Saturday, July 14, 2018

අර්නස්ටෝ චේ ගුවේරා









විසි වැනි සියවසේ ඉතා පහසුවෙන් හදුනාගන්නට හැකි අතිශය බලපෑම් සහගත චරිත කිහිපය අතරින් පමුඛතම චරිතයක් වන්නේ අර්නස්ටෝ ගුවේරාය. කියුබානු ඉතිහාසයේ ගමන් මග වෙනස් කළ කියුබානු විප්ලවයට උරදුන් තැනැත්තෙකි චේ. චේ කොමියුනිස්ට්වාදයකි. මාක්ස්වාදියෙකි. ලේඛකයෙකි. වෛද්‍යවරයෙකි. ගරිල්ලා නායකයෙකි. දාර්ශනිකයෙකි. කියුබානු විප්ලවයට සහ කියුබානු කම්නරeවන්ගේ පාරාදීසයක් බවට අලුතෙන් නිර්මාණය කරන්නට නායකත්වය දුන් මිනිසුන් තිදෙනාගෙන් චේ ගුවේරා එක් අයෙකු විය.
           1928 ජුනි මස 14 වැනිදා ආජන්ටිනාවේ පධාන නගරයක් වූ රොසාරියෝහිදී චේ උපත ලබයි. චේගේ මව වන්නේ ස්පාඤ්ඤ ජාතික වංශවත් කාන්තාවක වූ සිලියාද ලා සෙර්නාය. පියා වන්නේ අයිරිෂ් ජාතික සිවිල් ඉංජිනේරeවෙකු වූ අර්නස්ටෝ ගෙවාරා ලින්ච්ය. චේ ලින්ච් පවුලේ පළමු දරeවාය. මවුපියන් ඔහු ඇමතුවේ ටෙටේ යන සුරතල් නමිනි. චේට සිලියා, රොබෙටෝ, ඇනා මාරියා, සහ ජුවන් මාටින් යන සහෝදර සහෝදරියෝ වූහ. චේ කුඩා කළ සිටම ඇදුම රෝගයෙන් පීඩා වින්දෙකි. රෝගය හේතුවෙන්ම පාසල් යෑම අතපසු විය. නමුත් ඔහුට මව නිවසේ සිට ඉගැනුම් කටයුතු සිදු කළාය. එපමණක් නොව කුඩා කළ සිටම පොත් කියවීමට චේ පුරeදු විය. චේ කවි නිර්මාණය කරන්නටද දක්ෂයෙකි. තවද පියා විසින් කුඩා චේට චෙස් උගන්වන ලදී. පාසල් යෑම ආරම්භ කළ චේ පාසල තුළ දී ඔහුගේ  මිතුරන්ගේ නායකයා බවට පත් විය. කුඩා විය තුළද චේ ත්රාසජනක කියාවල නියැලෙන්නට විය.




 

             
මව්පියන් සහ සහෝදරයින් සමග කුඩා චේ                                           
චේ ළමා කාළයේදී

මළල කිඩාවට මෙන්ම පිහිනීමට, පාපන්දු කීඩා කරන්නට වාගේම චේ රගර් කීඩාවට දක්ෂයෙකි. ඇදුම රෝගයෙන් පීඩා වින්දද ආත්මශක්තsයක් ඇති කරගන්නට කීඩාව චේට විශාල සහයෝගයක් වුණි. චේ එතරම් පිළිවෙල පිරිසිදු කම අගය කළ අයෙකු නොවේ. එනම් ඔහු කීඩා කිරීමට ඇදි කමිසය දින කිහිපයක් යන තෙක් නොසෝදන අතර එය වීර කියාවක් ලෙස මිතුරන් හමුවේ පවසා ඇත.
            චේ හැම දෙයකටම වඩා පිය කළේ සංචාරවලටය. ඒ සැප පහසු සංචාරක ගමන්වලට නොවේ. බයිසිකලයක නැගී රටතොටද සාමාන්‍ය ජනයාගේ දුක සැපද බලා කතාබහේ යෙදෙමින් චාරිකාවේ යන්නටය. චේ කුඩා කාළයේ සිටම රටේ තොටේ ඇවිදීමට හීන මවමින් සිටි කෙනෙකි. ඔහු තමා අවට සිදුවන දේ පිළිබදව දැන ගැනීමට දැඩි ආශාවක් ඇතිව සිටියේය. පොත්වලින් දැනුම ලබනවාට වඩා නියම ස්වභාවිකත්වය සියැසින්ම දැක පුද්ගලික අත්දැකීම් ලබමින් දැනුම වැඩි දියුණු කර ගැනීම වඩා වැදගත් බව ඔහු සිතුවේය.
            මිතුරe ඇල්බර්ටෝ කළ ආරාධනාවකට අනුව තරeණ වියේදී ඔහු කළ දිගම සංචාරය වූයේ මෝටර් සයිකලයක නැගී මුළු දකුණු ඇමරිකාව පුරා ඔහු කළ සංචාරයයි. ඔහු මෙම සංචාරය කරන්නේ මිතුරe ඇල්බර්ටෝ සමගය. ඒ වන විට චේ අවසන් වසර ඉගෙනුම ලබන ශිෂ්‍යෙයකු විය. දුක්ඛිත දකුණු ඇමරිකානු ජන ජීවිතය පිළිබදව වඩාත්ම අත්දැකීම් ලද්දේද මුළු දකුණු ඇමරිකාවටම සෙත සැලසිය හැකි සමාජ පරිවර්තනයක් සදහා විප්ලවයක් පිළිබදව ඔහු වඩාත් සිතන්නට වූයේද මේ අවධියේය.
ආජන්ටිනාවෙන් ගමන් ඇරඹූ ඔහු මුළු මහත් ආජන්ටිනාව පුරාමද චිලී රටේද පේරe, කොලොම්බියා, හා වෙනිසියුලාව යන රාජ්‍යවලද සංචාරය කර තිබුණි. විප්ලවය පිළිබද ඔහුගේ මුල්ම මෙන්ම ශෙෂ්ඨතම ගුරeවරයාද වූයේ ලතින් ඇමරිකාව පිළිබද මෙම යථාර්තයයි. චේ මෙම සංචාරයෙන් ලත් අත්දැකීම් දින සටහන් පොතක සටහන් කරන ලදී. එය පසු කළෙක යතුරe පැදි දිනපොත නමින් මුද%ණය කර ඇත.
ඔහු නැවත ආජන්ටිනාව බලා යළි පැමිණෙන්නේ වසරකට පසුවය. ඉන්පසු ඔහු වෛද්‍ය විභාගයට පෙනී සිට විශිෂ්ට සාමාර්ථ ලබා 1953 දී විශේෂඥ චර්ම වෛද්‍යවරයෙකු වීය. මේ වන විට ඔහු දකුණු ඇමරිකාව පුරා කළ සංචාරයෙන් මහාද්වීපයේ දේශපාලන යථාර්තයද හොදින් අවබෝධ කර ගෙන සිටියේය. දක්ෂ ප්රකට වෛද්‍යවරයෙකු වීමෙන් ලබන ජන ගෞරවය හා පසාදය විශාල විය හැකිය. එහෙත් ලතින් ඇමරිකානු මහද්වීපය පුරා වෙසෙන ජනතාව පෙළෙන සියලු ව්‍යාධීන් සුවපත් කිරීම සදහා වෛද්‍ය වෘත්තියෙන් පමණක් කළ නොහැකි යැයි ඔහුට අවබෝධ විය.
චේ දෙවතාවක් විවාහ වූයේය. පළමුව හිල්ඩා ගාඩියා සහ දෙවනුව ඇලීඩා මාර්ච් හා චේ විවාහ වූයේය. ඔහුගේ පළමු බිරිද, හිල්ඩා ගාඩියා ගෙවාරා නමින් දියණියකට උපත ලබා දුන්නීය. දෙවන බිරිදට චේට දාව ඇලීඩා, කැමිලෝ, සිලියා හා අර්නස්ටෝ යනුවෙන් දරවන් සිව් දෙනෙකු බිහි කළාය.
මැක්සිකෝ නුවර අවිපාරාත් වීදියේ වූ කුඩා නිවහනක් තුළදී චේ මුල්වරට පිදෙල් කස්f;%da මුණ ගැසුණි. එය ඔවුන් දෙදෙනාගේම ජීවිත වෙනස් කළ හමුවීමක් විය. දෙදෙනා මුළු රාත%sය පුරාම සාකච්ජා කරන ලදී. පිදෙල් කස් මෙක්සිකෝවේ සිට විප්ලවය සැලසුම් කළේය. චේ ඔහුගේ දකුණු අත බවට පත්විය. කියුබාව කෙරෙහි පිදෙල්ගේ උද්යෝගය සහ චේගේ විප්ලවකාරී අදහස් මහ ගින්නක් මෙන් එකිනෙකා අවුළුවාලීය. එක් අයෙක් ආවේගශීලී විය. අනෙකා කල්පනාකාරී විය. එක් අයෙක් හැගීම්බර විය. අනෙකා සුබවාදී විය. චේ ගුවේරා නොවන්නට පිදෙල්  kasthro  කිසිදා කොමියුනිස්ට්වාදියෙකු බවට පත් නොවනු ඇත. විප්ලවය සදහා ගරිල්ලා කණ්ඩායමක්ද සූදානම් කෙරිණි. පුහුණු වීමේ කාලය අවසන් වන විට චේ හදුන්වනු ලැබුවේ සියල්ලන් අතරින් හොදම ගරිල්ලා භටයා ලෙසය.
යුද පුහුණුවෙන් පසු වැදගත්ම කාර්ය වූයේ කියුබාවට යෑම සදහා මගක් සලසා ගැනීමයි. මේ සදහා kasthro ඩොලර් 12000 කට කුඩා යාත්රාවක් මිලදී ගත්තේය.මිලදී ගනිද්දීම එහි නම වූයේ ගැන්මා ය. යාත්රාව නිපදවා තිබුණේ මගීන් අට දෙනෙකු හෝ වැඩිම තරමින් දොලොස් දෙනෙකු රැගෙන යාමට සුදුසු පරිදිය. නමුත් එහි අසූ දෙනෙකු යා යුතු විය. ඓතිහාසික ගමන පිටත් වීමට පෙර අපි මේ ගමනේදී විප්ලවය ජය ගන්නවා. එසේ නැතහොත් කියුබාව සදහා දිවි පිදූ වීරයින් ලෙස ඉතිහාස ගත වෙනවා යනුවෙන් පැවසීය. අතරමගදී ග්රැන්මා කුණාටුවකට ද හසු විය. වෙරලට ලගා වෙමින් තිබුණු ගැන්මා පිළිබදව ඉහළින් පියාසර කරමින් ඔත්තු බැලූ බැටිස්ටාගේ අහස්යාතවක් විසින් දැක තිබුණි.
දෙසැම්බර් දෙවැනිදා කැරලිකරeවන් රැගත් නැව කියුබානු වෙරලට සේන්දු විය. එහිදී බැටිස්ටාගේ ප්රහාරයක් එල්ල වුණි. හමුදාවෙන් බේරී කැරලිකරeවන් සියෙරා මස්ට්රා කදුකරයට පලා යන ලදී. පහාරය හමුවේ ඉතිරි වූයේ  අසූවක කැරලිකරැවන්ගෙන් විසිදෙනෙකු පමණි. එම කදුකරය කැරලිකරැවන්ට ආරක්ෂක බලකොටුවක් බදු විය. එහි වූ තෙත් කටුක දේශගුණය චේගේ රෝගී බව උත්සන්න වීමට හේතු විය. සියෙරා මස්ටාහිදී විප්ලවයට අවශ්‍ය පරිදි සංවිධානය වීම සිදු විය.
1957 වන විට කියුබානු කදුකරය මුළුමනින්ම kasthro ගරිල්ලා හමුදාව අතට පත්විය. 1959 ජනවාරි දෙවැනිදා වන විට හවානා නගරය තුලද තම බලය තහවුරe කරගත් විප්ලවවාදීහු ජනාධිපති මන්දිරයද හවානා සරසවියද ඔවුන් අතට ගත්හ. අතිශය ප%මොaදයට පත් ජනයා ඔල්වරසන් නැගූහ. විප්ලවයේ යුධමය කොටස නිමා වූ අතර එතැන් සිට සමාජ දේශපාලන විප්ලවය ඇරඹිණි. කියුබාව සංවර්ධනය කරන්නට කැප වුණු චේ එතැනින් නොනැවතී පාලකයන්ගේ පීඩාවට පත් තවත් ජනයා වෙනුවෙන් අරගල කරන්නට වුණි. එබැවින් ඔහුව ඒකාධිපති පාලකයන්ගේ පරම සතුරා බවට පත්විය.  චේ කියාකලාපය ඇතැම් පාලකයින්ට ඉවසා සිටින්නට බැරි විය. 1967 ඔක්තෝම්බර් 7 වැනිදා බොලිවියානු විශේෂ හමුදාව චේ ගුවේරා අල්ලා ගත්තේය. ජනාධිපති බැරියොන්සේගේ නියෝග මත ඉන් දින දෙකකට පසු රහසේම වෙඩ් තබා චේව ඝාතනය කර සිරeර වළලා තිබුණි.
ඔහුගේ ආදර්ශය, නැගී සිටීම, සටන් කිරීම සහ කියුබානු විප්ලවය අනෙකුත් පාලකයන්ගේ සූරා කෑම්වලට ලක්වන, පීඩාවට පත්වන, යටත් විජිතවාදී රටවල්වලටද පූර්වාදර්ශයක් විය.ඔහුගේ අනුගාමිකයන් ලොව පුරා විසිරී පැතිරී සිටී. ඔහු මිය යෑමෙන් පසු ඔහුගේ පසු පරම්පරාව ඔහුගේ දර්ශනය නොකඩවා ඉදිරියට ගෙන යමින් සිටී. අතීතයේ මෙන්ම වර්තමානය තුළද චේ පිළිබදව වන කතා බහ අඩු වී නැත. එය අනාගතයේද එලෙසම වනු ඇත.


    


















චේ ඝාතනය කිරීමෙන් පසු

2 comments: