Monday, July 30, 2018

අවුන් සාන් සූකී




පෞද්ගලික තොරතුරු

අවුන් සාන් සූකී, සහෝදරයන් දෙදෙනෙකු සහිත පවුලක එකම දියණිය ලෙස 1945 ජුනි 19 දින මියන්මාරයේ රැන්ගුන් ප‍්‍රදේශයේ වර්තමාන යැන්හැන් ප‍්‍රදේශයේ හම්වේ සයුන්ස් නම් කුඩා ගම්මානයේ උපත ලැබුවාය. උපතින්ම දේශපාලන පසුබිමක් උරුම වූ සුකීගේ පියා අවුන් සාන් නූතන බුරුම හමුදාව නිර්මාණය කර බුරුමයේ නිදහස වෙනුවෙන් 1947 වසරේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව සටන් වැදුණු අයෙකි. එම වසරේදීම පියා සැලසුම් සහගතව ඝාතනය කරනු ලැබූ නිසාවෙන් අවුන් සාන්ගේ පවුල ඉතා අසරණ ත්වයකට පත් විය. සුකීගේ බාල සොයුරු අවුන් සාන් ලින් ගෙමිදුලේ පොකුනක ගිලී යාමෙන් අවාසනාවන්ත ලෙස මරණයට පත්වන අතර වැඩිමල් සොහොයුරු ඇමරිකාවේ පුරවැසිභාවය ලබා සංක‍්‍රමණය වෙන ලදී.
    මේ අතර ප‍්‍රසිද්ධ දේශපාලන පසුබිමක් ගොඩනගා ගන්නා ඇයගේ මව කියින් කී ඉන්දියාව සහ නේපාලය යන රටවලට බුරුම තානාපති වශයෙන් පත්කරනු ලැබ සුකී දියණියත් සමග පිටව යයි. මේ හේතුව නිසා සුකීගේ අධ්‍යාපනය නවදිල්ලියේ Convent of Jesus    සහ May යන පාසල් වලිනුත් උපාධිය නවදිල්ලියෙහි Lady Sri Ram College හිදීත් සම්පූර්ණ කර ගනී. බුරුම, ඉංග‍්‍රීසි, ප‍්‍රංශ හා ජපන් යන භාෂා සියල්ලම චතුර ලෙස ප‍්‍රගුණ කළ සුකී තරුණිය ඇයගේ ශාස්ත‍්‍රවේදී උපාධිය 1967 දී St huge’s College Oxford හිදී් සම්පූර්ණ කර ගනී.
    වර්ෂ 1972 ජනවාරි 1 වන දින අවුන් සාන් සුකී සහ ආචාර්ය මයිකල් ඇරිස් අතර භූතානයේදී විවාහය සිදු වන අතර ඔවුන්ට දාව වැඩිමල් පුතු ඇලෙක්සැන්ඩර් ඇරිස් 1973 දීත් බාල පුතු කිම් ඇරිස් 1977 දීත් උපත ලබයි.

ඇයගේ දේශපාලනය

    ඇයගේ දේශපාලන දිවිය තීරණාත්මකව ආරම්භ වන වර්ෂය වන 1988 දී නැවත මව්බිමට පා තබන අවුන් සාන් සුකී ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට පණ පොවන කාර්යය ආරම්භ කළාය.
1988.10.26 ඇය මිලියන භාගයක් පිරිසකට ආමන්ත‍්‍රණය කළාය. එම රැලිය පැවැත්වුණේ ෂූඩගන් පැගෝඩාවලය. ඇය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් වෙනුවෙන් කතා කරන ලදී. අවිහිංසාව ඇයගේ දර්ශනය විය. මහත්මා ගාන්ධිගේ අවිහිංසාවාදය හා බුදුන්ගේ සංකල්පය පෙර දැරිව ඇය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් සඳහා යොමු විය. 1988.12.27 ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ව්‍යාපාරය පිහිටවනු ලැබීය. එහෙත් ඇයව 1989 අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියේ තබන ලදී. ඇය රට හැර යන්නේ නම් නිදහස ලැබෙන බව පාලකයින් පවසා ඇත. නමුත් ඇය රට හැර ගොස් ලබන නිදහස ප‍්‍රතික්ෂේප කළාය.
ඇයගේ දේශපාලනය ආගමනය වැලැක්වී සඳහා බුරුමයේ එවක සිටි ඒකාධිපති පාලකයින් කළ හැකි සියලූ අකටයුතුකම් සිදු කරන ලදී.

නිවාස අඩස්සියට පත් කිරීම

රටේ සාමයට හා සංහිඳියාවට ඇය තර්ජනයක් සේ සලකා රජය ඇයව සිර ගත කරනු ලබයි. 1989 සිට වරින් වර නිවාස අඩස්සියට පත් කරන ලද සුකීගේ ස්වාමියාට 1995 වසරෙන් පසු රටට ඇතුල් වීම වලක්වාලන ලදී. අවසන් වරට 1995 නත්තල් සමයේ බුරුමයට පැමිණායාට පසු ඇරිස්ට වීසා ලබා නොදුන් රජය ඒ වෙනුවට සුකීට රටින් පිටවන ලෙස බලපෑම් කරන ලදී. සිය ස්වාමියාටත් වඩා රටට ආදරය කළ සුකී රටින් පිටවීම ප‍්‍රත්ක්ෂේප කරන ලද්දේ පාලන අධිකාරිය නැවත ඇයට රටට ඇතුල් වීමට ඉඩ ලබා නොදෙනු ඇතැයි යන සාධාරණ සැකය නිසාය. වර්ෂ 1999 මාර්තු 27 දින පිළිකා රෝගයෙන් මිය යන තෙක්ම ඇරිස්ගේ වීසා ඉල්ලීම් සිදු කළ පාප් වහන්සේ, කොෆි අනන් ඇතුළු කිසිම පුද්ගලයෙකුටවත් ආයතනයකටවත් රජය ඇහුන්කම් නොදෙන ලදී.
    මිය ගිය සැමියාගෙන් ද බි‍්‍රතාන්‍යයේ ඉගෙනුම ලබන පුතුන්ගෙන්ද වෙන්ව නිවාස අඩස්සියේ පසුවූ සුකීට සොබා දහමෙන්ද පීඩා පැමිණුනි. 2008 මැයි දෙවන දින බුරුමය කැළඹූ නාගීස් නම් චණ්ඩ මාරුතයෙන් සිය නිවසේ වහලය අහිමි වූ ඇය වසරකටත් වැඩි කලක් අබලන් නිවසක සිරකාරියක් විය.
නිවාස අඩස්සියේ සිටින කාලයේදී ඇය බුදු දහම ගැන ඉගෙන ගත්තාය. භාවනා කළාය. දර්ශනය, දේශපාලනය ගැන හා චරිත කතා කියෙව්වාය.
2009 මැයි 3 දින ජෝන් යෙටෝ නමින් හඳුනාගත් ඇමරිකානු ජාතිකයා අනාරාධිතව ඉන්යා ලේක් විල හරහා අවුන්සාන් සුකීගේ නිවසට පිහිනා ගියේය. දින 3 කට පසුව ආපසු යන ගමනේදී ඔහු අත්අඩංගුවට පත්විය. මෙයට පෙර අවස්ථා දෙකකදීම ඔහු මෙලෙස සුකී මුණ ගැසීමට පීනා ආවද හෙළි නොකළ හේතු නිසා ඔහු ආපසු ගියේය. ඔහු නඩු විභාගයේදී ප‍්‍රකාශ කළේ ඇයට මුහුණ දීමට සිදුවන ත‍්‍රස්තවාදී ඝාතනයක් ගැන ඇයට දැනුම් දීම සඳහා කිසියම් දිව්‍යමය දැක්මක් මගින් තමාව පොළඹවනු ලැබූ බවයි. මැයි 13 වැනිදා සුකී යලිත් නිවාස අඩස්සියේ කොන්දේසි කැඞීමේ වරදට අත්අඩංගුවට ගන්නා ලදී. මන්ද යත් ඇගේ නිවසට පිහිනා ආ පුද්ගලයාට දින දෙකක් නවාතැන් දීමේ වරද නිසයි. අනතුරුව ඇය යලිත් ෂබිජසබ සිරගෙයට ගෙන යන ලදී.

1990 මැතිවරණය

1990 පැවති මැතිවරණයේ දී අවුන් සාන් සුකී විසින් නායකත්වය ලබා දුන් එන් එල් ඞී පක්ෂය ආසන 392 ක් දිනා ගනී. හමුදා ජුන්ටාවන්ගේ පක්ෂය වන එන් යූ පී පක්ෂයට දිනා ගත හැකි වූයේ ආසන 10 ක් පමණි. නමුත් බලයේ රැදී සිටියේ ආසන 10 ක් පමණක් දිනා ගත් මිලිටරි ජුන්ටාවයි.  ජන්ද ලබා ගනී. සුකීට අගමැතිකම දිය යුතු බවද ඇතැමුන් පුකාශ කරන ලදී.
මැතිවරණයත් සමගම එන්. එල්. ඞී ආධාරකරුවන් පමණක් නොව ජයග‍්‍රාහක මන්ත‍්‍රීවරු පවා අත්අඩංගුවට ගත් ජුන්ටා පාලකයින් සුකී මහත්මිය නිවාස අඩස්සියේම තබන ලදී. මැතිවරණයට පෙර සිටම ඇය කෙරෙහි ජනතාව කලකිරවීමටත් ඇයගේ ජයග‍්‍රහණය වළකාලීමටත් කටයුතු කර ඇත. ඇය බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු හා විවාහ වීමද විවේචනයට ලක් කර තිබේ. ඇය බුරුම දේශයට ආදරය නොකරන හා අවංක බුරුම දියණියක් නොවන බව පවසා ඇත. නමුත් ඇය ලද විශිෂ්ඨ ජයග‍්‍රහණයෙන් ජනතාව ඇය සමග බව පසක් වේ.

අවුන් සාන් සුකී අත්අඩංගුවේ සිටි කාලච්ජේද


1989 ජුලි 20 - චෝදනා හෝ නඩු විභාග ත්‍නාමැතිව යුද නීතිය යටතේ රැුන්ගුන් නුවර අත්අඩංගුවේ තැබීම
1995 ජුලි 10 - නිවාස අඩස්සියෙන් නිදහස් කිරීම
2000 සැප්තැම්බර් 23 - නිවාස අඩස්සියේ පසු වීම
2002 මැයි 6 - නිදහස් වීම
2003 මැයි 30 - ෘැච්හසබ  ඛේදවාචකය හේතුවෙන් අත්අඩංගුවට ගැනීම
2007 මැයි 25 - නිවාස අඩස්සිය වසර 6 කින් දීර්ඝ කිරීම
2007 ඔක්තෝම්බර් 24 - නිවාස සිර අඩස්සිය වසර 12 ට ලඟා වීම
2008 මැයි 07 - තවත් වසරකින් නිවාස අඩස්සිය දිග් කිරීම
2009 අගෝස්තු 11 - තවත් 18 මසකින් සිර අඩස්සිය දිග් කිරීම
2009 නොවැම්බර් 13 - නිවාස අඩස්සියෙන් නිදහස් වීම

නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීම

1990 දී ඇය Sakharoy සාමය සඳහා වන ත්‍යාගයද 1991 දී නොබෙල් සාම ත්‍යාගයද දිනා ගනී. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ඇය ඉටු කරන මෙහෙවර අගයමිනි. එය ලබා ගැනීමට යාමටද ජුන්ටා පාලකයින් ඉඩ දුන්නේ නැත. ඇය වෙනුවෙන් එය ලබා ගත්තේ වැඩිමහල් පුත් ඇලෙක්සැන්ඩර්ය.

නිදහස ලබා ගැනීම

ලොව පුරාම ප‍්‍රජාතනත‍්‍රවාදය අගයන ජනතාවගේ සතුටට හේතු වෙමින් වසර 15 ක් වරින්වර සිර භාරයේ ගත කළ සුකී 2010 නොවැම්බර් 13 වැනිදා නිදහස් වුණේ එක දිගට සිර ගතවී වසර 7 කට පසුවය.
ආරක්ෂක හමුදා විසින් නිවස අසල අටවා තිබූ මාර්ග බාධක ඉවත් කෙරුණේ ඇය නිදහස් කෙරුණු බව ඉගි කරමිනි. එදින විශාල පිරිසක් ඇයගේ නිවස ආසන්නයට රැුස්ව සිට ඇත. ඇය නිවසේ ගේට්ටුව පිටුපස ඉඳිකර තිබූ තාවකාලික වේදිකාවක සිට ජනතාවට ආචාර කළාය.
ඇය එහිදී කියා සිටියේ  "අප එක්සත්ව ක‍්‍රියා කළහොත් අපේ ඉලක්කය ජය ගත හැකියි” යන්නයි. ඉලක්කය වූයේ ජුන්ටා පාලනය වෙනුවට ජනතාවගේ නිදහස් ජන්දයෙන් තේරී පත් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සිවිල් පාලනයකි.
සුකී නිදහස් කිරීමත් සමගම ඇයගේ බාල පුතුවන කිම් ඇරිස්ට මව බැලීමට වීසා නිකුත් කෙරිණි. සිය මව බැලීමට ඔහුට මෙම අවස්ථාව ලැබුණේ වසර 10 කට පසුවය. සිය පුතු ගුවන් තොටුපලේදී වැළදගත් සුකී ජන මාධ්‍යවලට ප‍්‍රකාශ කළේ තමන්ගේ දේශපාලනය නිසා තම පවුලේ අය දැඩි ලෙස පීඩාවට පත්වූ බවයි. එහෙත් ඔවුන් හැම විටම තමාගේ දේශපාලන සටන වෙනුවෙන් සහාය දෙමින් ඒවා ඉවසා සිටි බව ඇය පවසා සිටියාය. බාල පුතු එය තහවුරු කරමින් එහිදී සැම දෙනාටම තම වම් බාහුව ප‍්‍රදර්ශනය කළේ එහි සුකීගේ පක්ෂයේ ලාංජනය කොටා ඇති බව දැක ගැනීමට සලස්වමිනි.

නිදහස් වීමෙන් පසු අවධිය

2011 සුකී සහ බුරුම රජය සාකච්ජා ඇරඹීය. ඇයගේ බොහෝ ඉල්ලීම් ඉටු කර ගැනීමට මෙය කදිම රාජකාරිමය අවස්ථාවක් විය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස බුරුමයේ 10 වන දේශපාලන සිරකරුවා නිදහස් විය. වෘත්තීය සමිති නීත්‍යානුකූල කරන ලදී.
2011 දෙසැම්බර් 21 දින තායි අගමැති Yingluck Shinawa යැන්ගැන්වලදී සුකී මුණ ගැසිණි. මෙය විදේශ රටක නායකයෙකු සමග කරන ලද ප‍්‍රථම සාකච්ජාවය. 2012 ජනවාරි 5 දින බි‍්‍රතාන්‍ය විදේශ ඇමති විලියම් හේග් සුකී මුණ ගැසුණි. ඒ සමගම බුරුම රට වෙනුවෙන්ද නියෝජිතවරයෙකු සම්බන්ධ විය. මෙය සුකීට හා බුරුමයට ඉතා වටිනා අවස්ථාවක් විය.
2012 අතුරු මැතිවරණයේදී ඇමතිකමක් ලැබුනොත් එය භාර ගන්නවාදැයි ඇසූ පැනයකට ඇගේ පිළිතුර මෙසේ විය.
 "ඔබට මම එක දෙයක් කියමි. මෙම ව්‍යවස්ථාව යටතේ ඔබ රජයේ නියෝජිතයෙක් ලෙස පත්වන්නේ නම් ජතික සභාවේදී ඔබට ඔබේ ආසනය අත්හැරීමට සිදුවේ. එනිසා මම මගේ ආසනය අහිමි කර ගැනීම සඳහා පාර්ලිමේන්තු යාමට වැඩ නොකරමි.”
2012 අප්‍රෙල් 01 දින සුකී පාර්ලිමේන්තු අසුනක් දිනා ගත්තාය. ඇය ආසන 45 න් 43 ක්ම ජය ගත්තාය. ඇය විපක්ෂ නායකවරිය ලෙස පාර්ලිමේන්තුවට පත්විය. 2012 ජුලි 9 දින නීති සම්පාදකවරියක ලෙස ඇය ප‍්‍රථමවරට පාර්ලිමේන්තුවට පිවිසියාය.
2015 මැතිවරණයෙන් මියන්මාරයේ ජනපති පදවිය ඇයට ලබාදිය යුතු බවට 2012 ජූලි 6 දින සුකී ලෝක ආර්ථික සංගමයේ නිල වෙබ් අඩවියට ඇය නිවේදනයක් නිකුත් කරන ලදී. මෙම ජන්දයේදී එන්. එල්. ඩි පක්ෂය ජයගත් අතර විරුද්ධ පක්ෂය ආසන 135 ක් ලබා ගන්නා විට ඇය ආසන 225 ක් ලබා ගත්තාය. සුකී පැවසුවේ ව්‍යවස්ථාවෙන් ඇය ජනාධිපති වීම ගැන බාධා තිබුණද ඇය කෙදිනක හෝ එන්. එල්. ඩි රජයකට ජනාධිපති වීම වැළැක්විය නොහැකි බවයි.
2016 මාර්තු 30 ඇය විදේශ කටයුතු, ජනාධිපති කාර්යාල, අධ්‍යාපන හා විදුලි බල ඇමති බවට පත් විය. ජනාධිපති ක්වාව් ඇයට රාජ්‍ය උපදේශක තනතුරක්ද ලබා දුන්නේය. විදේශ ඇමති වීමත් සමගම චීනයේ, කැනඩාවේ, ජපානයේ, ඉතාලියේ විදේශ ඇමතිවරුන්ට මියන්මාරයට පැමිණීමට ආරාධනා කළාය. විදෙස් රටවල් සමග සබඳතා ඇති කර ගත්තාය.
ඇය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මෙලෙස දක්වා ඇත.  "විවිධ ස්ථානවලින් අපට ඉගෙනීමට විවිධ දේ ඇත. ආසියාවේ රටවල් මෙන්ම බටහිර රටවලින්ද ගත යුතු දේ ඇත. අපට දකුණු අප‍්‍රිකාව අමතක කරන්න බැහැ. අපි බලාපොරොත්තු වෙනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වූ සෑම රටකින්ම ඒ ගැන අහන්න.”
2017 වර්ෂය වන විට 72 විටෙහි පසුවන සුකී දේශපාලනය නිසා සිය පවුල් ජීවිතයේ නිසි ආශ්වාදය හා වින්දනය අහිමි කරගත් කාන්තාවකි.


මූලාශ‍්‍ර
x    දෙසතිය 2010 දෙසැම්බර් කලාපය
x    දෙසතිය 2009 අගෝස්තු කලාපය
x    දෙසතිය 1993 මාර්තු කලාපය 
      http: //en.Wikipedia.org/wiki/Aung-San-Suu-kyi

                                                                              
                                             සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි


3 comments: