Wednesday, January 2, 2019

පුංචි උපදෙසක්

මට ඉස්සෙල්ලම හම්බවුණේ තාත්තගෙ පරණ phone එක.ඒක අරන් හා හා පුරා කියල පන්ති ගිය මුල්ම දවස කවදාවත් අමතක වෙන්නෙ නෑ.ඉතිං එදා මගේ හොදම යාළුවො කීපදෙනාට නම්බර් එකත් දීල එයාලගෙ නම්බරැත් save කර ගත්ත.හවස ගෙදරට ආව විතරයි කෝල් එකක්.phone එක සාලෙ මේසෙ උඩ.මම කුස්සියෙ.තාත්ත answer කළා.මාත් හිටියෙ කුස්සියෙ උනාට කන තිබුණෙ සාලෙ.හෙලෝ..හෙලෝ..හෙලෝ..අනිත් පැත්තෙන් සද්දයක් නෑ වගේ. තාත්ත call එක cut කළා.වැරදිලා වෙන්න ඇති. ඔන්න ආයෙත් call එකක්. තාත්ත answer කළා.හෙලෝ..හෙලෝ..නෑ සද්දයක්.ආයෙත් call එකක්.ඒ නම්බරේමයි.තාත්ත answer කළා.තාත්තත් කපටි නෑ. හෙලෝ කියන්නෙ නැතුව අහගෙන ඉන්නව.අනිත් පැත්තෙන් සද්දෙකුත් නෑ.මටත් ඉතිං මාර කුතුහලේ.කව්ද මේ call කරන්නෙ.තාත්ත මොකුත් කිව්වෙ නෑ.අම්ම නම් අහනව කාට හරි නම්බරේ දුන්නද? නෑ නෑ මහේෂිකාටයි,සුදර්ශිටයි,සේපාලිකාටයි විතරයි දුන්නෙ. හොදට මතක් කරල බලන්න වෙන කාටවත් දුන්නද කියල.නෑ නෑ වෙන කාට දෙන්නද? ඔන්න ආයෙත් call එකක්. Phone එක දැන් සාලෙ මේසෙ උඩ නෑ. තාත්තගෙ මේසෙ උඩ.වෙලාවට තාත්ත කඩේටද කොහෙද ගිහින්.මං ගන්න යන්න හදනකොටම අම්ම උදැල්ල දැම්මනේ ඉතිං.ඕන නෑ answer කරන්න.දන්නෙ නැති කෙනෙක්නෙ. කීප සැරයක්ම rings ගියා. ඔන්න ආව msg එකක්.දැන් නම් ඉන්න බෑ.මොකක්ද msg එක. ලැජ්ජාවෙ බෑ.msg එක මොබිටෙල් එකෙන්. ආයෙත් ආව තව msg එකක්.දැන් නම් බලන්න හිතෙන්නෙත් නෑ.ඒක නම් mobitel එකෙන් නෙමෙයි. msg එකේ තිබුණෙ මෙන්න මෙහෙම..නංගි මං පොඩි උපදෙසක් දෙන්නෙ.අනිත් දවසෙ කාට හරි නම්බරයක් දෙද්දි එයාට විතරක් ඇහෙන්න කියන්න.මං ඉස්සරහ සීට් එකේ හිටිය අයිය..බොහොම ස්තුතියි අයියෙ.අදටත් මන් ඒ උපදෙස පිලිපදිනව.ඒත් මට ඉස්සරහ සීට් එකේ කව්රැහරි හිටියද කියන්නවත් මට මතක නෑ.
සුවිනි ඉන්දීවරී