Monday, October 1, 2018

ඔබ සිරැරේ ගල්වන සබන් ඔබට ගැලපෙනවාද?



අප ඇගෙහි ගැල්වීම සදහා සබන් තෝරා ගැනීමේදී සැලකිලිමත් වන්නේ වෙළද නාමය හා සුවද කෙරෙහි පමණි. නමුත් වඩන හා ඇග ගල්වන සබන් මිලදී ගැනීමේදී එහි සුවද, වෙළද නාමය, පෙන නැගීමේ ස්වභාවය හා පවිත්ර කිරීමේ හැකියාව පිළිබද පමණක්ම සැලකිලිමත්වීම ප්රමාණවත් නොවේ. මන්ද පාලංකාර නිෂ්පාදන අතුරෙන් සබන්වලට %ධාන ස්ථානයක් හිමිවන බැවින් සබන් තෝරා ගැනීමේදී එම සබන් වර්ගය සමට ගැළපේද යන්න විමසීම වැදගත් වේ. නිවැරදි සබන් වර්ගයට පිරිසිදු කිරීමට අමතරව, සම නිරෝගී කිරීමේ හැකියාවද තිබේ. එසේ නොකළහොත් දීර්ඝකාලීනව භාවිතා කිරීමෙන් එම සබන් විශේෂය සමට හානි සිදු කරනු ඇත.
සබන්වල සොයා ගැනීම
අහඹු පතිඵලයක් ලෙසින් මුල්වරට සබන් සොයා ගනු ලැබුවේ කි. පූ 600 දී පමණ පිනීක්වරeන් විසිනි. එනම් එම වැසියෙකු පූජා අල්තාරයකට ජලය දමා එය තදින් අතුල්ලා සෝදද්දී එහි පෙන නැගුණු අතර කදිමට පවිත්ර වීමක්ද සිදු විය. එයට අනුව ලොව ප්රථම ඝන සබන් නිපදවූයේ දෙවියන්ට පූජා කරන ලද එලුවන්ගේ මුදවන ලද මේදය, ගින්නෙන් දවන ලද පොටෑසියම් කාබනේට් අලු හා ජලය එක් කිරීමෙනි. ප්රථම e වඩන සබන් නිපදවූයේ 1878 දී පාර්ලි pocter හා ඔහුගේ ඥාති සොයුරෙකු වූ ජේම්ස් ගැම්බල් විසින් වන අතර ඔවුන් එය නම් කළේ අයිවර් යනුවෙනි.
සබන්වල අන්තර්ගතය
සාමාන්‍ය‍ෙයන් සබන්වල ඇතුලත් මූලික අමුදව්‍ය වන්නේ සත්ව හා එලවලු මේදය, සෝඩියම් හයිf%dක්සයිඩ් හා සෝඩා වැනි කුණු ඉවත් කරන ව්‍යයන් වේ. මෙහිදී තෙතමනය ලබා දීමට අන්තර්ගත කරන අමුදව්‍යයන් අතර, ග්ලිසරින්, එලවලු මේදය හෝ ලැතෝලින් ඇති අතර එමගින් සමේ වියලි බව ඉවත් කරයි. ස්වභාවික යහගුණය හා  කාබනික ව්‍යයන් ඇතුළත් සබන්වල සෙසු සබන්වලට වඩා සම මෘදු කිරීමේ ස්වභාවයක් ගනී. එයට ඇතුලත් විය යුත්තේ ශාක සාර වුවද, තවමත් විවිධ රසායනිකයන් ඇතුලත් කරනු ලබයි. එහෙයින් සැමවිටම සබන් මිලදී ගැනීමේදී එහි අඩංගු ව්‍ය සදහන්ව තිබේදැයි බැලීම වටී. එයට අමතරව ස්වභාවික යහගුණය පදනම් කරගත් සබන්වල විටමින් හා කෝමාරිකා පොදු අමුදව්‍යයන් වන අතර එයට මිල අධික වයක් වන කැපේන්, බටර්, කොකෝවා බටර්, එලුකිරි, මිදි යුෂ තෙල්, පැස්බරe තෙල්, මල්වලින් ලබාගත් සාරය, දිලීර සාරය හා මළ මුහුදෙහි මඩද ඇතුලත් වේ.
සබන් පෙන නැගීම
වෙළදපොලෙන් මිලදී ගන්නා සාමාන්‍ය සබන් වර්ගවල ඇත්තේ සුවද හා ඕනෑම ජලයක් හමුවේ පෙන නැගීමට අවශ්‍ය අමුදව්‍යයන්ය. සාමාන්‍යfයන් දිය නෑමකින් පසුව සම වියලි ස්වභාවයක් ගැනීම හෝ ඇදුනු ස්වභාවයකට පත්වේ. නමුත් එයට හේතු වන්නේ සමෙහි තෙතමනය එමගින් ඉවත් කර අධික වියලි තත්වයක් නිර්මාණ කිරීමටය. එහි තිඵලය වන්නේ සම රැලි වැටීම වියපත් වීම හා වියලි ස්වභාවයකට පත්වීමය. සාමාන්‍ය‍ෙයන් සබන් භාවිතා කර සේදීමකින් පසුව විනාඩි 20 ට පසුව සම සාමාන්‍ය තත්වයකට පත්වීම අවශ්‍යවන අතර, එසේ නොවුනොත් එම සබන් සමට නොගැලපේ.
චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරeන්ගේ මතයට අනුව සබන් යනු දෛනික සම පිරිසිදු කිරීමේ කියාවලියට අවශය වූවක් මිසක, සුවදවත් කිරීමක් සදහා අවශය වූවක් නොවේ. එහෙයින් එය පාලංකාර ව්‍යකට වඩා සම නිරෝගී කර වන්නකි. එහෙයින් මුහුනෙහි තවරන සබන්වල මුහුණට ගැලපෙන තෙතමනයක් රදවා ගැනීමේ හැකියාව තිබිය යුතුය. එවිට සම රැලි වැටීමෙන් වලකී. සමාන්‍යයෙන් e වඩන සබන් අතර, ස්වාභාවිකව්‍ය හා ආයුර්වේද ව්‍ය, කාබනික ව්‍ය, ග්ලිසරින් හා විවිධ අමුදව්‍යයන්ද අඩංගුවීමට හැකිය.
සබන් හා බොඩි වොෂ්
සබන් හා බොඩි වොෂ් අතර ඇති වෙනස වන්නේ බොඩි වොෂ් අලුත් සංකල්පයක් වීම හා එහි පෙන ගැන්වීම පහසු වීමය. නමුත් චර්ම රෝග විශේෂඥයන් පවසන අන්දමට සමහර බොඩි වොෂ්වලට රෙදි සෝදන කුඩු ඇතුලත්ව තිබේ. එසේ වුවොත් එය සම වියලීමට හේතු වේ.
විශේෂඥ මතය
සබන් පිළිබද වන විශේෂඥ මතයට අනුව සබන් වේගයෙන් සම වියලන අතර එය ඉක්මනින් සම වියපත් කරවයි. එහෙයින් සැමවිට භාවිත කළ යුත්තේ සමෙහි තෙතමනය ඇති කරවන සබන්ය. එයට අමතරව , මුහුණ සේදීමේදී face wash භාවිත කිරීම අවශ්‍ය වේ. තවද බොහෝ වියලි, වියපත් හා බොහෝ සංවේදී සමකට සුදුසු වන්නේ සබන් අඩංගු නොවන පිරිසිදු කිරීමේ දියරයකින් පිරිසිදු කිරීමය. ඒවායේ කිසිදු මේදයක් අඩංගු නොවේ. එම සබන් නොවන සේදීම් දියරයන්හට සමෙහි පැවතිය යුතු ජල පරිමාව ආරක්ෂා කළ හැකිය. සමේ සාමාන්‍ය‍ෙයන් පැවතිය යුතු ජල පරිමාව වන්නේ PH 5.5 - 6.5 අතර %මාණයකි. තවද , බොහෝ සංවේදී හා වියලි සමකට සුවදින් තොර සබන් භාවිතය විශේෂඥයින් අනුමත කරයි. මන්ද සුවද කාරක සමග සමෙහි අසාත්මික තත්වයක් ඇති කිරීමට හැකිය. ලබන සතියේ නිසි වයසට පෙර සම වියපත් වීමට බලපාන හේතු විමසා බලමු.
 
උපදෙස් - රEපලාවන්‍ය උපදේශිකා නන්දනී සෙනරත්
සංස්කෘතික මධ්‍යස්ථානය
කැලණිය විශ්වවිද්‍යාලය


සැකසුම - සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි