Friday, December 1, 2017

මග බලන්


 මග බලන්.......
එලිපත්තට පූසා ඇවිත් මූණ හේදුවා දුටුවා
පාන්දරම පොල්කිචි ජෝඩුව මට පේන්න කෑගැහුවා
කලබල සිත දඩුවම් දෙයි මා පය එහෙ මෙහෙ ගැටෙනා
තව දුරයිද තව දුරයිද ටෙලිපෝනය මග කියනා

 කපු මහතගෙ කතාවෙ නම් ඔහු හරි කඩවසම් වුණා
ඒ පෙනුමට මගේ පෙනුම සේදී යාවිද මන්දා
කතා කරන්නට කීවොත් දෙන්නට මොනව කියන්නද මන්දා
අම්මේ මගෙ හදවත දැන් ලඩ් ඩබ් ලබ් ඩබ් ගානා

වත්සුණු ඕනෑ නෑ මට සැබෑ පෙනුම අදට හොදා
නැතිනම් මතුවට ගැටලුයි රෑපය හොද නැති වීලා
නැන්දම්මා ඇතුළු පිරිස මගෙ උඩ සිට පහළට බලනා
විලිබර වී මගේ නෙතත් බිමට හැරේවිද මන්දා

අලුත ගෙනා මනමාලිය කවි පන්තිත් මතක් වෙනා
ඊයේ රෑත් බුලත් හෙප්පු සිහිනෙන් මා අත රැදුනා
පරිසරයම අමුතු වෙලා රහසක් පවසන සැටියා
මට සිකුරැයි නුඹම තමයි මට හිමිවන ඒ කුමරා

                                                සුවිනි

Saturday, September 30, 2017

මලක්




                                                        
        මලක්....

පැතුවත් රතු මලක්

විය හැක එය කහ මලක්

නොදැකම කහ මලක්

වේදෝ එය සුදු මලක්

                       

Saturday, August 5, 2017

මුල අමතකව….



දානෙට මගුලට මරණෙට සිටියෙ           එදා
සතුටට දුකට දෙකටම ළග රැදුණි           එදා
නොකළ උදව්වක් නැත ඉල්ලූ විටදි        එදා
මුල අමතකව සිටිතී අද අහක                 බලා

සිටිනට හැකිය හදුනන්නේ නැති               විලස
වදනක් දෙඩිය හැක අද හදුනාගත්             විලස
වෙනදා වාගෙ නොව ඇත පිරිවර මී මැසි    විලස
අමතක කළ හැකිද මුල වැල්ලේ තැබු පය  විලස

හැකිය කරන්නට අමතක සරැ වූ විට      දිවිය
නමුදු මුලක් ඕනැයි ගහකට සිටිනට       සෘජුව
මිතුර නුඹට මුල මතකේ නැති                හැඩය
මුල අමතකව ඔතරම් බැබළෙනු            කිමට
                               
                                                            සුවිනි

Saturday, July 15, 2017

(නො)සිල්වත්තු



අසයි නිරතුරැ බණ පද ගුවනින්
නගයි පිය පන්සල වෙත බැතියෙන්
අදියි පිරැවට කිරිම කිරි පැහැයෙන්
එතියි නිවසට ඇදිරියේ වැනෙමින්

                                  සුවිනි