ලිපි



අම්මා - පුදුම පිස්සුවක් නේ මේක. දැන නම් මට එපා වෙලා තියෙන්නෙ. බලන්න තව එකක් ගහගෙනනෙ. ඔළුවෙ කැක්කුම හැදෙනවා අයියගෙ වැඩවලට. තාත්ත එහෙන් කියවනව ඉවරයක් නෑ.බලන්න කැත. අප්පිරියාවෙ බෑ. මොකක්ද අර අලුතින් ගහගෙන තියෙන්නෙ නරි මූණක් වගේ. මං බැලුවෙත් නෑ හරියට. මිනිස්සු මොනවද නොකියන්නෙ. අපිටත් හරි නෑ.
මම - අනේ ඒක නම් ගණන් ගන්න දෙයක් නෙවෙයි. දැන් හැමෝම වගේ ගහනව. ඒක art එකක් නේ. ඔය අම්මලයි වයසෙ කට්ටිය තමයි එක එක කතා කියන්නෙ. එයාට හොදනම් අපිට මොකද? අනික shirt එකක් ඇන්දම පේන්න නැති වෙන්නනෙ තියෙන්නෙ. මිනිස්සු මොකක් කිව්වම අපිට මොකෝ. හරියට නිකං ඒ මිනිස්සුන්ගෙ ඇගේ තියනව වගේ. ඒකෙන් කාටවත් හානියක් නැහැනේ.
අම්මෙ.......මටත් ආසයි එකක් ගහන්න.
අම්මා - ..........**  (මේ අම්මාත් මාත් අතර ඇති වූ සංවාදයක සාරාංශයකි)
Tattoo වලට පිස්සුවෙන් වගේ ආදරය කරන අය වගේම ඊයා, මට නම් අප්පිරියයි කියන අයත් අපි අතර ඉන්නවා. කොහොම වුණත් tattoo අද වන විට ලොකු ඉල්ලුමක් තියන ගොඩක් ජනපි% විලාසිතාවක් කියල කියන්න පුළුවන්. තවත් විටෙක උන්මාදයක් කියලත් කියන්න පුළුවන්. අද tattoo සමග රැකියා අවස්ථා ගොඩක් නිර්මාණය වෙලා තියනව.
අපේ සමාජයේ නම් tattoo කොච්චර ජනපි% වුණත් ඒකත් සමග නරක අදහස් ගොඩක් නිර්මාණය වෙලා තියනවා. ඒ සමහර අදහස් වැරදියි කියලත් මට හිතෙනවා. Tattoo එකක් ගහපු සැනින් අපේ සමාජය විසින් ඔහුට පච්ච සිරා වගේ අන්වර්ථ නාම ලබා දෙනවා. වැඩිහිටි පරපුරේ බහුතරයක් tattoo වලට විරeද්ධයි. අම්මල තාත්තල කැමති නෑ තමන්ගෙ දර tattoo එකක් ගහල ඉන්නව දකින්න. ඒකට හේතුව tattoo ගහපු අය සමාජය විසින් හදුන්වන්නෙ රස්තියාදුකාරයො, කැපී පේනa ආසාවෙන් ඉන්න අය, නරක අය කියල. ඒ උනාට tattoo එකක් ගැහුව කියල ඔහුගේ හෝ ඇයගේ යහපත් අයහපත් බව මනින්න බෑ. සමහර විට ඉතාම හොද වැරදි වැඩක් නොකරන කෙනෙක් tattoo වලට කැමති  වෙන්න පුළුවන්. අපේ ලොකු දුර්වල කමක් තමයි මිනිසුන් අදින පළදින විදියෙන්, බාහිර ස්වරපයෙන් ඔවුන්ව මනින එක.
Tattoo එක තියෙන්නෙ tattoo එක ගහපු කෙනාගෙ ඇගේ. ඒ උනාට සමහර මිනිස්සු එක එක කතා කියන්නෙ විවේචනය කරන්නෙ තමන්ගෙ ඇගේ තියනව වගේ. මොන පිස්සුවක්ද මං දන්නෙ නෑ, සල්ලි වියදම් කරගෙන වේදනා විද ගෙන ලස්සනට තියන හම කැත කර ගන්න”. එතකොට tattoo වලට කැමති අය අහන්නෙ සල්ලි වියදම් වෙන්නෙ කාගෙද? ඔයාගෙද නෑ, වේදනා විදින්නෙ කව්ද? ඔයාද නෑ, හම කැත වෙන්නෙ කාගෙද? ඔයාගෙද නෑ, ඒ නිසා ඔයාට %ශ්නයක් නෑ..කියල.
            දියුණු වෙන ලෝකයේ එක රටක සංස්කෘතියක් තවත් රටක සංස්කෘතියකට එකතු වෙන්න යන්නෙ තත්පර කීපයක්. සන්නිවේදනයේ වේගවත් බව නිසා අපට දැනුම, තොරතුරe, අදහස් ලැබෙනවා.අපට ළං වෙන සමහර සංස්කෘතීන් අපි හරි ඉක්මනින් අල්ල ගන්නවා. ඒව අපේ කර ගන්නවා. අපිට අලුතින් එන දේවල් නවත්වන එක සීමා කරන එක පහසු දෙයක් නෙවෙයි. අපි දැන ගන්න ඕන ඒව අපිට වැදගත් වෙනවද? අපිට හානියක් කරනවද? කියල තේරම් අරගෙන අපිට ගැළපෙන විදියට භාවිතා කරන්න.
                                                           
                                                                        සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි

7 comments:

  1. පච්ච කෙටීම කලාවක්. හැබැයි ඉස්සර පච්ච ‍කොටව ගත්තු අය ඒ ගැන අද දුක් වෙන අවස්ථාවලුත් තියනව. එදා එයාගෙ සිතිවිලි නෙවි අද තියෙන්නෙ ඒ නිසා පච්ච කොටවන්න කලින් හොඳට හිතල තුන්කල් දක්නා එකක් කොටව ගත්තනං හොයි. ඒත් ඒකත් ප්රායෝගිකද මන්දා

    ReplyDelete