Thursday, May 17, 2018

පාසල් මිතුරියේ


පාසල් මිතුරියේ...
එක වසරේදි අපි
එක මේසෙ එක ළග පුටු දෙකක
අකුරු කළ චිත‍්‍ර ඇදි සිනා වුණු
මතක ගොඩ
කුඬේ අමතක වූ එදා මහ වැස්සෙ
තෙමි තෙමී දිවූ හැටි ගෙදර
මග දිගට ළමයින්ට
වුණා පිස්සෝ අපි දෙපල
ඒ පිස්සුව පස්සෙ දෝරෙ ගිය හිනාව
දනී නම් උනුත් දුවනවා මහ වැස්සෙ
වසරෙන් වසරට ගියත් අපි දෙන්න
එක පේලයේ එක ළග පුටු දෙකේ
කොණ්ඩෙ වැවුනේ උස ගියේ
ලොකු උනේ අපි එකට
උඹ රයිගම මම ගම්පොල
ජාඩියට මූඩියට
කෑගැහුවේ ළමයි අපි නෙවෙයි සැලුනෙ
මතකයි එදා අද වගේ
පාන්දරම රැුකි උඹෙ මුනිවත
කීවේ ලොකු කතාවක්
කදුළු පිරුණු උඹේ දෑස
ඇසුවා මම ගමත් මාත් ඉස්කෝලෙත් අතහැර
යන්න සැරසෙන බව උඹ
පි‍්‍රයේහි විප‍්‍රයෝගය දරා ගනු බැරි මා
නෙත කදුළු දුටුවෙ නෑ උඹ
කියන්නට බැරි වුණත්
දෙතොල වෙව්ලද්දින්
කීවා හිත හෙමින්
අමතක නොකරපන් මේ පිස්සි

                            (සුවිනි ඉන්දීවරී)