Tuesday, July 31, 2018

සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑ


සම අපගේ ශරීරය ආවරණය කරන බාහිර වැස්මයි. ශරීරයේ උෂ්ණත්වය ආරක්ෂා කිරීමල විෂබීජවලින් ආරක්ෂා කිරීම සම මගින් සිදුවන වැදගත්ම ප‍්‍රයෝජනයි. සමේ වර්ණය ස්වභාවය හෙවත් තෙත් බව වියළි බව ඇතිවන්නේ සම සම්බන්ධ කුඩා ග‍්‍රන්ථිවලිනි. මෙම ග‍්‍රන්ථිවලින් ස‍්‍රාවය කරන මෙලනින් වර්ණක නිසා සමේ වර්ණය කළු පැහැය සහ සුදු පැහැය අතර වර්ණ ස්වභාව ඇති වේ. එසේම සමට යටින් තිබෙන තෙල් ග‍්‍රන්ථිවලින් ශ‍්‍රාවය වන තෙල් නිසා සමේ තෙත් ස්වභාවයේ සිට වියළි ස්වභාවය අතර වෙනස්කම් ඇතිවේ. සමට යටින් තිබෙන දහදිය උනන ස්වේද ග‍්‍රන්ථි මගින් ශරීරයේ අපද‍්‍රව්‍ය දහදිය ලෙස බැහැරට පිටවේග එසේම සම හරහා සිදුවන වායු හුවමාරැව නිසා ශරීර උෂ්ණත්වය පාලනය කෙරේ. එම නිසා සම වායුගෝලයට නිරාවරණය කර තැබීම මෙන්ම පිරිසිදුව තබා ගැනීමද ඉතා වැදගත්යග සම ගැන සැලකිලිමත් වීම හා සමානව සමේ ආලේපන ගැල්වීමේදීද ඉතා බුද්ධිමත් විය යුතුය.
මුහුණට වැළදෙන සමේ රෝග අතුරින් සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑවලට ප‍්‍රධාන තැනක් ලැබේග සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑ යෞවන යෞවනියන් අතර සුලභ අතර සමහර අවස්ථාවලදී වැඩිහිටියන්ද සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑ නිසා පීඩාවට පත්වේ. එබැවින් මෙය කරදරකාරී තත්වයකි. 
සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑ සදහා කළ යුතු ප‍්‍රතිකාර 
සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑවක් ඇති වීමෙන් පසුව සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑව මත පිරිසිදු පුළුන් ස්වල්පයක දවටන ලද අයිස් කැටයක් තබන්න. එයින් සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑවේ රතු පැහැ වීම අඩු කරයිග ඉදිමීම අඩුකර තුවාලය සුව කිරීමට උපකාරී වේ. ශරීරයට පිරිසිදු වාතාශ‍්‍රය ලැබීමට සලස්වන්න. නමුත් තද අව් රෂ්මිය සුදුසු නැතග දිනපතා සැහැල්ලු ව්‍යායාමයක යෙදීම ඉතා වැදගත්ය. මළපහ වීම ක‍්‍රමවත්ව තබා ගැනීමල හොද නින්දක් ලබා ගැනීමද ඉතා වැදගත්ය. සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑව මොනම හේතුවක් නිසාවත් පොඩි නොකළ යුතුය. එමනිසා සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑව පැසවා පිපිරැණහොත් පිරිසිදු උණුසුම් වතුර ස්වල්පයක් ගෙන පිරිසිදු පුළුන් හෝ රෙදි කැබැල්ලක් ගෙන සෙමින් තෙරපමින් සැරව ඉවත් කළ යුතුය. දවසකට දෙවරක් හෝ තුන්වරක් පිරිසිදු වතුරෙන් මුහුණ සේදිය යුතුය. කෙසේ වූවත් සබන් පාවිච්චියෙන් වැළකිය යුතුයි. එයින් සම තවත් වියළීයාම ඇතිවේ. තෙල් සහිත ආලේපන මුහුණේ ගැල්වීමෙන් වැළකිය යුතුය. දිනපතා හෝ දවසක් හැර දවසක්වත් කෙස් හොදින් සෝදා ස්නානය කළ යුතුය.
විවිධ වර්ගයේ උපත් පාලන ඖෂධ සහ කෝර්ටිකෝ ස්ටෙරොයිඩ් අඩංගු ඖෂධ යනාදී ඖෂධ වර්ග කිහිපයක් නිසා සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑ ඇති වීම වැඩිවිය හැක. මානසික ආවේග සමග ඇතිවන රෝග ආහාර ජීර්ණයට සහ අන්තරාසර්ග ග‍්‍රන්ථිවල කි‍්‍රයාකාරිත්වයට බලපෑම් ඇතිකර එයින් ආහාරයේ ජීර්ණය දුර්වල කරයි. එයින් ඇතිවන තෙල් සමේ තෙල් ස්වභාවය වැඩි කිරීමට සමත් වේ. ඒවා සම යට තිබෙන ස්නේහ ග‍්‍රන්ථිවලින් පිටතට වැගිරීමෙන් කුරැලෑ ඇතිවීම වර්ධනය කරයි. මෙලෙස වර්ධනය වන සමෙහි ඇතිවන ආසාදන අතර සුලබ කුරුලෑ ඉහත සදහන් කර ඇති පරිදි ප‍්‍රතිකාර කිරීමෙන් අවම කර ගත හැකිවේ. ඇතිවන වේදනාව සමනය කර ගත හැකිවේ.
උපදෙස් - රEපලාවන්‍ය උපදේශිකා නන්දනී සෙනරත්
සංස්කෘතික මධ්‍යස්ථානය
කැලණිය විශ්වවිද්‍යාලය
  සැකසුම- සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි

Monday, July 30, 2018

අවුන් සාන් සූකී




පෞද්ගලික තොරතුරු

අවුන් සාන් සූකී, සහෝදරයන් දෙදෙනෙකු සහිත පවුලක එකම දියණිය ලෙස 1945 ජුනි 19 දින මියන්මාරයේ රැන්ගුන් ප‍්‍රදේශයේ වර්තමාන යැන්හැන් ප‍්‍රදේශයේ හම්වේ සයුන්ස් නම් කුඩා ගම්මානයේ උපත ලැබුවාය. උපතින්ම දේශපාලන පසුබිමක් උරුම වූ සුකීගේ පියා අවුන් සාන් නූතන බුරුම හමුදාව නිර්මාණය කර බුරුමයේ නිදහස වෙනුවෙන් 1947 වසරේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව සටන් වැදුණු අයෙකි. එම වසරේදීම පියා සැලසුම් සහගතව ඝාතනය කරනු ලැබූ නිසාවෙන් අවුන් සාන්ගේ පවුල ඉතා අසරණ ත්වයකට පත් විය. සුකීගේ බාල සොයුරු අවුන් සාන් ලින් ගෙමිදුලේ පොකුනක ගිලී යාමෙන් අවාසනාවන්ත ලෙස මරණයට පත්වන අතර වැඩිමල් සොහොයුරු ඇමරිකාවේ පුරවැසිභාවය ලබා සංක‍්‍රමණය වෙන ලදී.
    මේ අතර ප‍්‍රසිද්ධ දේශපාලන පසුබිමක් ගොඩනගා ගන්නා ඇයගේ මව කියින් කී ඉන්දියාව සහ නේපාලය යන රටවලට බුරුම තානාපති වශයෙන් පත්කරනු ලැබ සුකී දියණියත් සමග පිටව යයි. මේ හේතුව නිසා සුකීගේ අධ්‍යාපනය නවදිල්ලියේ Convent of Jesus    සහ May යන පාසල් වලිනුත් උපාධිය නවදිල්ලියෙහි Lady Sri Ram College හිදීත් සම්පූර්ණ කර ගනී. බුරුම, ඉංග‍්‍රීසි, ප‍්‍රංශ හා ජපන් යන භාෂා සියල්ලම චතුර ලෙස ප‍්‍රගුණ කළ සුකී තරුණිය ඇයගේ ශාස්ත‍්‍රවේදී උපාධිය 1967 දී St huge’s College Oxford හිදී් සම්පූර්ණ කර ගනී.
    වර්ෂ 1972 ජනවාරි 1 වන දින අවුන් සාන් සුකී සහ ආචාර්ය මයිකල් ඇරිස් අතර භූතානයේදී විවාහය සිදු වන අතර ඔවුන්ට දාව වැඩිමල් පුතු ඇලෙක්සැන්ඩර් ඇරිස් 1973 දීත් බාල පුතු කිම් ඇරිස් 1977 දීත් උපත ලබයි.

ඇයගේ දේශපාලනය

    ඇයගේ දේශපාලන දිවිය තීරණාත්මකව ආරම්භ වන වර්ෂය වන 1988 දී නැවත මව්බිමට පා තබන අවුන් සාන් සුකී ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට පණ පොවන කාර්යය ආරම්භ කළාය.
1988.10.26 ඇය මිලියන භාගයක් පිරිසකට ආමන්ත‍්‍රණය කළාය. එම රැලිය පැවැත්වුණේ ෂූඩගන් පැගෝඩාවලය. ඇය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් වෙනුවෙන් කතා කරන ලදී. අවිහිංසාව ඇයගේ දර්ශනය විය. මහත්මා ගාන්ධිගේ අවිහිංසාවාදය හා බුදුන්ගේ සංකල්පය පෙර දැරිව ඇය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් සඳහා යොමු විය. 1988.12.27 ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ව්‍යාපාරය පිහිටවනු ලැබීය. එහෙත් ඇයව 1989 අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියේ තබන ලදී. ඇය රට හැර යන්නේ නම් නිදහස ලැබෙන බව පාලකයින් පවසා ඇත. නමුත් ඇය රට හැර ගොස් ලබන නිදහස ප‍්‍රතික්ෂේප කළාය.
ඇයගේ දේශපාලනය ආගමනය වැලැක්වී සඳහා බුරුමයේ එවක සිටි ඒකාධිපති පාලකයින් කළ හැකි සියලූ අකටයුතුකම් සිදු කරන ලදී.

නිවාස අඩස්සියට පත් කිරීම

රටේ සාමයට හා සංහිඳියාවට ඇය තර්ජනයක් සේ සලකා රජය ඇයව සිර ගත කරනු ලබයි. 1989 සිට වරින් වර නිවාස අඩස්සියට පත් කරන ලද සුකීගේ ස්වාමියාට 1995 වසරෙන් පසු රටට ඇතුල් වීම වලක්වාලන ලදී. අවසන් වරට 1995 නත්තල් සමයේ බුරුමයට පැමිණායාට පසු ඇරිස්ට වීසා ලබා නොදුන් රජය ඒ වෙනුවට සුකීට රටින් පිටවන ලෙස බලපෑම් කරන ලදී. සිය ස්වාමියාටත් වඩා රටට ආදරය කළ සුකී රටින් පිටවීම ප‍්‍රත්ක්ෂේප කරන ලද්දේ පාලන අධිකාරිය නැවත ඇයට රටට ඇතුල් වීමට ඉඩ ලබා නොදෙනු ඇතැයි යන සාධාරණ සැකය නිසාය. වර්ෂ 1999 මාර්තු 27 දින පිළිකා රෝගයෙන් මිය යන තෙක්ම ඇරිස්ගේ වීසා ඉල්ලීම් සිදු කළ පාප් වහන්සේ, කොෆි අනන් ඇතුළු කිසිම පුද්ගලයෙකුටවත් ආයතනයකටවත් රජය ඇහුන්කම් නොදෙන ලදී.
    මිය ගිය සැමියාගෙන් ද බි‍්‍රතාන්‍යයේ ඉගෙනුම ලබන පුතුන්ගෙන්ද වෙන්ව නිවාස අඩස්සියේ පසුවූ සුකීට සොබා දහමෙන්ද පීඩා පැමිණුනි. 2008 මැයි දෙවන දින බුරුමය කැළඹූ නාගීස් නම් චණ්ඩ මාරුතයෙන් සිය නිවසේ වහලය අහිමි වූ ඇය වසරකටත් වැඩි කලක් අබලන් නිවසක සිරකාරියක් විය.
නිවාස අඩස්සියේ සිටින කාලයේදී ඇය බුදු දහම ගැන ඉගෙන ගත්තාය. භාවනා කළාය. දර්ශනය, දේශපාලනය ගැන හා චරිත කතා කියෙව්වාය.
2009 මැයි 3 දින ජෝන් යෙටෝ නමින් හඳුනාගත් ඇමරිකානු ජාතිකයා අනාරාධිතව ඉන්යා ලේක් විල හරහා අවුන්සාන් සුකීගේ නිවසට පිහිනා ගියේය. දින 3 කට පසුව ආපසු යන ගමනේදී ඔහු අත්අඩංගුවට පත්විය. මෙයට පෙර අවස්ථා දෙකකදීම ඔහු මෙලෙස සුකී මුණ ගැසීමට පීනා ආවද හෙළි නොකළ හේතු නිසා ඔහු ආපසු ගියේය. ඔහු නඩු විභාගයේදී ප‍්‍රකාශ කළේ ඇයට මුහුණ දීමට සිදුවන ත‍්‍රස්තවාදී ඝාතනයක් ගැන ඇයට දැනුම් දීම සඳහා කිසියම් දිව්‍යමය දැක්මක් මගින් තමාව පොළඹවනු ලැබූ බවයි. මැයි 13 වැනිදා සුකී යලිත් නිවාස අඩස්සියේ කොන්දේසි කැඞීමේ වරදට අත්අඩංගුවට ගන්නා ලදී. මන්ද යත් ඇගේ නිවසට පිහිනා ආ පුද්ගලයාට දින දෙකක් නවාතැන් දීමේ වරද නිසයි. අනතුරුව ඇය යලිත් ෂබිජසබ සිරගෙයට ගෙන යන ලදී.

1990 මැතිවරණය

1990 පැවති මැතිවරණයේ දී අවුන් සාන් සුකී විසින් නායකත්වය ලබා දුන් එන් එල් ඞී පක්ෂය ආසන 392 ක් දිනා ගනී. හමුදා ජුන්ටාවන්ගේ පක්ෂය වන එන් යූ පී පක්ෂයට දිනා ගත හැකි වූයේ ආසන 10 ක් පමණි. නමුත් බලයේ රැදී සිටියේ ආසන 10 ක් පමණක් දිනා ගත් මිලිටරි ජුන්ටාවයි.  ජන්ද ලබා ගනී. සුකීට අගමැතිකම දිය යුතු බවද ඇතැමුන් පුකාශ කරන ලදී.
මැතිවරණයත් සමගම එන්. එල්. ඞී ආධාරකරුවන් පමණක් නොව ජයග‍්‍රාහක මන්ත‍්‍රීවරු පවා අත්අඩංගුවට ගත් ජුන්ටා පාලකයින් සුකී මහත්මිය නිවාස අඩස්සියේම තබන ලදී. මැතිවරණයට පෙර සිටම ඇය කෙරෙහි ජනතාව කලකිරවීමටත් ඇයගේ ජයග‍්‍රහණය වළකාලීමටත් කටයුතු කර ඇත. ඇය බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු හා විවාහ වීමද විවේචනයට ලක් කර තිබේ. ඇය බුරුම දේශයට ආදරය නොකරන හා අවංක බුරුම දියණියක් නොවන බව පවසා ඇත. නමුත් ඇය ලද විශිෂ්ඨ ජයග‍්‍රහණයෙන් ජනතාව ඇය සමග බව පසක් වේ.

අවුන් සාන් සුකී අත්අඩංගුවේ සිටි කාලච්ජේද


1989 ජුලි 20 - චෝදනා හෝ නඩු විභාග ත්‍නාමැතිව යුද නීතිය යටතේ රැුන්ගුන් නුවර අත්අඩංගුවේ තැබීම
1995 ජුලි 10 - නිවාස අඩස්සියෙන් නිදහස් කිරීම
2000 සැප්තැම්බර් 23 - නිවාස අඩස්සියේ පසු වීම
2002 මැයි 6 - නිදහස් වීම
2003 මැයි 30 - ෘැච්හසබ  ඛේදවාචකය හේතුවෙන් අත්අඩංගුවට ගැනීම
2007 මැයි 25 - නිවාස අඩස්සිය වසර 6 කින් දීර්ඝ කිරීම
2007 ඔක්තෝම්බර් 24 - නිවාස සිර අඩස්සිය වසර 12 ට ලඟා වීම
2008 මැයි 07 - තවත් වසරකින් නිවාස අඩස්සිය දිග් කිරීම
2009 අගෝස්තු 11 - තවත් 18 මසකින් සිර අඩස්සිය දිග් කිරීම
2009 නොවැම්බර් 13 - නිවාස අඩස්සියෙන් නිදහස් වීම

නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීම

1990 දී ඇය Sakharoy සාමය සඳහා වන ත්‍යාගයද 1991 දී නොබෙල් සාම ත්‍යාගයද දිනා ගනී. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ඇය ඉටු කරන මෙහෙවර අගයමිනි. එය ලබා ගැනීමට යාමටද ජුන්ටා පාලකයින් ඉඩ දුන්නේ නැත. ඇය වෙනුවෙන් එය ලබා ගත්තේ වැඩිමහල් පුත් ඇලෙක්සැන්ඩර්ය.

නිදහස ලබා ගැනීම

ලොව පුරාම ප‍්‍රජාතනත‍්‍රවාදය අගයන ජනතාවගේ සතුටට හේතු වෙමින් වසර 15 ක් වරින්වර සිර භාරයේ ගත කළ සුකී 2010 නොවැම්බර් 13 වැනිදා නිදහස් වුණේ එක දිගට සිර ගතවී වසර 7 කට පසුවය.
ආරක්ෂක හමුදා විසින් නිවස අසල අටවා තිබූ මාර්ග බාධක ඉවත් කෙරුණේ ඇය නිදහස් කෙරුණු බව ඉගි කරමිනි. එදින විශාල පිරිසක් ඇයගේ නිවස ආසන්නයට රැුස්ව සිට ඇත. ඇය නිවසේ ගේට්ටුව පිටුපස ඉඳිකර තිබූ තාවකාලික වේදිකාවක සිට ජනතාවට ආචාර කළාය.
ඇය එහිදී කියා සිටියේ  "අප එක්සත්ව ක‍්‍රියා කළහොත් අපේ ඉලක්කය ජය ගත හැකියි” යන්නයි. ඉලක්කය වූයේ ජුන්ටා පාලනය වෙනුවට ජනතාවගේ නිදහස් ජන්දයෙන් තේරී පත් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සිවිල් පාලනයකි.
සුකී නිදහස් කිරීමත් සමගම ඇයගේ බාල පුතුවන කිම් ඇරිස්ට මව බැලීමට වීසා නිකුත් කෙරිණි. සිය මව බැලීමට ඔහුට මෙම අවස්ථාව ලැබුණේ වසර 10 කට පසුවය. සිය පුතු ගුවන් තොටුපලේදී වැළදගත් සුකී ජන මාධ්‍යවලට ප‍්‍රකාශ කළේ තමන්ගේ දේශපාලනය නිසා තම පවුලේ අය දැඩි ලෙස පීඩාවට පත්වූ බවයි. එහෙත් ඔවුන් හැම විටම තමාගේ දේශපාලන සටන වෙනුවෙන් සහාය දෙමින් ඒවා ඉවසා සිටි බව ඇය පවසා සිටියාය. බාල පුතු එය තහවුරු කරමින් එහිදී සැම දෙනාටම තම වම් බාහුව ප‍්‍රදර්ශනය කළේ එහි සුකීගේ පක්ෂයේ ලාංජනය කොටා ඇති බව දැක ගැනීමට සලස්වමිනි.

නිදහස් වීමෙන් පසු අවධිය

2011 සුකී සහ බුරුම රජය සාකච්ජා ඇරඹීය. ඇයගේ බොහෝ ඉල්ලීම් ඉටු කර ගැනීමට මෙය කදිම රාජකාරිමය අවස්ථාවක් විය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස බුරුමයේ 10 වන දේශපාලන සිරකරුවා නිදහස් විය. වෘත්තීය සමිති නීත්‍යානුකූල කරන ලදී.
2011 දෙසැම්බර් 21 දින තායි අගමැති Yingluck Shinawa යැන්ගැන්වලදී සුකී මුණ ගැසිණි. මෙය විදේශ රටක නායකයෙකු සමග කරන ලද ප‍්‍රථම සාකච්ජාවය. 2012 ජනවාරි 5 දින බි‍්‍රතාන්‍ය විදේශ ඇමති විලියම් හේග් සුකී මුණ ගැසුණි. ඒ සමගම බුරුම රට වෙනුවෙන්ද නියෝජිතවරයෙකු සම්බන්ධ විය. මෙය සුකීට හා බුරුමයට ඉතා වටිනා අවස්ථාවක් විය.
2012 අතුරු මැතිවරණයේදී ඇමතිකමක් ලැබුනොත් එය භාර ගන්නවාදැයි ඇසූ පැනයකට ඇගේ පිළිතුර මෙසේ විය.
 "ඔබට මම එක දෙයක් කියමි. මෙම ව්‍යවස්ථාව යටතේ ඔබ රජයේ නියෝජිතයෙක් ලෙස පත්වන්නේ නම් ජතික සභාවේදී ඔබට ඔබේ ආසනය අත්හැරීමට සිදුවේ. එනිසා මම මගේ ආසනය අහිමි කර ගැනීම සඳහා පාර්ලිමේන්තු යාමට වැඩ නොකරමි.”
2012 අප්‍රෙල් 01 දින සුකී පාර්ලිමේන්තු අසුනක් දිනා ගත්තාය. ඇය ආසන 45 න් 43 ක්ම ජය ගත්තාය. ඇය විපක්ෂ නායකවරිය ලෙස පාර්ලිමේන්තුවට පත්විය. 2012 ජුලි 9 දින නීති සම්පාදකවරියක ලෙස ඇය ප‍්‍රථමවරට පාර්ලිමේන්තුවට පිවිසියාය.
2015 මැතිවරණයෙන් මියන්මාරයේ ජනපති පදවිය ඇයට ලබාදිය යුතු බවට 2012 ජූලි 6 දින සුකී ලෝක ආර්ථික සංගමයේ නිල වෙබ් අඩවියට ඇය නිවේදනයක් නිකුත් කරන ලදී. මෙම ජන්දයේදී එන්. එල්. ඩි පක්ෂය ජයගත් අතර විරුද්ධ පක්ෂය ආසන 135 ක් ලබා ගන්නා විට ඇය ආසන 225 ක් ලබා ගත්තාය. සුකී පැවසුවේ ව්‍යවස්ථාවෙන් ඇය ජනාධිපති වීම ගැන බාධා තිබුණද ඇය කෙදිනක හෝ එන්. එල්. ඩි රජයකට ජනාධිපති වීම වැළැක්විය නොහැකි බවයි.
2016 මාර්තු 30 ඇය විදේශ කටයුතු, ජනාධිපති කාර්යාල, අධ්‍යාපන හා විදුලි බල ඇමති බවට පත් විය. ජනාධිපති ක්වාව් ඇයට රාජ්‍ය උපදේශක තනතුරක්ද ලබා දුන්නේය. විදේශ ඇමති වීමත් සමගම චීනයේ, කැනඩාවේ, ජපානයේ, ඉතාලියේ විදේශ ඇමතිවරුන්ට මියන්මාරයට පැමිණීමට ආරාධනා කළාය. විදෙස් රටවල් සමග සබඳතා ඇති කර ගත්තාය.
ඇය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මෙලෙස දක්වා ඇත.  "විවිධ ස්ථානවලින් අපට ඉගෙනීමට විවිධ දේ ඇත. ආසියාවේ රටවල් මෙන්ම බටහිර රටවලින්ද ගත යුතු දේ ඇත. අපට දකුණු අප‍්‍රිකාව අමතක කරන්න බැහැ. අපි බලාපොරොත්තු වෙනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වූ සෑම රටකින්ම ඒ ගැන අහන්න.”
2017 වර්ෂය වන විට 72 විටෙහි පසුවන සුකී දේශපාලනය නිසා සිය පවුල් ජීවිතයේ නිසි ආශ්වාදය හා වින්දනය අහිමි කරගත් කාන්තාවකි.


මූලාශ‍්‍ර
x    දෙසතිය 2010 දෙසැම්බර් කලාපය
x    දෙසතිය 2009 අගෝස්තු කලාපය
x    දෙසතිය 1993 මාර්තු කලාපය 
      http: //en.Wikipedia.org/wiki/Aung-San-Suu-kyi

                                                                              
                                             සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි


Sunday, July 29, 2018

නැති වූ ටිකට් පත


කොටුව දුම්රිය ස්ථානයේ එදින මා පැයකට ආසන්න කාලයක් රැදී සිටින්නට වූයේ මා වේලාසනින් දුම්රිය ස්ථානයට යාමත් පැය භාගයක් දුම්රිය ප‍්‍රමාද වීමත් නිසාය. මරදානෙන් දුම්රියට ගොඩ නොවීමේ වරදට ඉද ගන්නට අසුනක් හිමි නොවන බව දන්නා නිසාම ස්ටේසමට ගිය වෙලාවේ ඉදගත් බංකුවේම බොහෝ වෙලාවක් සිටියේ ගාල්ල සහ මාතර බලා ධාවනය වන ගාලූ කුමාරී සීඝ‍්‍රගාමී දුම්රිය තව ස්වල්ප ෙව්ලාවකින් පස්වන වේදිකාවට පැමිණෙනවා ඇත කියනා තුරුය. පැයකට ආසන්න කාලයක් මා අවට සිටින ඉදිරියෙන් එහාටත් මෙහාටත් ඇවද යන මිනිසුන් ගැහැණුන් හා ළමයින් දිහා බලමින් කාලය ගෙව්වෙමි. මා බංකුෙව් ඉද ගන්නටත් පෙර සිටම ස්ටෙසෙම් රැුදී සිටයේ කාගේත් අවධානය දිනාගත් සුන්දර පවුලකි. එම පවුලේ වූයේ අම්මාත් තාත්තාත් දියණියන් තිදෙනෙකුත්ය. මව පමණක් ඇද සිටි කලු පැහැති ෆර්දාවෙන් ඔවුන් මුස්ලිම් ජාතිකයන් බව හදුනාගන්නට හැකි වුණි. මා ඔවුන් දිහා හොරෙන් බලා සිටින්නට වූයේ ඔවුන් සිංහල නිසාවත් මුස්ලිම් නිසාවත් දෙමළ නිසාවත් නොෙව්. ඔවුනොවුන් අතර අදහස් හුවමාරු කර ගැනීමට දරන වෑයම හේතුවෙනි. මවගේ වචන පිට නොවන මුවින් නිකුත්වන එකම ශබ්දයත් ඒ මැදින් ඇය සැමියාට දියණියන් තිදෙනාට අත්වලින් හා ඇසින් පවසන දේත් ඒවා තේරුම් ගැනීමට හා ප‍්‍රතිචාර දැක්වීමට පියාත් දරුවනුත් දරන වෙහෙස කතා කරන්නට හැකි අපට විස්මය කැන්දන්නක් නොවිය යුතු මුත් ඔවුන්ගේ ෙව්ගවත් අදහස් හුවමාරැ කර ගැනීම නිර්වාචික සන්නිෙව්දනයේ ප‍්‍රබලත්වය අපූරු විය.
     පස්වන ෙව්දිකාවට දුම්රිය සේන්දු වනවාත් සමගම දුම්රියට ගොඩවන්නට පොරකන මිනිසුන් අතෙර් මා උත්සාහ කළේ වාඩි වෙන්නට නොව හිටගෙන යාෙම්දී නොවැටී යන්නට අසුනක් අල්ලා ගැනීමටය. මා දුම්රිය පෙට්ටියකට ගොඩවන විටත් මගේ අවධානය දිනා සිටි දරු පවුලටම එක අසුනක් හිමි වී ඔවුහු එතැන නතර වී සිටියහ. මව අසුනේ ඉදගෙන සිටි අතර කුඩාම දියණිය ඇගේ එක කකුලක් මත වාඩි වී සිටියාය. ඔවුහු දුර ගමනක් යනවා හෝ ගොස් එනවා යැයි කියා පාන ලොකු ට‍්‍රැවලින් බෑග් එක ඔවුන් අසලම බිම තබා තිබුණේ උඩ රාක්කයද බෑග්වලින් පිරී තිබුණු බැවිනිග මා ක‍ෙර් එල්ලා ගෙන සිටි බෑගයද තබන්නට රාක්කයේ ඉඩක් නොවූයෙන් රාක්කයේ ඇති බෑගයක් උඩින් දමන්නට අසල සිටි අයෙකුගේද සහය අවශ්‍ය විය.
    සැමගේ අවධානය ඉතා ඉක්මනින් ලබා ගන්නට සමත් පවුලේ පියා හා වැඩිමහල් දියණිය සිට ගෙන ගමන් කළ අතර දෙවැනියා හට ඉදගන්නට ට‍්‍රැවලින් බෑගය හොද අසුනක් ලෙස සකස් කර දුන්නේ පියා විසිනි. ඉදිරි අසුනේ ඉදගෙන සිටි කාන්තාවන් දෙදෙන ඇයව ජනේලය ළගට කැදවා මුහුද දෙස බලා සිටින්නට ඉඩ ලබා දුන්නත් ඈ ඊට කැමති නොවූයේ ලැජ්ජාවෙන් ඇඹරෙමිනි.
    ඔවුන් මුදල් හදල් යහමින් ඇති පොහොසතුන් නොවන බව මට සිතුණි. එලෙස මට හැගුනේ මා මෙන් ඔවුන්ද දුම්රියේ තුන්වන පන්තියේ ගමන් කිරීම නිසා නොව දරුවන්ගේ ඇදුම් පැළදුම් දෙස බැලීමෙනි. දැරියන් තිදෙනාටම එකම වර්ගයේ මල් මොස්තරයක් තිබෙන රෙද්දකින් ඇදුම් මසා තිබුණු අතර වැඩිමහල් දියණිය සල්වාර් ඇදුමකින්ද අනිත් දැරියන් දෙදෙන ගවුම්ද හැද සිටියෝය. එම ඇදුම් ඔවුන්ගේ ශරීරවලට වඩා විශාල විය. ඒවායෙන් අලූත් බවක්ද දිස් නොවුණි. කිහිපසැරයක් සේදීමෙන් පාට සේදී ගිය බවක් දකින ඕනෑම කෙනෙකුට පෙනේ. මවටත් පියාටත් කතා කරන්නට නොහැකි බව දුම්රියට නගින්නට පෙරදීම මම දනිමි. මගේ ගමනාන්තය දක්වාම මට ඇති වූ ගැටලූව දියණියන් තිදෙනාටද කතා කරන්නට නොහැකිද යන්නයි. ඔවුන්ද මවට පියාට ප‍්‍රතිචාර දැක්වූයේ් අතිනි.
    ස්ටේසමෙන් ස්ටේසමට ඔවුන්ට හිමි අසුන ඔවුනොවුන් අතර මාරු විය. මාරු නොවුණේ බෑගය උඩ වාඩි වී සිටි දියණිය පමණි. වරක් මව නැගිටි අතර වැඩිමහල් දියණිය වාඩි වූවාය. එවිට කුඩා දියණිය පියා විසින් වඩා ගෙනය.
 "අයිඩින්ටී කවර, ලයිසන් කවර, නියකටර්, කන් හැදී...”
 "ඇපල් ගෙනාව ඇපල්.. රස ඇපල්.. සීයට පහයි ඇපල්..”
 "වඬේ වඬේ.. විස්සට පහයි වඬේ.. ඉස්සො වඬේ  පරිප්පු වඬේ..”
වඬේ විකුණන විට නම් මටද වඬේ කෑමේ ආශාව ඉවසා සිටිය නොහැක. දුම්රිය පෙට්ටිය පුරා විහිදෙන වඬේ සුවඳ කටට කෙල උනවයි. ඒත් මට අද වඬේ ගන්නට විදියක් නැත. පර්ස් එක බෑග් එක ඇතුලේය. බෑග් එක රාක්කය උඩය. මා වඬේ සුවඳ ඉවසා සිටියද දියණියන් තිදෙනාට නම් ඉවසා සිටිය නොහැකි බව මවටත් පියාටත් ඇගිල්ලෙන් අනිමින් පෙරැත්ත කිරීමෙන් පෙනේ. පියා වඬේ වෙළෙන්දා නවතා වඬේ පහක් ගත්තේය. මවත් පියත් වඬේ නොකෑ අතර දියණියන් තිදෙනා වඬේ කෑවෝය. වඬේ පහ තිදෙනාට හොදටම මදිය. එය අම්මාටත් තාත්තාටත් තේරුණි. ඊලගට දියණියන්ටත් කලින් පියා නතර කර ගත්තේ රට කජු, බයිට්, බැදපු කඩල විකුණන වෙළෙන්දෙකි. පියා මිලදී ගන්නේ මොනවාදැයි සිතන අතර දියණියන් තමන්ට අවශ්‍ය කෑමවලට අත තබා ඒවා තමන්ට අවශ්‍ය බව පෙන්වීමට පපුවට අත තබා ඔලූව වනන්නට විය. මේ පියා එක එක වර්ගයෙන් ඉල්ලන දියණියන් හා තරහ ගන්නේ නැත. රුපියල් දෙසීයකම රට කජු, බයිට් දරුවන් අතේය.
 "පුතේ බඩගිනිද? මොනවද කන්න  ඕන..?”
 වචනයෙන් අහන්නට බැරි ඔහු දියණියන්ගේ ආශාව ඉටු කළේ   ඕනෑනම් තවත් අරන් දෙනවා මං වැනි වූ සිනහවක් සතුටක් මුවේ රදවා ගෙනය.
    මෙතෙක් කල් ගමනාගමනයේ යෙදුණු දුම්රිය සේවාව තුළ ටිකට් පරීක්ෂා කිරීමකට මුහුණ දී ඇත්තේ මා කුඩා කළ දෙමාපියන් සමග අනුරාධපුරයේ ලොකු තාත්තලයි ගෙදර යන අවස්ථාවකදී පමණකි. නමුදු අද දින පරීක්ෂකවරු දෙදෙනෙකු ලහි ලහියේ ටිකට් චෙක් කරන්නට වුණි. සෑම මගියෙකුම පර්ස්වලින් සාක්කුවලින් හෑන්ඞ් බෑග්වලින් ටිකට් පත් සොයන්නට එලියට අදින්නට විය. මා සෑම දිනකම ටිකට් පත අතට ගත් මොහොතේම පර්ස් එකට දා ගන්නේ මාගේ සිහිකල්පනාව ගැන මා තරම් හොදින් දන්නා කෙනෙකු නොවන නිසාය. මමද කලබල වූයේ ටිකට් පත පර්ස් එකේ වීමත් පර්ස් එක බෑග් එකේ වීමත් බෑග් එක රාක්කයේ වීමත් නිසාය. මා අසල සිටි අයෙකු ලවා බෑගය පහළට ගෙන පර්ස් එක ඇර බලන විට මගේ ඇග සීතල විය. ටිකට් පත එහි නැත. බෑග් එක අතින් එල්ලා ගෙනම ඉතුරු සල්ලි කලිසම් සාක්කුවට දමා ගැනීමේ පුරුද්දට අනුව සාක්කුවට අත දමා බැලූ කළ ටිකට් පත එහි විය. පෙර දිනවල මෙන් ටිකට් පත පර්ස් එකට දමන්නට තරම් සිහිකල්පනාවක එදා නොතිබෙන්නට ඇත්තේ නිරාකරණය කරගත යුතු ගැටලු කීපයක්ම ඔලුවේ තිබූ නිසා විය යුතුය. කෙසේ හෝ ටිකට් පත අතට හසු වීමෙන් දැනුණු සතුට දවස් ගණනක් වතුර නොබී සිට වතුර බෝතලයක් අතට ලැබුණා වැනි විය.
 "කෝ ටිකට් එක ගන්න.. ආ.. මොකක්ද කියන්නෙ..”
මගේ ටිකට් පත පරීක්ෂකවරයාට දී අනෙක් පස හැරී බලන විට දියණිවරු තිදෙනාගේ පියාගෙන් අනෙක් පරීක්ෂකවරයා ප‍්‍රශ්න අසන්නට පටන් ගෙනය. මව බෑගයේ ඇති සියලූ දේ එලියට අදිමින් කලබල වී ටිකට් පත සොයයි. ඉදිරි අසුනේ අය
 "කලබල නැතුව හෙමින් බලන්න ඇති"
 කියද්දී පරීක්ෂකවරයා වරම අතට ගෙනය. පියා ඉතා අසරණව අතින් මොනවදෝ කියන්නට උත්සහ කරයි. කුඩාම දියණිය අඩන්නට සූදානමින්ය. අක්කලා දෙන්නා බය වී පියාගේ කමිසයේ එල්ලී බලා සිටී. එසැනින්ම මට වහා මතක් වුණේ දුම්රියට නගින්නට කලින් කුඩා දියණිය අතේ ටිකට් පතක් තිබූ බවය. දැන් මට නිහඩව සිටිය නොහැක. ඔවුන් වෙනුවෙන් කතා කළොත් පරීක්ෂකවරයා මටද බනිනු ඇත. ඒ තරම් ඔහු කෝපයට පත්ව ඇත. නමුදු මෙය කිව යුතුමය.
 "මම දැක්ක පොඩි එක්කනගෙ අතේ තියනව.”
මවත් පියත් දියණියගෙන් අසන්නට පටත් ගත්තෝය. ඇය හඩන්නට විය. පරීක්ෂකවරයාගේ කෝපයේ අඩුවක් නැත. ඔහු කියූ දේවල් මටද හරියට ඇසුණේ නැත. අසා සිටින්නට ඇවැසි වුණේද නැත. පරීක්ෂකවරයා දඩ ගෙවිය යුතු බව කිව්වා මතකය. අවට සිටි අය
 "දරුවගේ අතේ තිබිල බිම වැටෙන්න ඇති”
කියා බිමද බලයි. පරීක්ෂකවරයා අප සිටි දුම්රිය පෙට්ටියෙන් ඊලග පෙට්ටියට ගිය පසුව දැරිය තම සාක්කුවට අත දමා ටිකට් පතක් එලියට ගෙන පියාට දෙනු දුටු මට සතුට නිම්හිම් නැති විය. ආදරණීය පියාට තම කුඩා දියණියට බොහෝ දේ කියන්නට අවැසි වුවද ඔහුගේ නෙතින් කඳුලක් ඉනුවේ සතුටටද දුකටද කියා තේරුම් ගන්නට මා අපොහොසත් වූවෙමි.

සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි
                               

Friday, July 27, 2018

කාලය ඵලදායි සන්නිවේදනයකි



“කාලය සිද්ධීන් පසුකරමින් යන ගංගාවක් බදුය- එහි දිය පහර සැඩය- එහි නෙත ගැටුණු දෙය වහා නොපෙනී යයි- එතනට වෙන දෙයක් පැමිණෙයි- එයද එතනින් නොපෙනී යයි-”  -Marcus Aurelius-
     කාලය නාස්ති කර දැමීම සිය දිවි හානි කර ගැනීමට සමාන වේ- කාලය යනු මුදල් ලෙසද හඳුන්වනු ලබන අතර එයද සත්‍යයකි- මන්ද අප සියලු දෙනා වෙර වීරිය දරන්නේ අනාගතය සරු කර ගැනීමට වැඩි මුදලක් උපයා සාර්ථක පහසු ජීවිතයක් ගෙවන්නටය- ඒ වෙනුවෙන් කළමනාකරණය කර ගත යුතු උපරිම ලෙස ප්‍රයෝජනයට ගත යුතු වටිනාම සහ එකම දේ කාලයයි- කාලය රත්රන්වලට සමාන කරන්නේද එබැවිනි- එහෙත් රන් මෙන් ගෙවුණු කාලය නැවත උපයා හෝ සපයා ගත නොහැකිය-
     කාලයේ වටිනාකම විවිධ පුද්ගලයින් කළ කී දේ ඇසුරින් හොඳින් අවබෝධ කර ගත හැකිය- එක් වසරක වටිනාකම විභාගය අසමත් ළමයෙකුගෙන්ද සත් මසක වටිනාකම අඩු වයස් දරුවන් වැදූ මවකගෙන්ද එක සතියක නැතිනම් දින හතක් කොතරම් වටින්නේද යන්න සතිපතා පුවත්පතක් නිම කරන කර්තෘවරයෙකුගෙන්ද පැයක වටිනාකම හමුවන්නට පුල පුලා බලා සිටින පෙම්වතුන්ගෙන්ද එක් මිනිත්තුවක වටිනාකම දුම්රියක්, බසයක්, ගුවන් යානයක් මඟ හැරුණු මගියෙකුගෙන්ද තත්පරයක වටිනාකම අනතුරකින් ගැලවුණු පුද්ගලයෙකුගෙන්ද තත්පරේකින් දහසින් පංගුවක වටිනාකම ඔලිම්පික් තරඟයකදී රිදී පදක්කම දිනූ ක්‍රීඩකයෙකුගෙන්ද විමසා දැන ගත හැකිය-
     සන්නිවේදනයේදී කාලය ඉතාමත් වැදගත් හා ඉලක්ක ගත වන කාරණයකි- සන්නිවේදනය යනු එක්තරා අන්දමකින් කාලය සමඟ කරන ගනුදෙනුවකි- අතීත සමාජයට සාපේක්ෂව වර්තමානයේ සන්නිවේදන ක්‍රමවල සීඝ්‍ර දියුණුවක් දැක ගත හැකිය- මේ හේතුවෙන් ඔිනෑම දුරක් ජය ගෙන පණිවිඩ හුවමාරු කිරීමේ හැකියාව වත්මන් සන්නිවේදන තාක්ෂණය සතුවේ- අතීතයේ කුරුල්ලෙකු මගින් හෝ ඊතලයක් මගින් දින ගණනක් මාස ගණනක් යවනු ලැබූ පණිවිඩය අද වන විට තත්පරයකටත් අඩු කාලයකින් භෞතික සීමාවන් අභිබවමින් පුළුල් අයුරින් තොරතුරු හුවමාරුව සිදු කරනු ලබයි- එය නම් කාලය හා දුර ජයග්‍රහණය කිරීමයි- අන්තර්ජාලය, චන්ද්‍රිකා තාක්ෂණය, මාෂල් මැක්ලූහන්ගේ විශ්ව ගම්මාන සංකල්පය, ගෝලීයකරණය යන යෙදුම්වල ප්‍රබලතාව, ඒවා භාවිතයෙන් ලොව ඇති වී ඇති වෙනස්කම් දියුණුවීම් සඳහාද කාලය වැදගත් සාධකයක් වී ඇත- පෘථිවිය තුල පමණක් නොව වෙනත් ග්‍රහලෝක හා සන්නිවේදනය කිරීමේ හැකියාවද අද වන විට පෘථිවිවාසීන් විසින් අත්පත් කරගෙන ඇත- එය ජූල්ස්වර්න්ගේ අනාගත අනාවැකි ප්‍රායෝගික සත්‍ය බව ප්‍රකට කළ අවස්ථාවකි-
     සන්නිවේදන විෂය ක්ෂේත්‍රය තුල භාවිතා වන අන්තර්වර්තී, පුද්ගලාන්තර, සමූහ, ජන, විශ්ව යන සෑම සන්නිවේදන වර්ගයකදීම කාලය පිළිබද මහත් වූ සැලකිල්ලක් දක්වමින් සිදු කරන්නේනම් එසේ කාල කලමනාකරණයට ලක් වී සන්නිවේදන ප්‍රභේද ක්‍රියාත්මක වීම ඵලදායී සන්නිවේදනයකට මාර්ග විවර වීමකි- 
     අන්තර්වර්තී සන්නිවේදනය තුල සිහින දැකීම, විවිධ සිතුවිලිවල නිමග්නව සිටීම ඇතැමෙකුට කාලය කා දැමීමක් අපරාධයක් ලෙස සිතෙන්නට හැක- නමුත් සිහින දකිමින් ඒ තුල ජීවත් වීම සාර්ථක අනාගතයක් සඳහා හේතු පාදක වන්නට හැකිය- තවද මිනිසුන් ජීවත් කරන්නටද සිහින හේතු වේ- පුද්ගල මනසේ - සන්තානයේ මේ මොහොතේ ඇති කර ගන්නා සිහින ජීවිත ඉලක්කයකි- එය හඹා ගොස් සැබෑ කර ගැනීමට නම් කාලය සමඟ තරඟකාරී විය යුතුය- ලොව සෑම සාර්ථක මිනිසෙක් තුළම ඵලදායී අන්තර්වර්තී සන්නිවේදනයක් ක්‍රියාත්මක වූ අයුරු ඔවුන්ගේ ස්වයං චරිතාපදාන දෛනික දින සටහන් ඇසුරින් හඳුනා ගත හැකිව ඇත-
     ජන සන්නිවේදනය තුල වන විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය භාවිතයේදී කාලය අතිශයෙන් වැදගත් වන්නකි- විශේෂයෙන් ප්‍රබල විද්්‍යුත් හා ශ්‍රව්‍ය මාධ්‍යයක්  වන ගුවන් විදුලිය කාලය හා ගැටෙමින් තරඟකාරීව පවත්වා ගෙන යයි- කාලය කලමනාකරණය කර ගනිමින්ද කාලය මුදල් කරමින්ද ගුවන් විදුලිය ක්‍රියාත්මක වෙයි- විද්්‍යුත් මාධ්‍යයක තත්පර ගණනක ශ්‍රව්‍ය දෘශ්‍ය තේමාව-අන්තර්ගතයකින් ශ්‍රාවක ප්‍රේක්ෂක ජීවන චර්යා කෙතරම් වෙනසකට ලක්වන්නේද යන්න සිතා බලන්න-
     උදෑසන දහවල් සැන්දෑ රාත්‍රී යනාදී ලෙස දවසේ කාලය බෙදා ගනිමින් සියලු කර්තව්‍යයන් සිදු කරනු ලබන අතර ජන මාධ්‍යවලදීද ඒ ඒ කාල පරාසයන්ට ගැළපෙන ලෙස වැඩසටහන් විකාශය කරනු ලබන අතර එමගින් ග්‍රාහකයා සක්‍රීය ලෙස ජනමාධ්‍ය සඳහා පොළඹවා ගැනීමට උත්සහ ගනී- ග්‍රාහක දෛනික හා ජීවිත න්‍යාය පත්‍රයට කවර නම් බලපෑමක් මාධ්‍යයෙන් සිදුවේද?
     ගුවන් විදුලිය මාධ්‍යයේදීත් රූපවාහිනී මාධ්‍යයේදීත් ප්‍රචාරය කරන වෙළඳ දැන්වීම් කාලය සමඟ සිදු කරන තවත් ගනුදෙනුවකි- ඒ සඳහා ගත වන කාලයට අනුව මුදල් ගෙවීමට වෙළඳ සමාගම කටයුතුක කරන අතර නියමිත කාලය තුළ දැන්වීම්කරුවාට අවශ්‍ය වැඩසටහන අතරතුර ප්‍රචාරය කිරීමට මාධ්‍ය ආයතනය බැදී සිටී-
     ප්‍රබල මුද්‍රිත මාධ්‍යයක් වන පුවත්පත් මාධ්‍යයද කාලයත් සමඟ තරඟකාරීව ප්‍රකාශයට පත් කරනු ලබන්නකි- දිනපතා පුවත්පත් හා සති අන්ත පුවත්පත් නිකුත් වන දිනට ආසන්නතම වන ප්‍රවෘත්තිය පවා පළ කිරීමට පුවත්පත් කර්තෘවරුන් දැඩි උත්සහයක නිරත වේ- පාඨකයාට පුවත්පත මගින් කාලීන වැදගත්කමක් සහිත - නැවුම් තොරතුරු රැසක් ලබා දීමට කාල කලමනාකරණයට පුවත්පත් ආයතන කටයුතු කරනු ලබයි- අනෙකුත් මාධ්‍යවලදී මෙන්ම පුවත්පත් මාධ්‍ය තුළදීද කාලය පමණක් නොව අවකාශය යන්නද අත්‍යවශ්‍ය වන්නකි- පුවත්පතේ වටිනාකම එහි ප්‍රයෝජනවත් බව නැවුම් බව වැඩි කර ගැනීමට පාඨකයන් වෙත මුද්‍රණය කළ සැනින් පුවත්පත් සැපයීමට අතීතයට සාපේක්ෂව වර්තමානයේ සංවර්ධනය තුළ හැකියාව ලැබී ඇත- කාලය කලමනාකරණය කර ගැනීමෙන් මාධ්‍ය ආයතනයට ලාභයක් වාසියක් මෙන්ම ග්‍රාහකයාටද එම මාධ්‍යයෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීමේ අවස්ථාව උදා වේ-
     කාලය මුදල් කෙරෙන ජන මාධ්‍ය සංස්කෘතියක් මෙන්ම මාධ්‍ය කර්මාන්තය තුල තත්පරයේද වටිනාකම, මොහොතින් මොහොත වෙලාව සඳහන් කරීමට අනුග්‍රහය දක්වන වෙළඳ සමාගම් මගින් අවබෝධ කර ගත හැකිය- නමුත් වර්තමානය වන විට මාධ්‍ය ආයතන ග්‍රාහකයාට කාලය ප්‍රයෝජනවත් වන ලෙසට යොදවනවා වෙනුවට තම ලාභය පිණිස කාලය මුදල් කිරීමට දැඩි උත්සහයක, තරඟයක නිරතව සිටින අයුරු දැක ගත හැකිය-
     වර්තමාන සන්නිවේදන තාක්ෂණයේ ප්‍රබලතාව හේතුවෙන් මුද්‍රිත හෝ විද්්‍යුත් පණිවිඩයක් කාලය ජය ගැනීමට කාල සීමාවන්ට යටත් නොවීමට සැමදා පැවැත්මට හැකියාව ලැබී ඇත- එනම් සියවස් ගණනක් පැරණි වූ ලේඛනයක් වුවද අනාගතය උදෙසා ආරක්ෂා කර ගන්නට කාලයේ බැදුම්වලින් සීමාවලින් දුරස් වන්නට හැකියාව ලැබී තිබේ- නවීන සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ලේඛනයක් පමණක් නොව හඬ පටයක්, රූපයක්, ශබ්දයක් වුව අනාධිමත් කාලයක් සංරක්ෂණය කර ගැනීමේ අවස්ථාව ලැබී ඇත-
     සන්නිවේදකයෙකුට/කථිකයෙකුට තම දේශනයක් තුළදී වැදගත්ම වන කාරණය වන්නේ කාලය කලමනාකරණය කර ගැනුමයි- ඔහු හෝ ඇය විසින් තම දේශනය සඳහා යොදා ගන්නා කාලය තුල ශ්‍රාවකයන්ට තම අදහස, අරමුණ ඉතා පැහැදිලිව තමාට ලැබී ඇති කාලය තුළ උපරිම ලෙස පැහැදිලි කරන්නට සමත් විය යුතුය- සාර්ථක සන්නිවේදකයෙකු විය හැක්කේ එවිටයි- උදාහරණයක් ලෙස දේශනයට පෙර මයික්‍රෆෝන අවශ්‍ය පරිදි සකස් කර ගෙන ප්‍රක්ෂේපන භාවිත කරන්නේ නම් ඒවාද සුසර කර දේශනයට පෙර සූදානම් කර ගෙන දේශනයට හොඳ සූදානමකින් පැමිණිය යුතුය-
     අප ජීවත් වන සමාජය තුළ කාලය මුදල් වන අයුරු අපූරුය- ටියුෂන් ගුරුවරයා පැයක් හෝ පැය දෙකක් මිල කරන අතර පාසල් ගුරුවරයා මාසික වේතනය සඳහා සතියේ දින පහ කාලච්ඡේදවලට බෙදා තම ඉගැන්වීම් කාර්යය සිදු කරයි- මෙලෙස සෑම වෘත්තියක් සඳහාම සේවකයාගේ වේතනය වෙනුවෙන් ඒ සඳහා අවශ්‍ය වන කාලය තුළ සේවය සැපයිය යුතු වේ- අප ලබා ගන්නා සේවා සඳහාද අප විසින් මුදල් ගෙවිය යුතු වන්නේ එය ලබාගත් කාල සීමාවට අනුවයි-
     රෝගියෙකුගේ ජීවිතය ඉදිරියට පවතිනවාද නැද්ද යන්න තීරණය කරන්නේද ආයු කාල සන්නිවේදනයයි- ශල්‍යකර්මයක් සිදු කිරීමේදී ගත වන කාලය තුළ උපරිම සාර්ථකත්වයක් ලබා ගැනීමට වෛද්‍යවරු වෙහෙසී කටයුතු කරයි- ප්‍රවාහන සේවයේදීද මගියාගේ කාලය ඉතිරි කර ගැනීම හා නියමිත වේලාවට බස් රථය, දුම්රිය හෝ ගුවන් යානය නියමිත ස්ථානයට ලඟා වීමට කටයුතු කළ යුතුය- නමුත් අද වන විට පෞද්ගලික අරමුණු වෙනුවෙන් ඇතැම් බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් ලාභ අපේක්ෂාවෙන් මගීන්ගේ වටිනා කාලය මහ මඟ තුළ අපතේ යනු දැකිය හැකිය- මාර්ගවල ඇති වන වාහන තදබදයත් මේ සඳහා හේතු වේ- පොදු ගමනාගමන සේවා තුළ අපතේ යන මගියාගේ කාලය යනු රටේ සංවර්ධනයට යොදා ගත යුතු වටිනා කාලයකි- යළි එම කාලය ලබා ගැනීමේ අවස්ථාව උදා වන්නේ නැත-
     ලංකාවේ වෙළඳ ව්‍යාපාර ක්ෂේත්‍ර තුළ වැඩ කරන ජනතාවගේ ශ්‍රමය සේවය කරන කාලය තුළ උපරිම ලෙස යොදා ගනු ලබන ආකාරයක් නම් දැකිය හැකිය- විශේෂයෙන් කර්මාන්ත ශාලා, වැඩ බිම් තුළ සේවය කරන්නන්ගේ ශ්‍රමය පැය ගණනක් පුරා එක ලෙස ලබා ගන්නට කටයුතු කරන අතර අවම කාළයකින් උපරිම සේවාවක් - ශ්‍රමයක් ලබා ගන්නට  උත්සහ කරයි- පෞද්ගලික අංශවල දියුණුවට එක් හේතුවක් ලෙසද මෙය සඳහන් කළ හැකිය- මෙම කරුණ බොහෝ විට රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය තුළ දෙයාකාරයකින් දැකිය හැකිය- ඇතැම් ආයතන, දෙපර්තමේන්තු, මණ්ඩල, සභා තුළ සේවය කරන ඇතැම් නිලධාරීන් තම වැඩ කොටස නියමාකාරයෙන් සිදු නොකර බොහෝ වේලා කල් මරමින් වැඩි කාලයක් යොදා ගනිමින් නිවාඩු ලබා ගැනීමට වේලාසනින් නිවස බලා යාමට උනන්දුවෙන් කටයුතු කරනු දැකිය හැකිය- එමගින් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනයාගේද කාලය නාස්ති වීම නිරායාසයෙන්ම සිදුවේ-
     අපේ සමාජයේ ඇති ප්‍රකට කියමනක් වන ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවා ගත නොහැකි මෙන් ගෙවුණු කාලය යළි කෙසේ හෝ කෙදිනක හෝ නැවත ලබා ගත නොහැකිය- එබැවින් අප මෙතෙක් ජීවිතයේ ප්‍රයෝජනයක් නොගෙන අපතේ දමා ඇති කාලය මිනිය නොහැකිය- නැවත එම කාලය ලබා ගැනීමටද නොහැකි වන අතර කළ යුත්තේ අද පටන් ඉදිරියට කාලය නිසි පරිදි කලමනාකරණය කර ගනිමින් සාර්ථක ජීවිතයක් ගොඩනගා ගැනීමයි-
     සෑම තැනකදීම සෑම අවස්ථාවකදීම කාලය අපතේ හැරීම යනු තම පෞද්ගලික ජීවිතය, පවුල, සමාජය, රට ආපස්සට යාමකි- නිසි කාල කලමනාකරණයක් කාලය ආරක්ෂා කර ගැනීමක් නොමැති තැන දියුණුවක් සංවර්ධනයක් බලාපොරොත්තු විය නොහැක- තම වැටුපට සරිලන පරිදි පමණක් නොව තමාට හැකි උපරිමයෙන් සේවය කරන ආයතනයට, සමාජයට, රටට සේවය කිරීම අප සැමගේම යුතුකමකි-
     කාලය නිහඬ සන්නිවේදනයකි- පුද්ගලයෙක්, සමාජයක්, ජාතියක් නැඟී සිටින්නේ - ප්‍රගතියට පත්වන්නේ කාලය නමැති නිහඬ එහෙත් ප්‍රබල සන්නිවේදන ක්‍රියාදාමය තුළිනි-
                  
සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි

නිවැරදි ලෙස සම පිරිසිදු කර ගනිමු


                                       


සම පිළිබදව උනන්දු වීමේදී සම පිරිසිදු කර ගැනීම සදහා ප‍්‍රධාන තැනක් ලබා දිය යුතුය. සම රැක ගැනීමg දෛනික වතාවත්වලදී අත්‍යවශ්‍යයන්ම අනුගමනය කළ යුතු ප‍්‍රධාන කාර්යයන් තුනකි.
  •   ක්ලෙන්ස් කිරීම
  • ටෝනර් කිරීම
  •  ස්ක‍්‍රබ් කිරීම
අප කවුරැත් දන්නා පරිදි සම පිරිසිදු කර ගැනීම සෞඛ්‍ය සම්පන්න ඉතා සුන්දර සමකට ප‍්‍රථමයෙන්ම ඉවහල් වන කාරණාවයි. බොහෝ පිරිසක් මුහුණ පිරිසිදු කිරීම සදහා Face wash භාවිතා කරනු ලබයි. නමුත් Face wash භාවිතා  කිරීමෙන් පමණක් මුහුණේ ඇති තෙල්, කුණු, දූවිලි සම්පූර්ණයෙන් ඉවත් කිරීම කළ නොහැක. එබැවින් ක්ලෙන්සර් එකක් භාවිතා කිරීම වැදගත් වේ. Deep cleanser  එකක් භාවිතා කිරීම වඩා ප‍්‍රයෝජනවත් වේ. cleanser  කිරීමේදී සමේ රෝම කූප විවර වී සම හොදින් පිරිසිදු කරයි.
 එලෙස විවර වූ රෝම කූප නැවත යථා තත්වයට පත් කිරීම සදහා ටෝනර් එකක් භාවිතා කළ යුතුය. නැතිනම් සම වියළීමට පටන් ගනී. එලෙස වූ පසු සමේ ජල සමබරතාවයට හානි පැමිණේ. මෙවැනි තත්වයක් ඇති වූ විට සමේ ජල සමබරතාවය රැක ගැනීමට අමතර කියාවලියක නිරත වීමට සමට සිදුවේ. මෙහිදී ටෝනර් කිරීම මගින් එම තත්වය පාලනය කොට පහසු කරවන අතර සමේ ජල සමබරතාවය ද ඉතා ඉක්මනින් නැවත ඇති කරවයි. අප කවුරැත් දන්නා පරිදි සමේ භාෂ්මික බව ඉහළ යාමෙන් සම අධික ලෙස වියලීමටත් සම රළු වීමටත් නොයෙක් ආකාරයේ සංවේදීතාවන්ටත් පත්විය හැක. එවිට සම දොඩම් ලෙල්ලක ස්වරෑපයක් ගනී. මෙම ආකාරයෙන් සමට බලපාන සියලු ව්‍යාකූලතා ටෝනර් භාවිතයෙන් මග හරවා ගත හැක.
 වර්තමානයේදී නව සොයා ගැනීම්වලට අනුව ටෝනර් භාවිතයෙන් ඉතා අත්‍යවශ්‍ය කාරණා හතරක් ද සපුරා ගත හැකිය.
  • ටෝනර් භාවිතයෙන් සමේ සිදුරැ ගැඹුරින් පිරිසිදු කළ හැක.
එනම් ක්ලෙන්ස් කිරීමෙන් පසුව වුවත් නොගිය මේක් අප්, කුණු, දූවිලි, තෙල්, මැරeණු සෛල සහ අනෙකුත් නිෂ්පාදන භාවිතයෙන් සම මතුපිට ඉතුරe වුණ දේ ටෝනර් භාවිත කිරීමෙන් ඉතා ගැඹුරින් පිරිසිදු කොට ඉවත් කරනු ලබයි.
විශේෂයෙන් පයිප්ප වතුරෙන් මුහුණ පිරිසිදු කිරීමෙන් එම වතුරේ අඩංගු ප්ලෝරයිඩ්, සෝඩියම්, ක්ලෝරීන් යන අපදව්‍ය සමේ තැන්පත්වීමට පුළුවන. එසේ තැන්පත් වන අපදව්‍ය සමෙන් ඉවත් කිරීමට ටෝනර් භාවිතය වැදගත් වේ. එම අපදව්‍ය ඉවත් නොවුනහොත් සමේ සිදුරැ වැසී ගොස් සම මතුපිටට ස්වභාවික තෙල් පැමිණීම වළක්වා සම අධික වියලි තත්වයකට පත් කෙරීය හැක. දිගින් දිගටම ටෝනර් භාවිත නොකොට මොයිස්චර්රයිසර් හෝ ක්ලෙන්සර් භාවිත කළහොත් සමේ ගැඹුරින් ඉතිරි වූ අපදව්‍ය තවතවත් ගැඹුරට තල්ලු කර හරින බැවින් සමේ සිදුරැ අවහිර වීමෙන් ලප හා පලු දැමීම්, කුරැලෑ, ඇක්නි, වයිට් හෙඩ්ස්, බ්ලැක් හෙඩ්ස්, සම රළු වැටීම්, කීම් වර්ග සමට උරා නොගැනීම වැනි උපදවයන්ට ලක්වීමට පුළුවනි.
  •  දෙවැනි කාරණාව වන්නේ ඉහතදී සාකච්ජා කළ පරිදි සමේ ජල සමබරතාව රැක ගැනීමයි. සමේ සාමාන්‍යfයන් පැවතිය යුතු ජල පරිමාව වන්නේ PH 5.5 - 6.5 අතර %මාණයකි.
  • ටෝනර් භාවිතයෙන් සමේ තෙතමනය රැක දෙන අතර මනා සේ සමේ ශෛලවල ක‍්‍රියාකාරිත්වය පවත්වා ගෙන යාමටද ඉවහල් වේ.
  •  තවද ක්ලෙන්ස් කිරීමෙන් පසුව ටෝනර් භාවිත කිරීමෙන් සමේ ඉන්පසුව කරනු ලබන සත්කාර හා තිකර්මයන්වලට අදාළ සියලු ව්‍ය සමට උරා ගැනීම පහසු  කරයි. සමට පිටතින් ලබා දෙන පෝෂණය වඩා ගැඹුරින් සමට උරා ගෙන එම ව්‍ය කාර්යක්ෂම ලෙස සම තුළට ගෙන යයි.
Scrub කිරීම
ස්කබ් භාවිතා කිරීමෙන් මැරeණු සම ඉවත් වී පැහැදිලි සමක් ලබා දේ.  ස්ක‍්‍රබ් කිරීමෙන් මැරeණු සම ඉවත් වෙනවාත් සමගම යටින් ඇති අලුත් සම පිටතට නිරාවරණය වේ. එම නිසා මැරැණු සම ඉවත් කිරීමේදී නියම ආකාරයට  ඉවත් නොකළහොත් අලුත් සම සීරීමකට පත් විය හැකිය. සම පිළිස්සී යා හැකිය.
මැරැණු සම ඉවත් කළ හැකි ක‍්‍ර ලෙස
1 ඇට වර්ග අඩංගු ක්ලෙන්සර් භාවිතා කිරීම.
2 මාස්ක් එකක් භාවිතා කිරීම. මාස්ක් එකක් මුහුණේ ගා වේලුණු පසු ටිෂු එකක් සේ ගැලවිය හැක.
3 Scrub කිරීම.

Scrub කරන පිළිවෙල
  •  ඇස් වටා ආලේප නොකර මුහුණේ අනිත් තැන්වල ස්ක‍්‍රබ් ඩොට්ස් වශයෙන් තබා සියුම් ලෙස රවුමට රවුමට පිරිමදින්න. නිකටේ සිට කන දක්වා පහලට පිරිමැදීම නොකළ යුතු අතර එලෙස කිරීමෙන් සම එල්ලෙන ස්වභාවයක් ගත හැකිය.
  • වඩා සංවේදී සමක් නම් ඇගිලි දෙකෙන් අල්ලා පිරිමදින්න. එවිට එක් අතක දඹරැගිල්ල හා මැදගිල්ල උපයෝගී කරගනිමින් සම ඈත් කර අනිත් අතින් සෙමින් පිරිමැදිය හැකිය. ඉන්පසු තෙත මිරිකූ පුළුන්වලින් හෝ ඇල් වතුරෙන් සෝදා ඉවත් කරන්න.
  • ස්ක‍්‍රබ් කිරීමෙන් පසු අනිවාර්යයෙන් සමට අනුව ටෝනර් එකක් තෝරා ආලේප කරන්න.
  •  ස්ක‍්‍රබ් කර මුහුණට සත්කාරයන් කලපසු අනිවාර්යයෙන් මොයිස්චරයිසර් ක‍්‍රීම් එකක් ආලේප කරන්න.
  •   සමක් මැරීමට ලක්වන්න සතියක් පමණ ගතවන බැවින්  Scrub කිරීම සතියකට වරක් සිදු කරන්න.
මේ ආකාරයට Scrub කිරීමෙන් ඔබේ මැරැණු සම ඉවත් කර පිරිසිදු සුන්දර පැහැපත් සමක් හිමි කර ගන්නට හැකිය.

උපදෙස් - රEපලාවන්‍ය උපදේශිකා නන්දනී සෙනරත්
සංස්කෘතික මධ්‍යස්ථානය
කැලණිය විශ්වවිද්‍යාලය
 
සැකසුම- සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි