Friday, August 10, 2018

ඇවිත් යන අවුරැද්ද




ආත්තම්මලා සීයලා මුණුබුමිනිබිරියන් වැඩියෙන් සමීප වෙන්නේ අලුත් අවුරැදු කාලෙට. මුණුබුරැ මිනිබිරියන්ට දෙන්න තෑගි ගන්නෙ කැවිලි හදන්නෙ අවුරeදු චාරිත% වාරිත% කියා දෙන්නෙ සීයල ආත්තම්මල. ඒ කාළෙ මෙතෝදිස්ත කිතුනු ඉස්කෝලෙන් පාසල් හැර යාමේ විභාගය පාස් වෙලා හිටපු සීයා රස්සාවට කළේ ඉස්පිරිතාලෙ උපස්ථායක රැකියාව. සීයා හරි ආසාවෙන් රේඩියෝ එක ඇහුව. අවුරeදු දවසවලට අද වගේම ඇහුන සිංදු කීපයක්ම තිබුණ.
බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද ඉද්ද පනා මල් කැන් පිපිලා
සද්දෙ මොකෝ අවුරැද්ද ඇවිල්ලද නැද්ද කනෙයියනි රොන් හැදිලා....

දොඩම් කපාලා ඇඹුල් තනාලා
නාන්න යන හැටි බලන් කලූ....
රේඩියෝ එකේ මේ සිංදු ඇහිල ඉවර උනාම සීයත් ඒ සිංදු කිව්ව. දැන් තමයි මට තේරෙන්නෙ සීය එදා ගායනා කළේ ඒ සිංදු පද වරද්ද වරද්ද බව. ඒත් ඒ සිංදුවල තාලය නම් හරියටම හරි. ඒ වගේම සීයා තමයි මට මුලින්ම කතන්දර කියල දුන්නෙත් රබන් පද කියල දුන්නෙත්.
කැත්තත් අරගෙන වත්තට යනකොට
පෙත්තෙක් ඉදගෙන කජු කනවා....

වගේ මට මතකයි අවුරeදු කුමාරයෙක් ගැනත් එයා අපේ ගෙදරට එනව කියලත් දිග කතාවක් කිව්ව. සීයා කියල දෙන කතාවලින් ගොඩක් සීයම ගොතපු ඒවා බව තේරeණෙ මට ටික කාලයක් ගියාම. අපේ%ල් මාසෙ පටන් ගන්න කොටම සීයා මිදුලෙ තිබුණු අඹ ගහේ ඔංචිල්ලාවක් බැදල දෙනව. අවුරeදු මාසෙ මම දවසින් වැඩි වෙලාවක් ගෙවන්නෙ ඔංචිල්ලාව පදින්න. ආත්තම්මා කෑ ගහද්දි මං බත් කන්නෙත් ඔංචිල්ලාවට වෙලා. ආත්තම්මත් සීයත් එක්ක සමරපු අලුත් අවුරeදු හැම එකක්ම මට ගෙනාවෙ අලුත් අත්දැකීම්. ඒ වගේම කියා ගන්න බැරි සතුටක්. ඒත් එයාල හැමදාම අපිත් එක්ක ඉන්නෙ නෑ. ඒ වගේම හිටියෙත් නෑ.
මා කුඩා කාලයේ උදා වුණු සිංහල හා හින්දු අලුත් අවුරeදු උදාවන් හා බැදුණු සුමිහිරි මතකයන් රැසකි. අවුරeද්දට ආත්තම්මාට තමයි වැඩ වැඩිම. අවුරeදු නිවාඩුවට ලොකු තාත්තල, ලොකු අම්මල, නැන්දල, මාමල හැමෝම මහගෙදර එන නිසා ගේ අස් පස් කරනව. මකුලු දැල් කඩනව. ගෙවල් හෝදනව. කැවිලි හදනව. ආත්තම්මා කඩියෙක් වගේ කඩිසර වෙලා. කැවුම් හදන හැටි බලන් ඉන්න තමයි මං ආසම. තෙල් තාච්චියට ඒද ගත්ත පිටි හැන්දක් වක් කරල ඉරට්ට ඒක මැදින් තියල වටේ තියන තෙල් හැන්දෙන් මැදට දාන කොට තෙල් බුබුළු මතු වෙන හැටි බලන් ඉන්න ලස්සනයි. ඒ වගේම තමයි ඉවසගන්න බැරි කැවුම් සුව|. මම ඉතිං පොඩි බංකුවක් ලිප ලගින්ම තියාගෙන ලිපට කොලපු, පොල් කොළ දානව. සමහර වෙලාවට ඔය ඇති ළමයො ඔච්චර දාන්න එපාකියල ආත්තම්මා සැර වෙනව. ඒ අතරෙදි තෙල් බේරෙන්න කිරි ගොට්ටට දාන කැවුමක් උනු උනුවෙම, අත්තම්මෙ මං එකක් කන්නද?කියල ඉවසන් ඉන්න බැරිම තැන ඇහුවම හා එකක් කන්න ආයෙ අහන්න එපා හදල ඉවර වෙනකං. කියල ආත්තම්ම කියන්නෙ දන්නව එකක් ඉවර වෙනකොට තව එකක් ඉල්ලනව කියල. උනු උනුවෙම අරගෙන අත පිච්චෙන නිසා අල්ලෙන් අල්ලට මාරe කර කර කැවුම් ගෙඩියට පිඹ පිඹ කට පිච්චි පිච්චි කාපු කැවුම්වල රස මතක් වෙද්දි දැනුත් කටට කෙළ උනනව. ආයෙ ඉතිං ලස්සනට හැදිච්ච කැවුම් කන්න හම්බ වෙන්නෙ නෑ. හොදට ලස්සනට හැදිච්ච කැවුම් ආත්තම්මා හංගල තියනව. අවසානෙට හදන ඇද වෙච්ච කැවුම් තමයි අපිට කන්න දෙන්නෙ. අවුරeදු දවස වෙනකං.
කැවුම් හදන අතරෙ ආත්තම්මා කැවුම් හදන්න ඉගෙන ගත්ත හැටි, ඒ වගේම කැවුම් හදන්න හාල් පිටි එකතු කළ හැටිත් කියනව. මං කරන්නෙ සීයට හාල් ඉවර වෙන්න කලින් ඒ කියන්නෙ ටිකක් තියා ගෙන හාල් ඉවරයි කියනව. ඊට පස්සෙ අර ඉතුරe කර ගත්ත හාල් හෝදල කොටල පිටි හදාගෙන තමයි කැවිලි හදන්නෙ. මමත් ඒ කාලෙ පුංචි කමට හිටියට හරි කටකාරයි. එතකොට ආත්තම්මෙ ඒවට ගුල්ලො ගහනවනෙ. අනේ ළමයො, පණ්ඩිතකං දොඩවනවනෙ. එච්චර පරණ වෙනකං තියා ගන්නෙ නෑ. මං පොඩි කාළෙ හරි පණ්ඩිතයිලු. ඒ කියන්නෙ කටට එන හැම ‍දේම ඕන තැනකදි ඕන වෙලාවකදි කියල දානව. ඒ වගේම හැම වෙලාවෙම කියවනව. ඒ නිසා ආත්තම්ම මට කිව්වෙ දෙමලිච්චන් මල්ල පොළවෙ ගහල වගේ කියල.
සීයා ගමේ කාටදෝ කියා නෑ ගමන් යන විට ගෙනි යන්න උඩ බැලුම් පෙට්ටියක්ම හදවනව. මට මතකයි සීයා මට එකක් කන්න දුන්නත් ඒකෙ රසට තව එකක් කන්න හිතුණ. ඉතිං මම සීයා පේන්න නැති වෙලාවක ඉස්තෝප්පු කාමරයේ මේසය උඩ තිබූ කාඩ්බෝඩ් පෙට්ටියෙන් උඩ බැලුමක් අරගෙන කෑවේ සීයාට අහු නොවෙන්න හොරාට. නමුත් පyqවදා සීයා උඩ බැලුමක් කෑව නේ යි ඇසූ විට මට දාඩිය දැම්ම. දාඩිය දැම්මෙ බයටද ලැජ්ජාවටද කියල හිතා ගන්න බෑ. සීයා කොහොමද දැන ගත්තෙ මං එකක් අරන් කෑව කියල. මට හොදටම විශ්වාසයි  හොරාට කාමරයට යන කොට කවුරeවත් දැක්කෙ නෑ කියල. පස්සෙ කාළෙක  මට හිතුන අනිවාර්යයෙන්ම සීයා උඩ බැලුම් ගණන් කරල තියන්න ඇත්තෙ කියල.
මගේ මූණ හොද නැති වෙන්නේ අවුරeද්දට ගනු දෙනු කරනා විටය. සීයා රeපියල් දහයේ නෝට්ටුවකුත් ආත්තම්මා පහේ කාසියකුත් බුලත් කොලයක ඔතා වදින්නට ගිය විට දෙන්නේය. ඉහ වහ ගිය සතුටින් වැද බලන විට අයියාට මට වඩා මුදලක් දෙදෙනාම දී ඇත. එවිට මා සිතුවේ මට වඩා අයියාට ආදරේ බවය.  මම ඒ කාලයේ සිතා සිටියේ වයසින් වැඩි අයට වැඩි මුදලක් ද වයසින් අඩු අයට අඩු මුදලක්ද දිය යුතුයි කියාය. නමුත් ආත්තම්මා මට අවුරeද්දට අනිවාර්යයෙන්ම ගවුමක් මසා දුන්නාය. අවුරeද්දට නෑ දෑ ගෙවල්වල නෑගම් යන විට මා ඇදගෙන යන්නේ ඒ ගවුමය.
            අලුත් අවුරeද්දට අපට සුන්දර මතකයන් ගෙනාව සීයා  අලුත් අවුරeaදකම අපට දුක්බර මතකයකුත් ඉතිරි කළේය. සියා නැතිවෙන කොට සීයට අවුරeදු අනූ පහකි. තමන්ගෙ වැඩ තනියම කර ගනිමින් නිරෝගීව සිටි සීයා වයස නිසාම ටිකෙන් ටික දුර්වල වන්නට විය. ඇවිදින්න අපහසු වුණු සීයා ඇදටම විය. අපේ%ල් මාසෙ අවුරeද්ද ළං වෙන්න වෙන්න සීයගෙ දුර්වල වීමත් වැඩි වෙන්න පටන් ගැණුනි. ටිකෙන් ටික සීයා අපිත් එක්ක කතා කරන එකත් සීමා විය. වෙනද වගේම බක් මාසෙ කොහා කෑගැහුවත් උගේ සද්දෙ අපිට ඈතින් ඇහුණෙ. කජු ගස්වල කජු පුහුලන් එකක්වත් අපිට කන්නට බැරි විය. වෙන අවුරeදුවල වගේ කජු නාඹර කඩල කජු මද තෙල් දාල හදන සම්බෝලෙ හැදුවෙ නැත. කාටවත් කජු වාරෙ ගැන කිසිම උනන්දුවක් නොතිබුණි. ඒ හේතුවෙන් දඩු ලේනුන් උපරිම %යෝ ගන්නා ආකාරය දැක ගන්නට හැකි විය. තෙල් තාච්චියක් ලිපේ තිබ්බේම නැත. අඹ ගස්වල අඹ හැදිල තිබුණත් ඒවා ඉදිල බිම වැටිල පොළවටම පස් වුණි.
            වසන්ත කාලය වුණත් බකමූණෙක් අවුරද්ද ළං වෙද්දි මිදුලටම ඇවිත් කෑ ගැහුවා. නෑදෑයො ආවෙ අවුරැදු ගමන් නෙවෙයි. ඉතාමත් ශෝකයෙන් සීයා බලල යන්න. සීයගෙ අවසාන දවස් ටික ගෙවෙන්නෙ කියල හැමෝටම තේරිල තිබුණෙ. කරන්න කිසිම දෙයක් ඉතුරe වෙලා තිබුණෙ නෑ. සීයව තවත් දවසක් හරි ජීවත් කරවන්න දොස්තර මහත්තය ගෙදරට එක්කගෙන ඇවිත් සේලයින් දෙන එක විතරයි කරන්න තිබුණෙ. තාත්තල, ලොකු තාත්තල, නැන්දල, මාමල රෑ තිස්සෙ නිදි මැරe. ගෙදර හැමෝම දුකෙන් වෙහෙස මහන්සියෙන් හිටියෙ.
            කොහොම හරි සීයා අපේ%ල් දහතුන් වෙනිදාත් පහු වෙනකම් අපිත් එක්ක හිටිය.  ඒත් දාහතර වෙනිදා රාති%යෙ සීයගෙ හුස්ම සදහටම නැවතුනා. ඒ ආරංචිය ඇහෙද්දි මගේ ඇස්වලට කදුළු පිරe. ජීවිතයෙ පළවෙනි වතාවට තමයි මට මගේ සමීපතමයෙක්ගේ වෙන්වීමක් දරා ගන්න සිද්ධ වුනේ. පි%යයන්ගෙන් වෙන් වීම කොච්චර දුකක්ද කියල සීයා තමයි මට මුලින්ම කියල දුන්නෙ. නමුත් ඒ දුක දරා ගන්න පුංචි මට හැකියාවක් තිබුණෙ නෑ. ඒ නිසා මං ඉකි ගගහ ඇඩුව. සීයගෙ නිසල සිරe තැන්පත් කරල තිබුණ පෙට්ටිය භූමදානය කරන්න වත්ත පහළට ගෙනි යන කොට වැට අස්සෙන් පිපිල තිබුණු එරබදු මලක් එබිල බලන් ඉන්නව මට මතකයි. අදටත් අවුරeදු ළං වෙද්දි වැට දිගට එරබදු මල් පිපිල තියනව දකින කොට සීයගෙ අවමගුල් පෙරහැර මට ඉදිරියෙන් සෙමින් ගමන් කරනව මැවිල පේනව. පාර දෙපස අවුරeදු කාළෙට පිපෙන ගොඩමානෙල් මල් එදා හැනදෑවෙ පර වෙලා තිබුණෙ අපිත් එක්ක දුක බෙදා ගන්නව වගේ. අදටත් පාර දෙපැත්තෙ ගොඩමානෙල් මල් පිපිල පර වෙලා කියනව දකින කොට එදා දුකින් පිරිල තිබුණු මූණු ගොඩක් මට මතක් වෙනව.
                                                                       
                                                                        සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි
                                                                       

5 comments: