Friday, December 1, 2017

මග බලන්


 මග බලන්.......
එලිපත්තට පූසා ඇවිත් මූණ හේදුවා දුටුවා
පාන්දරම පොල්කිචි ජෝඩුව මට පේන්න කෑගැහුවා
කලබල සිත දඩුවම් දෙයි මා පය එහෙ මෙහෙ ගැටෙනා
තව දුරයිද තව දුරයිද ටෙලිපෝනය මග කියනා

 කපු මහතගෙ කතාවෙ නම් ඔහු හරි කඩවසම් වුණා
ඒ පෙනුමට මගේ පෙනුම සේදී යාවිද මන්දා
කතා කරන්නට කීවොත් දෙන්නට මොනව කියන්නද මන්දා
අම්මේ මගෙ හදවත දැන් ලඩ් ඩබ් ලබ් ඩබ් ගානා

වත්සුණු ඕනෑ නෑ මට සැබෑ පෙනුම අදට හොදා
නැතිනම් මතුවට ගැටලුයි රෑපය හොද නැති වීලා
නැන්දම්මා ඇතුළු පිරිස මගෙ උඩ සිට පහළට බලනා
විලිබර වී මගේ නෙතත් බිමට හැරේවිද මන්දා

අලුත ගෙනා මනමාලිය කවි පන්තිත් මතක් වෙනා
ඊයේ රෑත් බුලත් හෙප්පු සිහිනෙන් මා අත රැදුනා
පරිසරයම අමුතු වෙලා රහසක් පවසන සැටියා
මට සිකුරැයි නුඹම තමයි මට හිමිවන ඒ කුමරා

                                                සුවිනි

7 comments:

  1. A....moko me ekaparatama manamalayek gana mathak une? Kauruhari innwada hitha aduna kenek?

    Lassna wachana tika...Film ekaka kotasak baluwa wage

    ReplyDelete
  2. A....moko me ekaparatama manamalayek gana mathak une? Kauruhari innwada hitha aduna kenek?

    Lassna wachana tika...Film ekaka kotasak baluwa wage

    ReplyDelete