Saturday, June 30, 2018

කුමරියක පා සලඹ සැලුනා

 



කුමරියක පා සලඹ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරැනා
කුමර බඹසර අසපුවේ මා
සම වැදී උන් දැහැන් බිදුනා

උකුල ලැම හස මලවි කරළිය
මුවා කළ ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරeවා මනස් සළෙලුන්
උමතු වූ දෙනුවන් රැහැන් ඇද
සුරන් නැලවූ සුයාමය

නිසල ජීවන තපෝවන මැද
හැගුම් ගජසෙන් යදම් බිද වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරeවැල් කැකුළු මල් පෙති
මා හඩවයි බිදුණු තුසිතය
සුරන් නැලවූ සුයාමය

පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය - වික්ටර් රත්නායක
ගායනය - ඩබ්.ඩී අමරදේව

ගීතය අසා රස විදිය යුතු කලා අංගයක් වේ. එය නිර්මාණාත්මක විය යුතුය. ගීතය වූ කලී සාමූහික නිර්මාණයකි. ගීතයක පද රචනය, සංගීතය, ගායනය යන මේ තිත්වයම මනා ලෙස එකට ගැළපිය යුතුය. ඇතැම් පෙරදිග කවීන් ගීත රචනාව දැල්වීමට පිළියෙල කරන ලද පහනක් වැනි යැයිද පස්තුතය හෙවත් ගීතත්වය එහි තෙල් වැනි යැයිද තනුව එහි තිරය යැයිද ගැයෙමින් පවත්නා ගීතය දැල්වෙන පහනේ දැල්ල වැනි යැයිද විගහ කරයි. කුමරියක පා සලඹ සැලුනා ගීතය මෙම තිත්වයම එකට මනා ලෙස ගැලපුණු ගීතයකට කදිම නිදසුනකි. කේ.ඩී.කේ ධර්මවර්ධනයන්ගේ පද සංයෝජනයෙන් වික්ටර් රත්නායකයන්ගේ සංගීත මුසුවෙන් පණ්ඩිත් ඩබ්.ඩී අමරදේවයන්ගේ අසමසම කටහඩින් මෙම ගීතය සුපෝෂණය වී ඇති බව සහෘද මනසට හැගී යන්නේ නිරායාසයෙනි.
            ඕනෑම ගීතයක් තුළ කිසියම් සන්නිවේදනාර්ථයක් ගැබ්ව තිබිය යුතුය. එම සන්නිවේදනාර්ථය ඉදිරිපත් කිරීමට හා ගීතයක විශිෂ්ටත්වය සහා නිර්මාණකරeවෙකු සතු පතිභා පූර්ණ වීම, සතතාභ්‍යාසය වැනි ගුණාංග මෙන්ම නව නළු රස භාවිතා කිරීමත් වැදගත් වන්නකි. මෙම ගීතයට විවිධ විචාරකයෝ විවිධ අදහස් ඉදිරිපත් කර තිබේ. පන්සිය පනස් ජාතක පොතෙහි එන නලිනී ජාතකය වස්තු බීජය වී ඇති බවත් ඒ තුළින් ජීවිතයේ අනිත්‍ය බව - අස්ථිර බව ඉදිරිපත් කරනු ලබන  බව එක් අදහසකි. මෙහි සහන් වන ස්තිය ගණිකාවක් බව තවත් කෙනෙකුගේ මතයකි. එලෙස දක්වන්නට හේතු වී ඇත්තේ ඇගේ පා සලඹේ නාදයයි. නාදය ඇසීමට නම් ඇය නර්තනයේ යෙදිය යුතු බවත් එම නර්තනය හේතුවෙන් ඇය ගණිකාවක් වන බව ඔවුන්ගේ මතයයි. එසේම මෙහි දැක්වෙන පුරෙeෂයා තාපසයෙකු වන බවත් ස්තියක් හේතුවෙන් තපස් දිවිය අවසන් වන බවත් තවත් මතයකි. මෙවැනි විවිධ වූ මත වුවත් පොදු මිනිස්කම් ඉක්මවා ගොස් පාරිශුද්ධ වූ ජීවිතයක් ගත කළ තරeණයෙකුගේ සිතුවිලි ස්තියක් කරණ කොට ගෙන වෙනස් වන ආකාරය ඉදිරිපත් කරන ගී සංකල්පනාවක් ලෙස මෙම ගීතය සැලකිය හැකිය. සරලව ගතහොත් ස්තියක හා පුරeෂයෙකු අතර වන රමණය තේමාව බවට පත්ව ඇති අතර එය එකවර ලිංගිකත්වය ලෙස නොපවසා වඩාත් යෝග්‍ය වාග් මාලාවක් මගින් මනා සංයමයෙන් යුතුව ව්‍යංගාර්ථවත් ලෙස කියාපෑමට ගී පද රචක කේ.ඩී.කේ ධර්මවර්ධනයන් සමත්ව ඇත. 

කුමරියක පා සලඹ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරැනා
කුමර බඹසර අසපුවේ මා
සම වැදී උන් දැහැන් බිදුනා

            ස්තියකගේ පාදයේ ලූ සලඹක නාදයෙන් මෙම පුරeෂයාගේ දැහැන් ගත වූ සිත චංචල කරන්නට වූ බවත් ඔහු වසා සිටි නෙතු පියන් පා සලඹේ නාදයෙන් ඇය වෙතට යොමු වූ බවත් පැහැදිලිය. ඔහු කොතෙක් දුරට බහ්මචාරී ජීවිතයක් ගත කළේද යන්න තීව්ර වන්නේ කුමර බඹසර අසපුව යන රෑපකය තුළිනි. දැහැන් බිදුණා යන වචන දෙකද ඊටම ගැළපෙන්නා වූ යෙදුමකි. ඔහුගේ සිත වෙනස් වූ ආකාරය හා එහි වූ වෙනස දන්වන්නට යෙදූ රෑපකාර්ථවත් යෙදුම් ඉතා සාර්ථක වූ බව කිව හැකිය. කාව්‍යමය ලක්ෂණවලින් පිරිපුන් භාෂා මාධ්‍යයක් සකස් කර ගැනීමේදී රෑපක අලංකාරය  විපුල මෙහෙයක් ඉටු කරනු ලබයි. මෙහි මෙම කාන්තාව කුමරියක යනුවෙන් හදුන්වා දීමෙන් ස්තිය කෙරෙහි අයහපත් හැගීමක්, අමනාපයක් සහෘද සිතට ඇතිවීම වළක්වයි. එය ධර්මවර්ධනයන් යෙදූ විශිෂ්ට යෙදුමකි. 

උකුල ලැම හස මලවි කරළිය
මුවා කළ ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරeවා මනස් සළෙලුන්
උමතු වූ දෙනුවන් රැහැන් ඇද
සුරන් නැලවූ සුයාමය

            ගීතයේ දෙවැනි කොටසින් නව නළු රසයෙන් එක් රසයක්වන ශෘංගාර රසය යොදා ගෙන තිබේ. අශෝක කරeණාරත්න සාහිත්‍ය විවේචන නම් කෘතියේ දක්වන පරිදි යම් කිසි කවියක් හෝ ගද්‍ය ජේදයක් කියවන කළ අසන කළ එයින් කියවෙන දෙය දකින්නට හෝ අසන්නට හෝ ආඝාණය කරන්නට හෝ ආශාවක් කැමැත්තක් උපදී නම් ඒ ශක්තිය ශෘංගාර රසය වශයෙන් නම් කළ හැකිය යනුවෙනි. මෙහි දැක්වෙන ආකාරයට මෙම ගීතය මෙම කරeණට කදිම නිදසුනකි. අලංකාරවාදීන් ශෘංගාර රසය වශයෙන් දක්වා ඇත්තේ තරeණ තරeණියන් තුළ ලිංගික පබෝධය මුල් කර කොට ඇතිවන පමෝදයේ විකාශනයක් ලෙසය. ස්පර්ශය මුල් කොට ඇතිවන ආශාව පමණක් ශෘංගාරය යැයි දැක්වීම පටු කල්පනාවකි. කාමය හෙවත් කැමැත්ත ඇති කරවන ස්වභාවය හෙයින් කුමාරතුංග මුනිදාසයන් මෙය කැමි රස යැයි හදුන්වා දී ඇත. පංචේන්යන්ට අනුව රස විදීමට ඇති වන ආශාව ඇසුරe කර හටගන්නා පබෝදවත්භාව ශෘංගාරය වේ.  ඉන්දිය පහ අනුව ශෘංගාරය කොටස් පහකට බෙදේ.
දර්ශන ශෘංගාරය
වණ ශෘංගාරය
ආඝණ ශෘංගාරය
සායන ශෘංගාරය
ස්පෘශන ශෘංගාරය එම කොටස් පහ වේ. ශෘංගාර රසය මගින් පීතිය, රාගික හැගීම, ඇලීම ඇති කරවයි.
 ගීතයේ දෙවැනි කොටසින් දර්ශන ශෘංගාරය පකාශ වේ. ගීතයට පාදක වූ පුරැෂයා කාන්තාවගේ සුන්දරත්වය වර්ණනා කරන්නට යොදා ගත් වාග් මාලාව විශිෂ්ට වේ. කාන්තා සුන්දරත්වය වර්ණනා කරන්නට චිරන්තන සාහිත්‍යයේ සුලබව යෙදෙන පියයුරe හංසයින්ට සමාන කිරීමත් උකුල ලැම මල්සරාගේ වේදිකාවට සමාන කිරීමත්, ලැම හස මලවි කරළිය ලෙස රෑපක අලංකාරයෙන් ඉදිරිපත් කිරීම ගී පද රචකයාගේ පතිභාව විදහා දක්වන්නකි. ඇගේ දුහුල් සළු තිර විවර කරන්නේ ඔහු නොවේ. ඔහුගේ මනස නමැති සල්ලාලයාය. ඔහුගේ ස්පර්ශයෙන් තොරව මනස නමැති සල්ලාලයා ඇයව නිරeවත් කරන බව පැවසීම තුළින් ස්ති%යක නිරැවත් කරන වරදට වරදකරeවෙකු ලෙස ගීතය රසවිදින්නාට හැගී යාම මෙමගින් වළක්වයි. ඔහු විසින් ඇය නිරැවත් කරන බව පැවසීම තුළින් සහෘද මනසද ඇයව නිරeවත් කිරීමට පෙළඹෙන්නේ නිරායාසයෙනි. නැවතත් මනස් සළෙලුන් යනුවෙන් රපකයක් යෙදීම මගින් පද රචනයෙහි අලංකාර බව හා ගීතයේ අර්ථවත් බව වර්ධනය වී ඇත.
            ඇගෙන් ඇස් ඉවතට නොගෙන ඇගේ නිරeවත දෙස ඔහුගේ නෙත් රැහැන් ඇද ඇති බව දැක්වීමේදී ගිරා සංදේශ කර්තෘවරයා ගිරවා ගමන් ගන්නා අතරමග දිය කෙළියෙහි නියුතු ස්තීන් වෙතට ගං ඉවුරේ සිට ඇස් රැහැන් ඇද ඇදි බව පවසා සිටීම ස්මරණය වේ. ගීත රචකයා මෙම අවස්ථාව ගීතයට යොදා ගන්නට ඇති.
            තුසිත දිව්‍ය ලෝකය යනු දිව්‍ය ලෝක අතරින් මනරම් වූ දිව්‍ය ලෝකයකි. ගීත රචකයා ඇගේ නිරeවත් දේහයේ සුන්දරත්වය තුසිත දිව්‍ය ලෝකයට සමාන කිරීමෙන් ස්තී නිරැවතට වඩා සුන්දර යමක් නොමැති බව රස විදින්නාට පසක් කරයි. සුරන් නැලවූ සුයාමය යන්නෙන් දෙවිවරe පවා සනහන ලද වඩාත්ම යහපත් මොහොතක් බව හගවයි. 

නිසල ජීවන තපෝවන මැද
හැගුම් ගජසෙන් යදම් බිද වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරeවැල් කැකුළු මල් පෙති
මා හඩවයි බිදුණු තුසිතය
සුරන් නැලවූ සුයාමය

            නිසංසල ලෙස මෙතෙක් ගෙවූ බඹසර දිවිය ගැහැණියක නිසාවෙන් බිද වැටුණු බව මෙම කොටසින් කියවෙයි. එම දිවිය තපෝවනයකට සමාන කර ඇත. තපෝවනයක නිසල බව නිහඩ බව අප පන්චේන්දියන්ටම දැනවීමට සමත් යෙදුම් යොද ගෙන ඇත. තපෝවනයක ඇත් සේනා බහුලය. එහෙත් උන්ගෙන්‍ කරදර හිරිහැර කිසිදා සිදු නොවේ. එහෙත් ඔහුගේ මෙතෙක් යටපත් කර ගෙන සිටි රාගික හැගීම් මෝදු වීම සමාන කරන්නේ යදම් දමා බැද සිටි ඇත් සේනාවක් යදම් බිද පැමිණීමක් ලෙසිනි. දැහැනින් මිදුණු සිත නිසා පසුතැවිලි වන ස්වභාවය ඉදිරිපත් කළ පබල යෙදුම්ද සාර්ථකව යොදා ගෙන ඇත. ලපලු තුරeවැල්, මල් කැකුළු තැලී පොඩිවී යන තරම් ඇත් සේනාවේ පා පහරවල් තදබලය, කර්කශය, දැඩිය. පසුතැවිලි වන සිතේ කම්පනය දනවන්නට සමත් වදන් පෙළ නිර්මාණකරeගේ කවිත්වය පකට කරවන්නකි. මෙය ඔහු සිතින් මවා ගන්නක් මිස සත්‍ය ලෙස සිදුවන්නක් නොවේ. මනසින් අත්විදින අත්දැකීමකි. මා හඩවයි බිදුනු තුසිතය යන්නෙන් ස්තිය හා ගෙවූ කාලය අවසන් වීමේ දුක ද නැතිනම් මෙතෙක් ඔහු විසින් රාගික හැගීම් යටපත් කර ගෙවූ නිර්මල ජීවිතය බිද වැටීම නිසා ඔහු තුළ වන ශෝකයද යන්න සහෘද මනසට පශ්නාර්ථයක් ගෙනෙන්නකි.
            ගීතයක අන්තර්ගතය, පස්තුතය තීව්ර කිරීමට එකී ගීතයේ සංගීතමය භූමිකාව පස්තුතය හා මනාව සුසංයෝග වීම අනිවාර්ය වේ. මන්ද ගීතයක පස්තුතයට නොගැළපෙන තනුවක් හෝ සංගීතයක් භාවිතය එකී ගීතයේ පධාන රසය කෙළසා දැමීමට හේතු වන බැවිනි.
            තනුව හා තාලය යන පද සදහා ඉංගීසි බසෙහි භාවිත කරන පද තිත්වයකි. එනම් tune, air, melody වශයෙනි. සංස්කෘත බසින් තාල, මූර්ජනා, තාන, තාල, ඛර, රාගිනී, රාගභේද, ස්වර මාධුර්යය හා ස්වර මේලක යන වදන්ද දෙමළ බසින් වයානත යන්නද භාවිතා කෙරේ. ඉංශීසි බසින් tune යනු ගීතයක් සදහා පාදක වූ රාගයයි. මෙම ගීතය රාගාශි ගීතයක් නොවන නමුත් අල්හයියා බිලාවල් රාගයට මදක් සමාන වේ.
            වික්ටර් රත්නායකයන් ගීතයේ පද රචනයට සාධාරණයක් වන ලෙස සංගීතය මුසු කර ඇති බව ගීතය වණය කිරීමේදී හදුනා ගත හැකිය. පා සලඹක නාදය සාමාන්‍ය‍ න් යොදා ගනු ලබන්නේ සරාගී බව පෙන්නුම් කිරීම සහාය. එම භාවිතාව ගීතයේ අර්ථය තීව්ර කිරීම සහා මහගු දායකත්වයක් සපයනු ඇත. ගීතය ආරම්භ වන්නේද පද පෙළෙහිවන පා සලඹක නාදයෙනි. ගීතයේ කථිකයාට ඇසෙන පා සලඹේ නාදය සහෘදයිනටද වණය කරවන්නට එම යොදා ගැනීම යෝජනවත් වනු ඇත. එසේම එමගින් ගීතය ආරම්භයේදීම විවිධ සිතුවිලි තුළ සිටින වකයා ගීතය රස විදී කෙරෙහි පොළඹවා ගන්නට - එක අරමුණකට යොමු කරන්නට පා සලඹේ නාදය වැදගත් වේ. මෙම ගීතයේ වන සංගීතය සාංගිකභාවයක් ඇති කරවන්නකි. මෙලෙස මෙම ගීතයේ සුගායනීයභාවය උදෙසා සංගීතයෙන් විශාල කාර්යභාරයක් සිදු වී ඇත. ගීතයේ වන සංදේශය සහෘදයන් වෙත සමීප කරවන්ට කේ.ඩී.කේ ධර්මවර්ධනයන්ගේ ගී පද රචනයෙහි විශිෂ්ඨතාවත් වික්ටර් රත්නායකයන් සංගීතයෙන් ලබා දී ඇති රැකුලත් පණ්ඩිත් ඩබ්.ඩී අමරදේවයන්ගේ ගායනයේ වන කන්කලු බවත් යන තිත්වය මනා ලෙස සුසංයෝග වී ඇති ගීතයක් ලෙස කුමරියක පා සලඹ සැලුනා ගීතය දැක්විය හැකිය.
                                                                                           සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි

Wednesday, June 6, 2018

මහගෙදර




            අපේ ගෙදරට මීටර් සීයක් පමණ ඈතින් ඇත්තේ තාත්තාගේ මහගෙදරයි. මා හදුන්වන පරිදි සීයලයි ගෙදරයි. මගේ ළමා කාලය පිළිබද මතක් කළ හැකි සුමිහිරි අතීතයක් සීයලයි ගෙදර වටා මගේ මතකයේ තැන්පත් වී ඇත. ගුරeවරeන් වන මගේ අම්මාත් තාත්තාත් උදෑසන පාසලට ගොස් සවස දෙකට පමණ ගෙදරට පැමිණෙන තෙක් මා කාලය ගත කළේ අත්තම්මාත් සීයාත් සමගිනි. මා පමණක් නොව ලොකු තාත්තාගේ දූද නැන්දාගේ පුතාලා තුන් දෙනාද ඔවුන්ගේ බාල කාලය ගෙවා ඇත්තේ මේ මහගෙදරයි. මට මෙන්ම ඔවුන්ටද ඉතාම සුමිහිරි වූ ළමා කාලයක් තිබූ බව අදටත් අප සැම එකතු වූ විට එකළ කළ කී දෑ පිළිබද එකිනෙක පවසන දේ තුළින් පැහැදිලි වේ.
            මට අවුරදු දෙකක් පමණ වන කාලයේත් මා බලා ගැනීමට සිටින තැනැත්තියක සමග මහගෙදර තබා අම්මාත් තාත්තාත් වැඩට ගොස් ඇත. එකළ මගේ කරාබු නැතිවෙන්නේ හරියටයැයි අත්තම්මා පසු කලෙක මා සමග පවසා ඇත. ඒ මා බලා ගැනීමට සිටින තැනැත්තිය විසින් ගලවා ගෙන යන්නට ඇතැයි අත්තම්මා විශ්වාස කළ බැවිනි. කුඩා කළ මා බත් කෑ කොළ පාට ප්ලාස්ටික් පිගාන අදටත් සීයලයි ගෙදර කෑම කාමරයේ පිගන් රාක්කයේ දූවිලි වැදී තිබෙනු දකින මට අත්තම්මාගේ පරිප්පු හොද්දේ රසය මතක් වෙයි. එම පරිප්පු හොද්දේ රස තවම මට ඉන්පසු කොතැනකදීවත් දැ නැත.
            උදේට සීයලයි ගෙදරට යන මම සීයා මිදුල් අතුගා අවසන් වන තුර සේපාලිකා ගහ යට සේපාලිකා මල් එකතු කළෙමි. ඉන්පසු සීයා විසින් පොල් අත්තකින් කඩා සුද්ධ කර දෙන ඉරටුවල එම මල් අමුණන්නේ සීයාද සමගිනි. ඉන්පසු දොරකඩ ළග තබා ඇති මල් පෝච්චියක එම මල් ඇමුණූ ඉරටු ගසනු ලැබේ. ඉන් අනතුරeව සිත යන්නේ සමන් පිච්ච මල් සුවටය. රාතියේ පිපී රාතිය සුවදවත් කළ පිච්ච මල් උදෑසන වනවිටත් සුව විහිදුවයි. රාතියේ පිපි මල් ගෙනවිත් සුවද විද මේසය මත තැබූ පසු සාලයට සමන් පිච්ච මල් සුවදින් පිරී යයි. කුඩා කළ රිසිසේ විද ගත් පිච්ච මල් සුවඅදටද මා විදිනට ආසා කරන සුගන්ධයකි. ඒ අතරතුර අත්තම්මාගේ උදෑසන ලොකුම රාජකාරිය ඇරඕ. එනම් පෙර දිනයේ පෙගෙන්නට දමන ලද පොල් අතු විවීමයි. ඒ දෙස බලා සිටින්නටද මා හරි කැමතිය. මට අවුරeදු පහක් හයක් පමණ කළයේ පාසල් නොයන දින ගත වන්නේ සීයලයි ගෙදරය. දවල්ට උයන්නට ආත්තම්මාට කරන එකම සහ ලොකුම උදව්ව පොල් ගා දීමයි. පොල් බෑයේ එකම තැන ගා කට්ට මතු වූ විට කට්ට පේන්නට ගෑවා යි කියමින් පොල් බෑය අත්තම්මාට පෙන්වන්නේ වීර කියාවක් කළ පරිද්දෙනි.
            සීයලයි ගෙදර කුස්සිය තිබුණේ ගෙයින් වෙන්වන්නටය. මැටි ගසා සකස් කරන ලද පිළිකන්නක් සහිත ලස්සන කුස්සියක් අත්තම්මාට තිබුණි. පිළිකන්නේ කුස්සිය දොර අසල පෙරළා තිබූ වංගෙඩිය කුස්සියට එන කව්රeත් අසුන් ගන්නා තැන විය. ගොරක කාලයට අත්තම්මා වත්තේ ඇවිද ගොස් රිලව් කා දැමූ ගොරකා එකතු කර වේලෙන්නට දමන දිගින් වැඩි වූ විශාල දුමක් ලිපට ඉහළින් විය. තවත් එහි ජූල් ගෙඩි කීපයක්ද කොප්පරා ටිකක් ද තවත් පැත්තක විය. කුස්සිය ඉදිරිපස මිදුලේ රවුමට තැනූ කහ පාත්තියකි. මෙය කහ පාත්තිය ලෙස සැලකුවත් ලොකු ගොටුකොළ, සුදු කොච්චි ගසක්, ගෙඩි නොවරදින ඇරැල්ලා ගහක් ද ඉගුරe පැළ හා හුලංකීරිය පදුරe කීපයක් ද විය.
            සීයා රෝහලේ රැකියාවෙන් විශාම ගොස් අවුරදු දහයක් පමණ ගොස් ඇතත් සීයා ඉතා ආසාවෙන් කුඹු‍රැ වැඩ කළේය. උදේ කෑම ගත් පසුව කුඹුරට යන සීයා වල් පැළ ගලවා ළියදිවලට වතුර පුරවන්නට වක්කඩවල් ඇර තබයි. සීයා පස්සෙන් යන මම ද නියරවල්වල දුව පැන්නේ වසු පැටවෙකු මෙනි. අපේ වෙලේ කුඩා ජල උල්පත් දෙකක් විය. එම උල්පත් මැදි කර පුවක් බට පොළව තුළට බස්සා තිබුණි. ඒවායේ ඉහළින් පිරිසිදු උල්පත් ජලය උතුරා යන්නට විය. කුඹුරට වතුර සැපයෙන්නේ කුඹුර අසල වූ බිබුලෙනි. ඉසින ලද වී ටික පැළ වන තෙක් වී කුරල්ලන්ගෙන්, කොබෙයියන්ගෙන්, ගිරවුන්ගෙන්, මොනරන්ගෙන් බේරා ගැනීම පහසු නැත. ගොයම් පැසෙන කාළයත් වී ඉසින කාලය මෙන් කාර්යබහුලය. කුඹුර අයිනේ කඩා වැටී තිබූ ඇට්ටෝනියා ගහක කොටයක වාඩි වී කොටය ඉහළටත් පහළටත් පද්දමින් කුරල්ලන් එලවීමට මා යන්නේ ඉතා කැමැත්තෙනි. නමුත් ඇතැම් විට කුරල්ලන් ළගටම ගොස් එලවන තෙක් දුරින් සිට කොතෙක් කෑ ගැසුවත් අප්පුඩි ගැසුවත් එලවන්නට බැරිය. එවිට නම් කුරeල්ලන් එලවීම කරදරකාරී වැඩකි. කුඹුරට ඉහළින් වූ කැළයේ විශාල ඇසළ ගහක් විය. එහි ඇසළ ගහක් ඇති බව පෙනෙන්නේ මල් පිපුණු කාළයට පමණි. හුළගට මල් ගසා ගෙන විත් කුඹුරේ එක ලියද්දක් සම්පූර්ණයෙන්ම වසා ගනී. එම ඇසළ ගහත් කුඹුරට වැටී ඇති ඇසළ මලුත් අදටත් මගේ සිත පබෝධවත් කරන්නට සමත් දසුනකි.
            අපේ අත්තම්මා ටිකක් කේන්තිත ගන්නා තැනැත්තියකි. සීයා නම් එතරම් කේන්ති ගන්නේ නැත. ආත්තම්මා බත් උයා නිම කළ පසු පළමුව බෙදන්නේ සීයාටය. ඉන්පසු ඇය සීයාගේ බත් පිගාන කෑම කාමරයේ වට්ටියෙන් වසා මටත් අත්තම්මිටත් බත් බෙදයි. බොහෝ දවස්වලට මම සීයාට කියා බත් කවා ගනී. සීයා හොට බත් අනා රසට කවන්නට දක්ෂය. දවල් කෑම ගැනීමෙන් පසු සීයාත් ආත්තම්මාත් පුරැද්දක් ලෙස මද වේලාවක් නිදා ගනී. මම නිදා ගන්නට යන්නෙ සීයාගේ ඇටයි. සීයා නින්ද යන තෙක් කියා දෙන කතා අහන්නට ඇති ආශාව ඊට හේතුවයි. සීයා කියා දුන් බොහෝ කතා සීයා විසින් ගොතපු ඒවා බව මට වැටහුණේ පසු කායේදීය. සීයලයි ගෙදර මිදුලේ සුදු පැහැති වාඩි වීමට සකස් කළ ගලක් විය. සීයා පත්තර බැලුවේත් කෑම රස වෙන්නට දමන කුරදු පොතු සීරeවේත් එතන සිටය. කුරදු කොටුව සූරන අතරේ ගැළවෙන කුරදු පොතු එකක් දෙකක් කටට දමා ගන්නට මම ද එතන වාඩි වී බලා සිටියෙමි.
            ආත්තම්මා ටිකක් සැර තැනැත්තියක් බවට මා පැවසුවේ ආත්තම්මා මා කරන වැඩවලට බණින අවස්ථා ඕනෑ තරම් ඇති නිසා වන්නට ඇත. අපේ ගමේ අවංක නම් මාලු කාරයෙක් සිටී. අදටද ඔහු මහලු වුවත් බයිසිකලයෙන් ගොස් මාලු විකුණනු දකින්නට පුලුවනි. දවසක් අවංක මාලු මුදලාලි මාලො මාලෝ යි කියමින් යන විට මම ද ගෙදර සිට මාලො මාලෝ යි ඒ තාලයටම කෑ ගසන්නට විය. එවිට මුදලාලි පාරේ සිටම මාලු ගේන්නදෝයි අසන්නට විය. ආත්තම්මා මට බනින්නට වූ‍ය් එවිටයි. මම වහා මාලු එපෝ යි කියා කෑ ගසන්නට විය. අවංක මුදලාලි අදටත් මාලො මාලෝ යි කියමින් කෑ ගසන විට අතීතය චිතපටයක් සේ මගේ මනසේ දිග හැරේ.
        ආත්තම්මා සතුන්ට ආදරය කරeණාව දැක්වූ තැනැත්තියකි. ගෙදරට කොහෙන්දෝ සිට පැමිණි බැළලියක් ආත්තම්මා කන්නට බොන්නට දී රැක බලා ගත්තේ ඉතාමත් අදරයෙනි. එම බැළලිය නිදා ගන්නේ ද ආත්තම්මාගේ ඇ‍ද්මය. ආත්තම්මා මැහුම් ගෙතුම්වලට කැමති වාගේම ඒවාට දක්ෂයෙකි. තවද වගා කටයුතුවලට ඇය කම්මැලි නැත. කෙසෙල් පැලවලට පිදුර දමන්නට, හුලංකීරිය, දං දින්නල වාගේ අල වර්ග සිටු වීම ඇය අතින් සිදු විය.
        මා කුඩා කාලයේ උදා වුණු සිංහල හා හින්දු අලුත් අවුරeදු උදාවන් හා බැදුණු සුමිහිරි මතකයන් රැසකි. ආත්තම්මා විසින් කැවිලි සෑදීමටම ඉතුර කර ගන්නා ලද හාල් පිටිවලින් සාදන කැවිලි කන්නට තිබුණේ විශාල කෑදරකමකි. කොකිස් ගෙඩියක් තාචිචියෙන් බාන සැනින්ම උණු උණුවේම අත පිච්චෙනවාට අල්ලෙන් අල්ලට මාර කරමින් කර කර ගා කන්නට තිබුණේ පුදුමාකාර නොඉවසිලිමත්කමකි. අවුරදු නිවාඩුවට සීයලයි ගෙදර එන ලොකු තාත්තලා ලොකු අම්මලා නැන්දා මාමා ගෙනෙන තෑගිද කැවිලිද මා උද්යෝගයෙන් පුරවයි. නිතර මහගෙදර නොඑන ලොකු තාත්තලාගේ පැමිණීමේ සතුට අපි කාටත් වඩා දැනුණේ ආත්තම්මාටය. ඈ අවුරදු කාලයට කඩියෙකු මෙන් කඩිසරය. සීයා ගමේ කාටදෝ කියා නෑ ගමන් යන විට ගෙන යන්නට උඩ බැලුම් පෙට්ටියක්ම සාදවන්නේය. දිනක් මා ඉස්තෝප්පු කාමරයේ තිබූ කාඩ්බෝඩ් පෙට්ටියෙන් දෙකක් ගෙන කෑවේ සීයාට අහු නොවෙන්නට හොරාටය. නමුත් පසුවදා සීයා උඩ බැලුම් කෑව නේ හොරාට යි ඇසූ විට මා හොදමට බිය වුණි. හොරාට කාමරයට යන විට කවුරeත් පෙනෙන්නට නොසිටි බව හොට මතකය. මට සිතෙන පරිදි අනිවාර්යයෙන්ම සීයා උඩ බැලුම් ගණන් කර තිබෙන්නට ඇත. මගේ මූණ හොද නැති වෙන්නේ අවුරද්දට ගනු දෙනු කරනා විටය. සීයා රපියල් දහයේ නෝට්ටුවකුත් ආත්තම්මා පහේ කාසියකුත් බුලත් කොලයක ඔතා වදින්නට ගිය විට දෙන්නේය. ඉහ වහ ගිය සතුටින් බලන විට අයියාට මට වඩා මුදලක් දෙදෙනාම දී ඇත. එවිට මා සිතුවේ මට වඩා අයියාට ආදරේ බවය.  
            ඊලගට උදා වන වෙසක් සමයේද ඇත්තේ අතීත සැමරම් ගොඩකි. ඒ දවසවල අද වාගේ බල්බ්වැල් දමනවාට වඩා වෙසක් සමරන්නට කරනුයේ පහන් පත්තු කිරීමයි. කැනක් වැටුණු කෙසෙල් ගසක් කපා කදේ පොතු කිහිපයක් ගලවා කිරි පැහැයට දිදුලන කෙසෙල් කොටයේ මැටි පහන රැදවිය හැකිවන ලෙස රටාවකට ඉරටු දෙක බැගින් ගසනු ලැබේ. මිදුලේ සිටුවා ඇති කෙසෙල් කොටයේ රටාවට දැල්වෙන පහන් ආලෝකයත් වෙසක් පොහොයේ බැබලෙන සද රැස් වැටුණු ? පරිසරයත් අදටද මතක් වන විට සියලු කරදර පීඩාවන් අමතක කරවන සිත නිවන නිසංසල බවක් දනවන්නට සමත් වේ. අද වෙසක් පොහොයේ නිවාඩුවට ගෙදර යන මම සීයාගේත් ආත්තම්මාගේත් දේහයන් මිහිදන් කළ වත්තේ උඩහ වූ සොහොන් දෙක ළගට ගොස් බකට් පහන් දල්වා නිවන් සුව පතන්නෙමි.
            සීයලයි ගෙදර පළතුර ගස්වලින් අඩුවක් නොවීය. මිදුලේ තිබූ පෙට්ටි අඔ ගහේ පැසුණු පෙට්ටි අඔ කඩා අයියාත් මමත් ලුණුත් සමග කෑ හැටි මතක් වන විට දැනුදු කටට කෙළ උනයි. අද ඒ පෙට්ටි අඔ ගහේ එදා වාගේ ගෙඩි හැදෙන්නේ නැත. ගහෙ පිළිල වර්ගයක් සෑදී තිබීම ඵලදාව අඩු වීමට හේතු වී ඇත. රෝස පාට වූ පිනි ජම්බු මාගේ පියතම පලතුරයි. පිනි ජම්බු ගෙඩි පමණක් නොව මල් ද ඇඹුල් රසින් යුක්තය. විශාල ගහක් වූ ඩොන්කා ගහෙ ගෙඩි හැදෙන කාලයට අපිට කන්නට වෙන්නේ වදුරන් අතින් ගිලිහී බිමට වැටුණු ගෙඩිය. එහි මුදුනේ වූ ගෙඩි කැඩීම ඉතා දුෂ්කර කාර්යයක් විය. එතරම් ඒ ගස උසය. කහ පාටට ඉදුණු ඩොන්කා ගෙඩිවල මද මැංගුස්වලට වඩා රසවත්ය. වත්තේ දං ගස් දෙකක් තිබුණු අතර කට, දිව දම් පාට වනතුරe දං කන්නේ ආයෙත් දං කන්නට ලැබෙන්නේ නැති වාගේය. නිවස පිටුපස වූ විශාල කොස් ගස ගමටම කොස් දීමට තරම් ගෙඩි හටගන්නා ගසකි. බොහෝ අය ඒ කොස් ගහෙන් ගෙඩි කඩා ගෙන යාමට ද පැමිණේ. පෙළොස් කන්නට, කොස් තම්බා කන්නට, කොස් ව්‍යංජන, කොස් මැල්ලුම් මේ ඕනෑම කෑමක් සෑදීමට මේ කොස් ගස පයෝජනවත් විය. ත්තම්මා කොස් ඉදී වැල ලෙස බිමට වැටුණු විගස ගොස් කොස් ඇට පන්නා එකතු කර ගත්තාය. ඒවායින් ඈ කොස් ඇට කලුපොල් සෑදීමට දක්ෂයෙකි. තවද කොස් වාරය අවසන් වූ පසු කෑමට වැලි කොස් ඇට දැමීමට ඈ සමත්ය.
            සීයා ලොකු කුඩා ඕනෑම තුවාලයකට බෙහෙත් දමා සුව කරන්නට ඉතා දක්ෂයෙකි. සීයලයි ගෙදර ඉස්තෝප්පුවේ බෙහෙත් දා ගන්නට පැමිණි අයට වාඩි වෙන්නට දිග බංකුවක් තබා තිබුණි. අදටද වැඩිහිටි ඇත්තෝ කංකානම් මහත්තයා නිසා මගේ කකුල හොද වුණා කංකානම් මහත්තයා නොහිටින්න මගේ කකුල ඉවරයි යනුවෙන් පවසනු අසන්නට හැක. නමුත් කුඩා තුවාලයක් වුවද සීයාගෙන් බෙහෙත් දමන්නට මට තිබුණේ ලොකු බයකි.
            කුඹුර අසල සීයාගේ තාත්තා එනම් මාගේ මී සීයා විසින් හාරන ලද පොකුණක් වැනි කුඩා ළිකි. එය ගමේ කවුරeත් හැදින්වූයේ පල්ලෙහා ළි කියාය. එය වතුර උඩින් ගලන ළිකි. සෘජුකෝණාස වූ ළිහි ළිං මිදුල ගල් අතුරා ගල් අතරින් වතුර බැස යන පරිදි සකස් කර තිබුණි. මොන නියගය ආවත් ඒ ළිද් වතුර අඩුවන්නේ නැත. ගමේ බොහෝ දෙනා නෑම සදහා පල්ලෙහා ළිට ඒමට පුරදුව සිටියහ. ළිපිරිසිදු කිරීමට ඉහින දවසට මා ළි ළගින් මදකටවත් ඉවතට යන්නේ නැත. මන්ද ළිද් වතුර අඩුවන විට හමුවන ළිද් සැබෑ උරමක්කාරයන් වූ කනයන්, ආන්, ඉබ්බන් අල්ලනු බලා සිටින්නට ඇති ආසාවයි. තාත්තා විසින් ඉතා පරස්සමින් පනිට්ටුවට දමා ගන්නා ඉබ්බන්, මාලුන් බලා ගන්නේ මාය. පනිට්ටුවෙන් ගොඩ ඒමට දරන ඉබ්බන් දිහා බලා සිටීම මට මහත් විනෝදයක් ගෙන දුන්නකි. මට අවුරදු විස්සක් පමණ වන තෙක් එහි විසූ මාලුන්, දිය නයි, ඉබ්බන් අද වන විට එකෙකුවත් සොයා ගන්නට නැත. එනම් අද එම ළිද් වතුර සියල්ල හිදී ගොසිනි. අප කව්රත් නෑමට රෙදි සේදීමට භාවිතා කළ පල්ලෙහා ළි පාලු ළිදක් බවට පත්වනිනේ ඉතා කෙටි කාලයකිනි. අපේ වත්තට අල්ලපු වත්තේ ඉදිකළ දැවැන්ත හෝටලයට වතුර ලබා ගන්නට නල ළික් කපා ඇති බව ආරංචිය. එම නිසා ඒ අවට ඇති ළිංවල ජලය බලා සිටිද්දී අඩු වන්නට විය. ඉස්සර ගෙදරින් එළියට බැස්ස විට හාත්පසම අදුරeය. ඒ අදුර තුළ පුංචි පුංචි එළි ගොඩකි. කනාමැදිරියන් සැම තැනය. තරැ දිලෙන රෑ අහස ඇස් ඉදිරිපිට වැනිය. අද කනාමැදිරියෙකු දකින්නට ඇත්තේ කලාතුරකිනි.
            අද ආත්තම්මාද සීයාද ජීවතුන් අතර නැත. කතන්දර ඉගෙන ගත් හො නරක ඉගෙන ගත් අවිධිමත් අධ්‍යාපනයක් ලැබූ මාගේ ළමා කාලය අදටද මා ගෙදර ගිය විට සීයලයි ගෙදරට ගොස් මතක් කරන්නේ මහත් සොම්නසිනි. නමුත් ඉන්පසු ඇති වන්නේ විශාල දුකකි. තාත්තාගේ කුඩා විය, තරeණ විය මෙන්ම මුණුබුරe මිනිබිරියන් වන අප කාගේත් කුඩා විය ගෙවුණු ඒ මහගෙදර අද වන විට පාලුවට ගොස් ඇත. දිරාපත් වෙමින් ඇත. ඒ අවට පරිසරය බොහෝ සේ වෙනස් වී ඇත. මතකයන් පමණක් ඉතිරි වී ඇත.
                                                       
                                                                                           සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්ච්