකයි අවුරeදු කුමාරයෙක් ගැනත් එයා අපේ ගෙදරට එනව කියලත් දිග කතාවක් කිව්ව. සීයා කියල දෙන කතාවලින් ගොඩක් සීයම ගොතපු ඒවා බව තේරeණෙ මට ටික කාලයක් ගියාම. අපේ%ල් මාසෙ පටන් ගන්න කොටම සීයා මිදුලෙ තිබුණු අඹ ගහේ ඔංචිල්ලාවක් බැදල දෙනව. අවුරeදු මාසෙ මම දවසින් වැඩි වෙලාවක් ගෙවන්නෙ ඔංචිල්ලාව පදින්න. ආත්තම්මා කෑ ගහද්දි මං බත් කන්නෙත් ඔංචිල්ලාවට වෙලා. ආත්තම්මත් සීයත් එක්ක සමරපු අලුත් අවුරeදු හැම එකක්ම මට ගෙනාවෙ අලුත් අත්දැකීම්. ඒ වගේම කියා ගන්න බැරි සතුටක්. ඒත් එයාල හැමදාම අපිත් එක්ක ඉන්නෙ නෑ. ඒ වගේම හිටියෙත් නෑ.
මා කුඩා කාලයේ උදා වුණු සිංහල හා හින්දු අලුත් අවුරeදු උදාවන් හා බැදුණු සුමිහිරි මතකයන් රැසකි. අවුරeද්දට ආත්තම්මාට තමයි වැඩ වැඩිම. අවුරeදු නිවාඩුවට ලොකු තාත්තල, ලොකු අම්මල, නැන්දල, මාමල හැමෝම මහගෙදර එන නිසා ගේ අස් පස් කරනව. මකුලු දැල් කඩනව. ගෙවල් හෝදනව. කැවිලි හදනව. ආත්තම්මා කඩියෙක් වගේ කඩිසර වෙලා. කැවුම් හදන හැටි බලන් ඉන්න තමයි මං ආසම. තෙල් තාච්චියට ඒද ගත්ත පිටි හැන්දක් වක් කරල ඉරට්ට ඒක මැදින් තියල වටේ තියන තෙල් හැන්දෙන් මැදට දාන කොට තෙල් බුබුළු මතු වෙන හැටි බලන් ඉන්න ලස්සනයි. ඒ වගේම තමයි ඉවසගන්න බැරි කැවුම් සුව|. මම ඉතිං පොඩි බංකුවක් ලිප ලගින්ම තියාගෙන ලිපට කොලපු, පොල් කොළ දානව. සමහර වෙලාවට ඔය ඇති ළමයො ඔච්චර දාන්න එපාකියල ආත්තම්මා සැර වෙනව. ඒ අතරෙදි තෙල් බේරෙන්න කිරි ගොට්ටට දාන කැවුමක් උනු උනුවෙම, අත්තම්මෙ මං එකක් කන්නද?කියල ඉවසන් ඉන්න බැරිම තැන ඇහුවම හා එකක් කන්න ආයෙ අහන්න එපා හදල ඉවර වෙනකං. කියල ආත්තම්ම කියන්නෙ දන්නව එකක් ඉවර වෙනකොට තව එකක් ඉල්ලනව කියල. උනු උනුවෙම අරගෙන අත පිච්චෙන නිසා අල්ලෙන් අල්ලට මාරe කර කර කැවුම් ගෙඩියට පිඹ පිඹ කට පිච්චි පිච්චි කාපු කැවුම්වල රස මතක් වෙද්දි දැනුත් කටට කෙළ උනනව. ආයෙ ඉතිං ලස්සනට හැදිච්ච කැවුම් කන්න හම්බ වෙන්නෙ නෑ. හොදට ලස්සනට හැදිච්ච කැවුම් ආත්තම්මා හංගල තියනව. අවසානෙට හදන ඇද වෙච්ච කැවුම් තමයි අපිට කන්න දෙන්නෙ. අවුරeදු දවස වෙනකං.
කැවුම් හදන අතරෙ ආත්තම්මා කැවුම් හදන්න ඉගෙන ගත්ත හැටි, ඒ වගේම කැවුම් හදන්න හාල් පිටි එකතු කළ හැටිත් කියනව. මං කරන්නෙ සීයට හාල් ඉවර වෙන්න කලින් ඒ කියන්නෙ ටිකක් තියා ගෙන හාල් ඉවරයි කියනව. ඊට පස්සෙ අර ඉතුරe කර ගත්ත හාල් හෝදල කොටල පිටි හදාගෙන තමයි කැවිලි හදන්නෙ. මමත් ඒ කාලෙ පුංචි කමට හිටියට හරි කටකාරයි. එතකොට ආත්තම්මෙ ඒවට ගුල්ලො ගහනවනෙ. අනේ ළමයො, පණ්ඩිතකං දොඩවනවනෙ. එච්චර පරණ වෙනකං තියා ගන්නෙ නෑ. මං පොඩි කාළෙ හරි පණ්ඩිතයිලු. ඒ කියන්නෙ කටට එන හැම ‍දේම ඕන තැනකදි ඕන වෙලාවකදි කියල දානව. ඒ වගේම හැම වෙලාවෙම කියවනව. ඒ නිසා ආත්තම්ම මට කිව්වෙ දෙමලිච්චන් මල්ල පොළවෙ ගහල වගේ කියල.
සීයා ගමේ කාටදෝ කියා නෑ ගමන් යන විට ගෙනි යන්න උඩ බැලුම් පෙට්ටියක්ම හදවනව. මට මතකයි සීයා මට එකක් කන්න දුන්නත් ඒකෙ රසට තව එකක් කන්න හිතුණ. ඉතිං මම සීයා පේන්න නැති වෙලාවක ඉස්තෝප්පු කාමරයේ මේසය උඩ තිබූ කාඩ්බෝඩ් පෙට්ටියෙන් උඩ බැලුමක් අරගෙන කෑවේ සීයාට අහු නොවෙන්න හොරාට. නමුත් පyqවදා සීයා උඩ බැලුමක් කෑව නේ යි ඇසූ විට මට දාඩිය දැම්ම. දාඩිය දැම්මෙ බයටද ලැජ්ජාවටද කියල හිතා ගන්න බෑ. සීයා කොහොමද දැන ගත්තෙ මං එකක් අරන් කෑව කියල. මට හොදටම විශ්වාසයි  හොරාට කාමරයට යන කොට කවුරeවත් දැක්කෙ නෑ කියල. පස්සෙ කාළෙක  මට හිතුන අනිවාර්යයෙන්ම සීයා උඩ බැලුම් ගණන් කරල තියන්න ඇත්තෙ කියල.
මගේ මූණ හොද නැති වෙන්නේ අවුරeද්දට ගනු දෙනු කරනා විටය. සීයා රeපියල් දහයේ නෝට්ටුවකුත් ආත්තම්මා පහේ කාසියකුත් බුලත් කොලයක ඔතා වදින්නට ගිය විට දෙන්නේය. ඉහ වහ ගිය සතුටින් වැද බලන විට අයියාට මට වඩා මුදලක් දෙදෙනාම දී ඇත. එවිට මා සිතුවේ මට වඩා අයියාට ආදරේ බවය.  මම ඒ කාලයේ සිතා සිටියේ වයසින් වැඩි අයට වැඩි මුදලක් ද වයසින් අඩු අයට අඩු මුදලක්ද දිය යුතුයි කියාය. නමුත් ආත්තම්මා මට අවුරeද්දට අනිවාර්යයෙන්ම ගවුමක් මසා දුන්නාය. අවුරeද්දට නෑ දෑ ගෙවල්වල නෑගම් යන විට මා ඇදගෙන යන්නේ ඒ ගවුමය.
            අලුත් අවුරeද්දට අපට සුන්දර මතකයන් ගෙනාව සීයා  අලුත් අවුරeaදකම අපට දුක්බර මතකයකුත් ඉතිරි කළේය. සියා නැතිවෙන කොට සීයට අවුරeදු අනූ පහකි. තමන්ගෙ වැඩ තනියම කර ගනිමින් නිරෝගීව සිටි සීයා වයස නිසාම ටිකෙන් ටික දුර්වල වන්නට විය. ඇවිදින්න අපහසු වුණු සීයා ඇදටම විය. අපේ%ල් මාසෙ අවුරeද්ද ළං වෙන්න වෙන්න සීයගෙ දුර්වල වීමත් වැඩි වෙන්න පටන් ගැණුනි. ටිකෙන් ටික සීයා අපිත් එක්ක කතා කරන එකත් සීමා විය. වෙනද වගේම බක් මාසෙ කොහා කෑගැහුවත් උගේ සද්දෙ අපිට ඈතින් ඇහුණෙ. කජු ගස්වල කජු පුහුලන් එකක්වත් අපිට කන්නට බැරි විය. වෙන අවුරeදුවල වගේ කජු නාඹර කඩල කජු මද තෙල් දාල හදන සම්බෝලෙ හැදුවෙ නැත. කාටවත් කජු වාරෙ ගැන කිසිම උනන්දුවක් නොතිබුණි. ඒ හේතුවෙන් දඩු ලේනුන් උපරිම %යෝ ගන්නා ආකාරය දැක ගන්නට හැකි විය. තෙල් තාච්චියක් ලිපේ තිබ්බේම නැත. අඹ ගස්වල අඹ හැදිල තිබුණත් ඒවා ඉදිල බිම වැටිල පොළවටම පස් වුණි.
            වසන්ත කාලය වුණත් බකමූණෙක් අවුරද්ද ළං වෙද්දි මිදුලටම ඇවිත් කෑ ගැහුවා. නෑදෑයො ආවෙ අවුරැදු ගමන් නෙවෙයි. ඉතාමත් ශෝකයෙන් සීයා බලල යන්න. සීයගෙ අවසාන දවස් ටික ගෙවෙන්නෙ කියල හැමෝටම තේරිල තිබුණෙ. කරන්න කිසිම දෙයක් ඉතුරe වෙලා තිබුණෙ නෑ. සීයව තවත් දවසක් හරි ජීවත් කරවන්න දොස්තර මහත්තය ගෙදරට එක්කගෙන ඇවිත් සේලයින් දෙන එක විතරයි කරන්න තිබුණෙ. තාත්තල, ලොකු තාත්තල, නැන්දල, මාමල රෑ තිස්සෙ නිදි මැරe. ගෙදර හැමෝම දුකෙන් වෙහෙස මහන්සියෙන් හිටියෙ.
            කොහොම හරි සීයා අපේ%ල් දහතුන් වෙනිදාත් පහු වෙනකම් අපිත් එක්ක හිටිය.  ඒත් දාහතර වෙනිදා රාති%යෙ සීයගෙ හුස්ම සදහටම නැවතුනා. ඒ ආරංචිය ඇහෙද්දි මගේ ඇස්වලට කදුළු පිරe. ජීවිතයෙ පළවෙනි වතාවට තමයි මට මගේ සමීපතමයෙක්ගේ වෙන්වීමක් දරා ගන්න සිද්ධ වුනේ. පි%යයන්ගෙන් වෙන් වීම කොච්චර දුකක්ද කියල සීයා තමයි මට මුලින්ම කියල දුන්නෙ. නමුත් ඒ දුක දරා ගන්න පුංචි මට හැකියාවක් තිබුණෙ නෑ. ඒ නිසා මං ඉකි ගගහ ඇඩුව. සීයගෙ නිසල සිරe තැන්පත් කරල තිබුණ පෙට්ටිය භූමදානය කරන්න වත්ත පහළට ගෙනි යන කොට වැට අස්සෙන් පිපිල තිබුණු එරබදු මලක් එබිල බලන් ඉන්නව මට මතකයි. අදටත් අවුරeදු ළං වෙද්දි වැට දිගට එරබදු මල් පිපිල තියනව දකින කොට සීයගෙ අවමගුල් පෙරහැර මට ඉදිරියෙන් සෙමින් ගමන් කරනව මැවිල පේනව. පාර දෙපස අවුරeදු කාළෙට පිපෙන ගොඩමානෙල් මල් එදා හැනදෑවෙ පර වෙලා තිබුණෙ අපිත් එක්ක දුක බෙදා ගන්නව වගේ. අදටත් පාර දෙපැත්තෙ ගොඩමානෙල් මල් පිපිල පර වෙලා කියනව දකින කොට එදා දුකින් පිරිල තිබුණු මූණු ගොඩක් මට මතක් වෙනව.
                                                                       
                                                                        සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි
                                                                       

Thursday, August 2, 2018

කළණ මිතුරු වෙයි සුමිතුරු


    මිතුරා යනු අපගේ දුක සැප දෙකෙහිදිම අප ළග සිටින අප හැරදා නොයන පුද්ගලයාය. බුදුරජාණන් වහන්සේද මිතුරන් පිළිබඳව ඔවුන්ගේ කි‍්‍රයාකලාපය අනුව වර්ග කර ඇත. අපගේ ජීවිත කාලය තුළ පළමුව හමුවන මිතුරන් දෙදෙනා වන්නේ අම්මා සහ තාත්තාය. 
    මිතුරා යන්න සගයා, මිත‍්‍රයා, යාළුවා, සකි, සබඳ, සහචරයා, හිතෛෂියා යන සමානාර්ථ පදවලින්ද හඳුන්වනු ලබයි. මිතුරෙකු ඇති කර ගැනීමට අපගේ කාය භාෂාවේ සිනහව උපකාරී වේ. සිනහවීමෙන් පසු ඇතිවන කතා බස් කිරීමෙන් පසු එම තැනැත්තා මිතුරෙකු වේ. වර්තමාන තාක්ෂණය සමගින් මිතුරන් ඇති කර ගැනීම වඩා පහසු කාර්යයක් වී ඇත. විශේෂයෙන් සමාජ ජාල මාධ්‍යයක්වන face book මගින් මිතුරන් රැසක් හඳුනා ගැනීමේ අවස්ථාව ලැබේ. අතීතයේ දුරු රටක සිටින පුද්ගලයෙකු මිතුරෙකු කර ගැනීමට අවස්ථාව ලැබුණේ ලිපි හුවමාරුව මගිනිx එම මිතුරන් හැඳින්වූයේ පෑනෙ මිතුරන් ලෙසිනිx නමුත් අපට විවිධාකාර ලෙස හමුවන සියලූ මිතුරන් සැබෑ මිතුරන්ද යන්න ගැටලූවකි. සැබෑ මිතුරා හඳුනා ගැනීමට කාලය, සමීප ඇසුර, චර්යාව, ප‍්‍රතිපත්ති ඇතුළු නිර්ණායක රැසක් උදව් වේ. අවශ්‍ය වේ.
    අප සැමටම මිතුරන් මෙන් පෙනී සිටින හතුරන් හමුවිය හැකිය. ඒ මිත‍්‍රප‍්‍රතිරූපකයන්ය. එබැවින් සැබෑ මිතුරා කව්රුන්ද යන්න හඳුනාගෙන අවබෝධ කරගෙන ආශ‍්‍රය කිරීම කළ යුතුය. අප ළග සිටින විට අපව වර්ණනා කරන අප නැති තැන වැරදි කියන මිතුරන් මෙන් පෙනී සිටින්නන් බොහෝය. තම වාසියට තම මිතුරා වුව පාවා දෙන්නා හඳුනාගත යුතුමය. මෙවැනි නාමික මිතුරන් අතරේ සැබැවින්ම උදව් කරන කල්‍යාණ මිත‍්‍රයෝද වෙති. මිතුරෙකුට ඇතිවන ප‍්‍රශ්නයක් තමාගේ බවට පත්කර ගෙන මිතුරා වෙනුවෙන් තම කාලය, ශ‍්‍රමය, මුදල් වැය කරන මිතුරන්ගේ අගය වචනවලින් විස්තර කළ නොහැක. මෙවැනි මිතුරන් අපගේ ජීවිතයට සැමදා අත්‍යවශ්‍ය වනවා මෙන්ම එවැනි යහපත් මිතුරන් අපගෙන් ඈත් වීමද සිදු විය හැකx ඒ අපගේම වැරදි අඩුපාඩු නිසාවෙනි. ඇතැමුන් තමන්ට උදව් කරන මිතුරන් ලවා තම අවශ්‍යතාවලට මුදල් ලබා ගෙන එම මුදල් නැවත ලබා නොදීම, සෑම අපහසු කටයුත්තක්ම එම මිතුරා ලවා කරවා ගැනීම වැනි කාරණා තුළින් හොඳ මිතුරෙකුට වුව ඔබව එපා විය හැකිය. එබැවින් ඇති කර ගැනීම මෙන්ම මිතුරුකම පවත්වා ගෙන යාම ද පහසු කාර්යයක් නොවේ.
    ඊර්ෂ්‍යාව නිසාද මිතුරන් අහිමි වන අවස්ථා ඇත. අප ළග සිටින මිතුරන් අපගේ හැකියා, දක්ෂතා දැක අවංකවම සතුටු වනවා මෙන්ම එම හැකියා වර්ධනය කර ගැනීමට දියුණු කර ගැනීමට උදව් කරයි. නමුත් සැබෑ මිතුරන් මෙන් පෙනී සිටින ඇතැම් අයහපත් මිතුරන් ඊර්ෂ්‍යාව හේතුවෙන් ඔබගේ දියුණුවට නොයෙකුත් අන්දමින් බාධා පැමිණවිය හැකිය. එවැනි පුද්ගලයන් හඳුනා ගැනීම අප සැමගේ අනාගතයට වැදගත් වනු ඇත.
    උසස් අධ්‍යාපනය සඳහා සරසවි වරම් ලැබූ පසු රැකියාවක් හිමි වූ පසු පාසල් වියේ සිටි මිතුරා අමතක කිරීම ගුණමකු-අකෘතඥ මිතුරාගේ ලක්ෂණයකිx අපට විශ්වවිද්‍යාලය තුළදීත් රැුකියා ස්ථානය තුළදීත් පාසල් මිතුරාට වඩා දක්ෂ මුදල් යහමින් ඇති ඔබට වාසි වන මිතුරන් හමුවිය හැක. එසේම අවස්ථාවාදී මිතුරන් ද හමුවිය හැක. නමුත් පාසල් වියේදී පැන්සල අමතක වූදා පාට පෙට්ටිය අමතක වූදා ඔබට පිහිට වූ එක බත් පත බෙදා ගෙන කෑ සුන්දර මතක රැසක් ඇති මිතරා අමතක නොකළ යුතුය. අප අද විශාල වැටුපක් ලබන හෝ යහපත් ආර්ථිකයක් හිමි වූවෙකු වුවත් අපගේ මිතුරා කුමන රැකියාවක් කළද ඔහු අමතක නොකළ යුතුය. ඔහුගේ දුක සැප බැලිය යුතුය. ඔහු හෝ ඇය බලන්නට යන්නට වේලාවක් නොමැති වුවත් දුරකථන ඇමතුමක් දෙන්නට අමතක නොකළ යුතුය. ජනවාරි අවුරුද්දේ පළමු දිනය, උපන්දිනය වැනි අවස්ථාවල දී ඔහුගේ ඇයගේ මා පිය ඥාති හිතමිත‍්‍රාදීන්ගේ අභාවයන් වැනි අවස්ථාවලදී අත් නොහැර සිටීම කවර නම් උදාර මිතුදමක්ද? ඔබගේ පාසල් මිතුරා ඔබගේ වර්තමාන සැපවත් ජීවිතයට පැමිණීමට උදව් කළ පුද්ගලයෙකු බව අමතක නොකළ යුතුය.
    මිතුරා ඇතැම් විටක අපගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය හැකිය. ඇතැම් විටක අප දිවියේ අසාර්ථකත්වයට හේතු විය හැකිය. එබැවින් සැබෑ මිතුරා හඳුනා ගෙන ඔහුව හෝ ඇයව සැමදා මිතුරෙකු ලෙස ඇසුරු කරන්නට ලැබෙන්නේ නම් වාසනාවකි. ඇසුරු කරන්නට සුදුසු මිතුරෙකු නැතිනම් බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ” ඇසුරු කරන්න හොඳ අවංක යාළුවෙකු නැතිනම් හුදකලාව මිතුරෙකු කර ගන්න ” යන උතුම් අවවාදය පිළිපැදීම වැදගත් වේ.

සුුවිනි ඉන්දීවරී 

Tuesday, July 31, 2018

සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑ


සම අපගේ ශරීරය ආවරණය කරන බාහිර වැස්මයි. ශරීරයේ උෂ්ණත්වය ආරක්ෂා කිරීමල විෂබීජවලින් ආරක්ෂා කිරීම සම මගින් සිදුවන වැදගත්ම ප‍්‍රයෝජනයි. සමේ වර්ණය ස්වභාවය හෙවත් තෙත් බව වියළි බව ඇතිවන්නේ සම සම්බන්ධ කුඩා ග‍්‍රන්ථිවලිනි. මෙම ග‍්‍රන්ථිවලින් ස‍්‍රාවය කරන මෙලනින් වර්ණක නිසා සමේ වර්ණය කළු පැහැය සහ සුදු පැහැය අතර වර්ණ ස්වභාව ඇති වේ. එසේම සමට යටින් තිබෙන තෙල් ග‍්‍රන්ථිවලින් ශ‍්‍රාවය වන තෙල් නිසා සමේ තෙත් ස්වභාවයේ සිට වියළි ස්වභාවය අතර වෙනස්කම් ඇතිවේ. සමට යටින් තිබෙන දහදිය උනන ස්වේද ග‍්‍රන්ථි මගින් ශරීරයේ අපද‍්‍රව්‍ය දහදිය ලෙස බැහැරට පිටවේග එසේම සම හරහා සිදුවන වායු හුවමාරැව නිසා ශරීර උෂ්ණත්වය පාලනය කෙරේ. එම නිසා සම වායුගෝලයට නිරාවරණය කර තැබීම මෙන්ම පිරිසිදුව තබා ගැනීමද ඉතා වැදගත්යග සම ගැන සැලකිලිමත් වීම හා සමානව සමේ ආලේපන ගැල්වීමේදීද ඉතා බුද්ධිමත් විය යුතුය.
මුහුණට වැළදෙන සමේ රෝග අතුරින් සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑවලට ප‍්‍රධාන තැනක් ලැබේග සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑ යෞවන යෞවනියන් අතර සුලභ අතර සමහර අවස්ථාවලදී වැඩිහිටියන්ද සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑ නිසා පීඩාවට පත්වේ. එබැවින් මෙය කරදරකාරී තත්වයකි. 
සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑ සදහා කළ යුතු ප‍්‍රතිකාර 
සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑවක් ඇති වීමෙන් පසුව සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑව මත පිරිසිදු පුළුන් ස්වල්පයක දවටන ලද අයිස් කැටයක් තබන්න. එයින් සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑවේ රතු පැහැ වීම අඩු කරයිග ඉදිමීම අඩුකර තුවාලය සුව කිරීමට උපකාරී වේ. ශරීරයට පිරිසිදු වාතාශ‍්‍රය ලැබීමට සලස්වන්න. නමුත් තද අව් රෂ්මිය සුදුසු නැතග දිනපතා සැහැල්ලු ව්‍යායාමයක යෙදීම ඉතා වැදගත්ය. මළපහ වීම ක‍්‍රමවත්ව තබා ගැනීමල හොද නින්දක් ලබා ගැනීමද ඉතා වැදගත්ය. සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑව මොනම හේතුවක් නිසාවත් පොඩි නොකළ යුතුය. එමනිසා සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑව පැසවා පිපිරැණහොත් පිරිසිදු උණුසුම් වතුර ස්වල්පයක් ගෙන පිරිසිදු පුළුන් හෝ රෙදි කැබැල්ලක් ගෙන සෙමින් තෙරපමින් සැරව ඉවත් කළ යුතුය. දවසකට දෙවරක් හෝ තුන්වරක් පිරිසිදු වතුරෙන් මුහුණ සේදිය යුතුය. කෙසේ වූවත් සබන් පාවිච්චියෙන් වැළකිය යුතුයි. එයින් සම තවත් වියළීයාම ඇතිවේ. තෙල් සහිත ආලේපන මුහුණේ ගැල්වීමෙන් වැළකිය යුතුය. දිනපතා හෝ දවසක් හැර දවසක්වත් කෙස් හොදින් සෝදා ස්නානය කළ යුතුය.
විවිධ වර්ගයේ උපත් පාලන ඖෂධ සහ කෝර්ටිකෝ ස්ටෙරොයිඩ් අඩංගු ඖෂධ යනාදී ඖෂධ වර්ග කිහිපයක් නිසා සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑ ඇති වීම වැඩිවිය හැක. මානසික ආවේග සමග ඇතිවන රෝග ආහාර ජීර්ණයට සහ අන්තරාසර්ග ග‍්‍රන්ථිවල කි‍්‍රයාකාරිත්වයට බලපෑම් ඇතිකර එයින් ආහාරයේ ජීර්ණය දුර්වල කරයි. එයින් ඇතිවන තෙල් සමේ තෙල් ස්වභාවය වැඩි කිරීමට සමත් වේ. ඒවා සම යට තිබෙන ස්නේහ ග‍්‍රන්ථිවලින් පිටතට වැගිරීමෙන් කුරැලෑ ඇතිවීම වර්ධනය කරයි. මෙලෙස වර්ධනය වන සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑ ඉහත සදහන් කර ඇති පරිදි ප‍්‍රතිකාර කිරීමෙන් අවම කර ගත හැකිවේ. ඇතිවන වේදනාව සමනය කර ගත හැකිවේ.
උපදෙස් - රEපලාවන්‍ය උපදේශිකා නන්දනී සෙනරත්
සංස්කෘතික මධ්‍යස්ථානය
කැලණිය විශ්වවිද්‍යාලය
  සැකසුම- සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි

Monday, July 30, 2018

අවුන් සාන් සූකී




පෞද්ගලික තොරතුරු

අවුන් සාන් සූකී, සහෝදරයන් දෙදෙනෙකු සහිත පවුලක එකම දියණිය ලෙස 1945 ජුනි 19 දින මියන්මාරයේ රැන්ගුන් ප‍්‍රදේශයේ වර්තමාන යැන්හැන් ප‍්‍රදේශයේ හම්වේ සයුන්ස් නම් කුඩා ගම්මානයේ උපත ලැබුවාය. උපතින්ම දේශපාලන පසුබිමක් උරුම වූ සුකීගේ පියා අවුන් සාන් නූතන බුරුම හමුදාව නිර්මාණය කර බුරුමයේ නිදහස වෙනුවෙන් 1947 වසරේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව සටන් වැදුණු අයෙකි. එම වසරේදීම පියා සැලසුම් සහගතව ඝාතනය කරනු ලැබූ නිසාවෙන් අවුන් සාන්ගේ පවුල ඉතා අසරණ ත්වයකට පත් විය. සුකීගේ බාල සොයුරු අවුන් සාන් ලින් ගෙමිදුලේ පොකුනක ගිලී යාමෙන් අවාසනාවන්ත ලෙස මරණයට පත්වන අතර වැඩිමල් සොහොයුරු ඇමරිකාවේ පුරවැසිභාවය ලබා සංක‍්‍රමණය වෙන ලදී.
    මේ අතර ප‍්‍රසිද්ධ දේශපාලන පසුබිමක් ගොඩනගා ගන්නා ඇයගේ මව කියින් කී ඉන්දියාව සහ නේපාලය යන රටවලට බුරුම තානාපති වශයෙන් පත්කරනු ලැබ සුකී දියණියත් සමග පිටව යයි. මේ හේතුව නිසා සුකීගේ අධ්‍යාපනය නවදිල්ලියේ Convent of Jesus    සහ May යන පාසල් වලිනුත් උපාධිය නවදිල්ලියෙහි Lady Sri Ram College හිදීත් සම්පූර්ණ කර ගනී. බුරුම, ඉංග‍්‍රීසි, ප‍්‍රංශ හා ජපන් යන භාෂා සියල්ලම චතුර ලෙස ප‍්‍රගුණ කළ සුකී තරුණිය ඇයගේ ශාස්ත‍්‍රවේදී උපාධිය 1967 දී St huge’s College Oxford හිදී් සම්පූර්ණ කර ගනී.
    වර්ෂ 1972 ජනවාරි 1 වන දින අවුන් සාන් සුකී සහ ආචාර්ය මයිකල් ඇරිස් අතර භූතානයේදී විවාහය සිදු වන අතර ඔවුන්ට දාව වැඩිමල් පුතු ඇලෙක්සැන්ඩර් ඇරිස් 1973 දීත් බාල පුතු කිම් ඇරිස් 1977 දීත් උපත ලබයි.

ඇයගේ දේශපාලනය

    ඇයගේ දේශපාලන දිවිය තීරණාත්මකව ආරම්භ වන වර්ෂය වන 1988 දී නැවත මව්බිමට පා තබන අවුන් සාන් සුකී ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට පණ පොවන කාර්යය ආරම්භ කළාය.
1988.10.26 ඇය මිලියන භාගයක් පිරිසකට ආමන්ත‍්‍රණය කළාය. එම රැලිය පැවැත්වුණේ ෂූඩගන් පැගෝඩාවලය. ඇය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් වෙනුවෙන් කතා කරන ලදී. අවිහිංසාව ඇයගේ දර්ශනය විය. මහත්මා ගාන්ධිගේ අවිහිංසාවාදය හා බුදුන්ගේ සංකල්පය පෙර දැරිව ඇය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් සඳහා යොමු විය. 1988.12.27 ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ව්‍යාපාරය පිහිටවනු ලැබීය. එහෙත් ඇයව 1989 අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියේ තබන ලදී. ඇය රට හැර යන්නේ නම් නිදහස ලැබෙන බව පාලකයින් පවසා ඇත. නමුත් ඇය රට හැර ගොස් ලබන නිදහස ප‍්‍රතික්ෂේප කළාය.
ඇයගේ දේශපාලනය ආගමනය වැලැක්වී සඳහා බුරුමයේ එවක සිටි ඒකාධිපති පාලකයින් කළ හැකි සියලූ අකටයුතුකම් සිදු කරන ලදී.

නිවාස අඩස්සියට පත් කිරීම

රටේ සාමයට හා සංහිඳියාවට ඇය තර්ජනයක් සේ සලකා රජය ඇයව සිර ගත කරනු ලබයි. 1989 සිට වරින් වර නිවාස අඩස්සියට පත් කරන ලද සුකීගේ ස්වාමියාට 1995 වසරෙන් පසු රටට ඇතුල් වීම වලක්වාලන ලදී. අවසන් වරට 1995 නත්තල් සමයේ බුරුමයට පැමිණායාට පසු ඇරිස්ට වීසා ලබා නොදුන් රජය ඒ වෙනුවට සුකීට රටින් පිටවන ලෙස බලපෑම් කරන ලදී. සිය ස්වාමියාටත් වඩා රටට ආදරය කළ සුකී රටින් පිටවීම ප‍්‍රත්ක්ෂේප කරන ලද්දේ පාලන අධිකාරිය නැවත ඇයට රටට ඇතුල් වීමට ඉඩ ලබා නොදෙනු ඇතැයි යන සාධාරණ සැකය නිසාය. වර්ෂ 1999 මාර්තු 27 දින පිළිකා රෝගයෙන් මිය යන තෙක්ම ඇරිස්ගේ වීසා ඉල්ලීම් සිදු කළ පාප් වහන්සේ, කොෆි අනන් ඇතුළු කිසිම පුද්ගලයෙකුටවත් ආයතනයකටවත් රජය ඇහුන්කම් නොදෙන ලදී.
    මිය ගිය සැමියාගෙන් ද බි‍්‍රතාන්‍යයේ ඉගෙනුම ලබන පුතුන්ගෙන්ද වෙන්ව නිවාස අඩස්සියේ පසුවූ සුකීට සොබා දහමෙන්ද පීඩා පැමිණුනි. 2008 මැයි දෙවන දින බුරුමය කැළඹූ නාගීස් නම් චණ්ඩ මාරුතයෙන් සිය නිවසේ වහලය අහිමි වූ ඇය වසරකටත් වැඩි කලක් අබලන් නිවසක සිරකාරියක් විය.
නිවාස අඩස්සියේ සිටින කාලයේදී ඇය බුදු දහම ගැන ඉගෙන ගත්තාය. භාවනා කළාය. දර්ශනය, දේශපාලනය ගැන හා චරිත කතා කියෙව්වාය.
2009 මැයි 3 දින ජෝන් යෙටෝ නමින් හඳුනාගත් ඇමරිකානු ජාතිකයා අනාරාධිතව ඉන්යා ලේක් විල හරහා අවුන්සාන් සුකීගේ නිවසට පිහිනා ගියේය. දින 3 කට පසුව ආපසු යන ගමනේදී ඔහු අත්අඩංගුවට පත්විය. මෙයට පෙර අවස්ථා දෙකකදීම ඔහු මෙලෙස සුකී මුණ ගැසීමට පීනා ආවද හෙළි නොකළ හේතු නිසා ඔහු ආපසු ගියේය. ඔහු නඩු විභාගයේදී ප‍්‍රකාශ කළේ ඇයට මුහුණ දීමට සිදුවන ත‍්‍රස්තවාදී ඝාතනයක් ගැන ඇයට දැනුම් දීම සඳහා කිසියම් දිව්‍යමය දැක්මක් මගින් තමාව පොළඹවනු ලැබූ බවයි. මැයි 13 වැනිදා සුකී යලිත් නිවාස අඩස්සියේ කොන්දේසි කැඞීමේ වරදට අත්අඩංගුවට ගන්නා ලදී. මන්ද යත් ඇගේ නිවසට පිහිනා ආ පුද්ගලයාට දින දෙකක් නවාතැන් දීමේ වරද නිසයි. අනතුරුව ඇය යලිත් ෂබිජසබ සිරගෙයට ගෙන යන ලදී.

1990 මැතිවරණය

1990 පැවති මැතිවරණයේ දී අවුන් සාන් සුකී විසින් නායකත්වය ලබා දුන් එන් එල් ඞී පක්ෂය ආසන 392 ක් දිනා ගනී. හමුදා ජුන්ටාවන්ගේ පක්ෂය වන එන් යූ පී පක්ෂයට දිනා ගත හැකි වූයේ ආසන 10 ක් පමණි. නමුත් බලයේ රැදී සිටියේ ආසන 10 ක් පමණක් දිනා ගත් මිලිටරි ජුන්ටාවයි.  ජන්ද ලබා ගනී. සුකීට අගමැතිකම දිය යුතු බවද ඇතැමුන් පුකාශ කරන ලදී.
මැතිවරණයත් සමගම එන්. එල්. ඞී ආධාරකරුවන් පමණක් නොව ජයග‍්‍රාහක මන්ත‍්‍රීවරු පවා අත්අඩංගුවට ගත් ජුන්ටා පාලකයින් සුකී මහත්මිය නිවාස අඩස්සියේම තබන ලදී. මැතිවරණයට පෙර සිටම ඇය කෙරෙහි ජනතාව කලකිරවීමටත් ඇයගේ ජයග‍්‍රහණය වළකාලීමටත් කටයුතු කර ඇත. ඇය බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු හා විවාහ වීමද විවේචනයට ලක් කර තිබේ. ඇය බුරුම දේශයට ආදරය නොකරන හා අවංක බුරුම දියණියක් නොවන බව පවසා ඇත. නමුත් ඇය ලද විශිෂ්ඨ ජයග‍්‍රහණයෙන් ජනතාව ඇය සමග බව පසක් වේ.

අවුන් සාන් සුකී අත්අඩංගුවේ සිටි කාලච්ජේද


1989 ජුලි 20 - චෝදනා හෝ නඩු විභාග ත්‍නාමැතිව යුද නීතිය යටතේ රැුන්ගුන් නුවර අත්අඩංගුවේ තැබීම
1995 ජුලි 10 - නිවාස අඩස්සියෙන් නිදහස් කිරීම
2000 සැප්තැම්බර් 23 - නිවාස අඩස්සියේ පසු වීම
2002 මැයි 6 - නිදහස් වීම
2003 මැයි 30 - ෘැච්හසබ  ඛේදවාචකය හේතුවෙන් අත්අඩංගුවට ගැනීම
2007 මැයි 25 - නිවාස අඩස්සිය වසර 6 කින් දීර්ඝ කිරීම
2007 ඔක්තෝම්බර් 24 - නිවාස සිර අඩස්සිය වසර 12 ට ලඟා වීම
2008 මැයි 07 - තවත් වසරකින් නිවාස අඩස්සිය දිග් කිරීම
2009 අගෝස්තු 11 - තවත් 18 මසකින් සිර අඩස්සිය දිග් කිරීම
2009 නොවැම්බර් 13 - නිවාස අඩස්සියෙන් නිදහස් වීම

නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීම

1990 දී ඇය Sakharoy සාමය සඳහා වන ත්‍යාගයද 1991 දී නොබෙල් සාම ත්‍යාගයද දිනා ගනී. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ඇය ඉටු කරන මෙහෙවර අගයමිනි. එය ලබා ගැනීමට යාමටද ජුන්ටා පාලකයින් ඉඩ දුන්නේ නැත. ඇය වෙනුවෙන් එය ලබා ගත්තේ වැඩිමහල් පුත් ඇලෙක්සැන්ඩර්ය.

නිදහස ලබා ගැනීම

ලොව පුරාම ප‍්‍රජාතනත‍්‍රවාදය අගයන ජනතාවගේ සතුටට හේතු වෙමින් වසර 15 ක් වරින්වර සිර භාරයේ ගත කළ සුකී 2010 නොවැම්බර් 13 වැනිදා නිදහස් වුණේ එක දිගට සිර ගතවී වසර 7 කට පසුවය.
ආරක්ෂක හමුදා විසින් නිවස අසල අටවා තිබූ මාර්ග බාධක ඉවත් කෙරුණේ ඇය නිදහස් කෙරුණු බව ඉගි කරමිනි. එදින විශාල පිරිසක් ඇයගේ නිවස ආසන්නයට රැුස්ව සිට ඇත. ඇය නිවසේ ගේට්ටුව පිටුපස ඉඳිකර තිබූ තාවකාලික වේදිකාවක සිට ජනතාවට ආචාර කළාය.
ඇය එහිදී කියා සිටියේ  "අප එක්සත්ව ක‍්‍රියා කළහොත් අපේ ඉලක්කය ජය ගත හැකියි” යන්නයි. ඉලක්කය වූයේ ජුන්ටා පාලනය වෙනුවට ජනතාවගේ නිදහස් ජන්දයෙන් තේරී පත් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සිවිල් පාලනයකි.
සුකී නිදහස් කිරීමත් සමගම ඇයගේ බාල පුතුවන කිම් ඇරිස්ට මව බැලීමට වීසා නිකුත් කෙරිණි. සිය මව බැලීමට ඔහුට මෙම අවස්ථාව ලැබුණේ වසර 10 කට පසුවය. සිය පුතු ගුවන් තොටුපලේදී වැළදගත් සුකී ජන මාධ්‍යවලට ප‍්‍රකාශ කළේ තමන්ගේ දේශපාලනය නිසා තම පවුලේ අය දැඩි ලෙස පීඩාවට පත්වූ බවයි. එහෙත් ඔවුන් හැම විටම තමාගේ දේශපාලන සටන වෙනුවෙන් සහාය දෙමින් ඒවා ඉවසා සිටි බව ඇය පවසා සිටියාය. බාල පුතු එය තහවුරු කරමින් එහිදී සැම දෙනාටම තම වම් බාහුව ප‍්‍රදර්ශනය කළේ එහි සුකීගේ පක්ෂයේ ලාංජනය කොටා ඇති බව දැක ගැනීමට සලස්වමිනි.

නිදහස් වීමෙන් පසු අවධිය

2011 සුකී සහ බුරුම රජය සාකච්ජා ඇරඹීය. ඇයගේ බොහෝ ඉල්ලීම් ඉටු කර ගැනීමට මෙය කදිම රාජකාරිමය අවස්ථාවක් විය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස බුරුමයේ 10 වන දේශපාලන සිරකරුවා නිදහස් විය. වෘත්තීය සමිති නීත්‍යානුකූල කරන ලදී.
2011 දෙසැම්බර් 21 දින තායි අගමැති Yingluck Shinawa යැන්ගැන්වලදී සුකී මුණ ගැසිණි. මෙය විදේශ රටක නායකයෙකු සමග කරන ලද ප‍්‍රථම සාකච්ජාවය. 2012 ජනවාරි 5 දින බි‍්‍රතාන්‍ය විදේශ ඇමති විලියම් හේග් සුකී මුණ ගැසුණි. ඒ සමගම බුරුම රට වෙනුවෙන්ද නියෝජිතවරයෙකු සම්බන්ධ විය. මෙය සුකීට හා බුරුමයට ඉතා වටිනා අවස්ථාවක් විය.
2012 අතුරු මැතිවරණයේදී ඇමතිකමක් ලැබුනොත් එය භාර ගන්නවාදැයි ඇසූ පැනයකට ඇගේ පිළිතුර මෙසේ විය.
 "ඔබට මම එක දෙයක් කියමි. මෙම ව්‍යවස්ථාව යටතේ ඔබ රජයේ නියෝජිතයෙක් ලෙස පත්වන්නේ නම් ජතික සභාවේදී ඔබට ඔබේ ආසනය අත්හැරීමට සිදුවේ. එනිසා මම මගේ ආසනය අහිමි කර ගැනීම සඳහා පාර්ලිමේන්තු යාමට වැඩ නොකරමි.”
2012 අප්‍රෙල් 01 දින සුකී පාර්ලිමේන්තු අසුනක් දිනා ගත්තාය. ඇය ආසන 45 න් 43 ක්ම ජය ගත්තාය. ඇය විපක්ෂ නායකවරිය ලෙස පාර්ලිමේන්තුවට පත්විය. 2012 ජුලි 9 දින නීති සම්පාදකවරියක ලෙස ඇය ප‍්‍රථමවරට පාර්ලිමේන්තුවට පිවිසියාය.
2015 මැතිවරණයෙන් මියන්මාරයේ ජනපති පදවිය ඇයට ලබාදිය යුතු බවට 2012 ජූලි 6 දින සුකී ලෝක ආර්ථික සංගමයේ නිල වෙබ් අඩවියට ඇය නිවේදනයක් නිකුත් කරන ලදී. මෙම ජන්දයේදී එන්. එල්. ඩි පක්ෂය ජයගත් අතර විරුද්ධ පක්ෂය ආසන 135 ක් ලබා ගන්නා විට ඇය ආසන 225 ක් ලබා ගත්තාය. සුකී පැවසුවේ ව්‍යවස්ථාවෙන් ඇය ජනාධිපති වීම ගැන බාධා තිබුණද ඇය කෙදිනක හෝ එන්. එල්. ඩි රජයකට ජනාධිපති වීම වැළැක්විය නොහැකි බවයි.
2016 මාර්තු 30 ඇය විදේශ කටයුතු, ජනාධිපති කාර්යාල, අධ්‍යාපන හා විදුලි බල ඇමති බවට පත් විය. ජනාධිපති ක්වාව් ඇයට රාජ්‍ය උපදේශක තනතුරක්ද ලබා දුන්නේය. විදේශ ඇමති වීමත් සමගම චීනයේ, කැනඩාවේ, ජපානයේ, ඉතාලියේ විදේශ ඇමතිවරුන්ට මියන්මාරයට පැමිණීමට ආරාධනා කළාය. විදෙස් රටවල් සමග සබඳතා ඇති කර ගත්තාය.
ඇය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මෙලෙස දක්වා ඇත.  "විවිධ ස්ථානවලින් අපට ඉගෙනීමට විවිධ දේ ඇත. ආසියාවේ රටවල් මෙන්ම බටහිර රටවලින්ද ගත යුතු දේ ඇත. අපට දකුණු අප‍්‍රිකාව අමතක කරන්න බැහැ. අපි බලාපොරොත්තු වෙනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වූ සෑම රටකින්ම ඒ ගැන අහන්න.”
2017 වර්ෂය වන විට 72 විටෙහි පසුවන සුකී දේශපාලනය නිසා සිය පවුල් ජීවිතයේ නිසි ආශ්වාදය හා වින්දනය අහිමි කරගත් කාන්තාවකි.


මූලාශ‍්‍ර
x    දෙසතිය 2010 දෙසැම්බර් කලාපය
x    දෙසතිය 2009 අගෝස්තු කලාපය
x    දෙසතිය 1993 මාර්තු කලාපය 
      http: //en.Wikipedia.org/wiki/Aung-San-Suu-kyi

                                                                              
                                             සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි