Friday, December 21, 2018

වෙරළ ඉමක සිට....




වෙරළ කොනක
හැපෙන රළක
ඇසෙන හඩක
බිදෙයි සිහින

තැඹිලි අහසෙ
සියත් කැළක
රටා මැදක
ගෙනෙයි මතක

මුහුදු වැල්ලෙ
ඇදෙන සිහින
මැකෙන දසුන
රිදයි මසිත

ක්ෂිතිජ අහසෙ
ගිලෙන ඉරක
මැවෙන රතක
දවයි මසිත

සුවිනි