Saturday, August 5, 2017

මුල අමතකව….



දානෙට මගුලට මරණෙට සිටියෙ           එදා
සතුටට දුකට දෙකටම ළග රැදුණි           එදා
නොකළ උදව්වක් නැත ඉල්ලූ විටදි        එදා
මුල අමතකව සිටිතී අද අහක                 බලා

සිටිනට හැකිය හදුනන්නේ නැති               විලස
වදනක් දෙඩිය හැක අද හදුනාගත්             විලස
වෙනදා වාගෙ නොව ඇත පිරිවර මී මැසි    විලස
අමතක කළ හැකිද මුල වැල්ලේ තැබු පය  විලස

හැකිය කරන්නට අමතක සරැ වූ විට      දිවිය
නමුදු මුලක් ඕනැයි ගහකට සිටිනට       සෘජුව
මිතුර නුඹට මුල මතකේ නැති                හැඩය
මුල අමතකව ඔතරම් බැබළෙනු            කිමට
                               
                                                            සුවිනි