Saturday, August 11, 2018

ළමා විය උදුරා නොගනිමු



ළමා විය නම් අති සුන්දර වූවකි. අප කාගේත් රස මතක රැසක් රැදි කාල සීමාවකි. නමුත් සෑම අයෙකුගේම ළමා විය සුන්දර නොවිය හැක. එය ඔහුගේ හෝ ඇයගේ මහත් අභාග්‍යයක් විය හැකිය. එනම් සුන්දර ළමා වියක් හිමි දරeවා අනාගතයේ යහපත් පුරවැසියෙකු වනු ඇත. එබැවින් අනාගත යහපත් පුරවැසියන් නිර්මාණය වෙනුවෙන් වත්මන් ළමා පරපුර ආරක්ෂා කර ගත යුතුය. ළමයා පමණක් නොව ළමා විය රැක ගත යුතුය. රටක අනාගතය වත්මන් ළමා පරපුරයි. මෙය අප කව්රeත් දන්නා කාරණයකි. නමුදු ඉතා ඉක්මනින් අමතක කරන්නකි. නැතිනම් ලෝක ළමා දිනයට පමණක් මතක් කර ගන්නකි.
අපගේ අම්මලා තාත්තලාගේ ළමා කාලයට වඩා අපේ ළමා කාලය වෙනස්ය. අපේ ළමා කාලයට වඩා වත්මන් ළමා පරපුරේ ළමා විය වෙනස්ය. එන්න එන්නම ළමා විය කෙටි වෙමින් පවතී. ළමයා ඉතා ඉක්මනින් වැඩිහිටියෙකු බවට පත්වනු දැක ගත හැකිය. අප කුඩා කළ අත් නොවිදි නවීන තාක්ෂණය, ජන මාධ්‍ය සමග වත්මන් ළමා පරපුර ලොකු මහත් වේ. ඒ මගින් බොහෝ සෙයින් වැඩිහිටි මානසිකත්වයක් ළමයා තුළ ඇති වීම සිදුවේ. ළමා මනසට දැරිය නොහැකි දේ දකින්නට අසන්නට විදින්නට දරeවාට සිදුවේ.
ළමයා අවට පරිසරය තුළින් ඉගෙන ගනිමින් සිටින්නෙකි. ඔවුන් බොහෝ දේ ඉගෙන ගැනීමේ කුතුහලයෙන් පසුවන පිරිසකි. මේ කුතුහලය ආත්මාර්ථකාමී වැඩිහිටියන් තම පටු අරමුණු උදෙසා භාවිතා කිරීම මුළු රටටම අභාග්‍යයකි. කුඩා දරeවන් ඉගෙන ගන්නේ වැඩිහිටියන්ගෙනි. ඔවුන් තම සමීපතම වැඩිහිටියන් අනුගමනය , අනුකරණය කරනු ඇත. එබැවින් දරeවන් ඉදිරියේ වැඩිහිටියන් හැසිරෙන ආකාරය කතා කරන වචන යහපත් විය යුතුය. අයහපත් හැසිරීම, නරක වචන කතා කිරීම දරejන්ගේ වරදක් නොව වැඩිහිටියන්ගේම වරදකි. දරeවන්ට ඒ වෙනුවෙන් දඩුවම් දී බැන වැදී ඔවුන් අපහසුතාවට ලක් කිරීම මහත් අපරාධයකි.
දරeවන් මල් වැනිය. ළමා සිත්වලට දුක, වේදනාව, සතුට දරා ගැනීමේ ගැනීමේ ශක්තිය අඩුය. එබැවින් සෑම කුඩා හැගීමකටම ඔවුන් හඩන්නට විවිධ පති%කියා දක්වන්නට වෙයි. දරeවාගේ ස්වභාවය වැඩිහිටියන් හදුනා ගැනීම අත්‍යවශ්‍යය. කුඩා දරeවන් තමන්ව අගයනවාට වර්ණනා කරනවාට ඉතා කැමතිය. එලෙසම බැන වදිනවාට ලැජ්ජාවට පත්වන්නට අකමැතිය. එම අපහසුතාවන්ට පත් කිරීම් ඔවුන්ට දරා ගත නොහැකි විය හැක. එවන් අවස්ථාවල මාධ්‍යවලින් අත් දකින දේ හා දෙමාපියන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් අහිතකර දේ පිළිබද දැනුවත් වන දරeවා අයහපත් කි%යාවන්ට පෙළඹීමක් විය හැක. එවන් අවස්ථා උදා වූ පසු දුක් වනවාට වඩා හැකි තරම් දරeවාට සමීපව ඔවුන්ගේ සිතැගියාවන් හදුනාගෙන ආදරය සෙනෙහස දැක්වීමෙන් දරeවා රැක බලා ගැනීම කළ යුතුය.
වැඩිහිටියන් මුහුණ දෙන ගැටලු හමුවේ දරeවන්ටද විවිධ අපහසුතාවන්ට ලක් වන්නට සිදුවේ. බොහෝ දෙමාපියන් තමන්ට ඇති වන තරහව, මානසික පීඩනයන් දරeවන් වෙත මුදා හරී. තම දරeවාට වුව අසීමිත ලෙස පහර දෙන ආකාරය, බැන වදින ආකාරය අසන්නට දකින්නට ලැබීම අවාසනාවකි. මවගේ, පියාගේ, ගුරeවරයාගේ හෝ සමීප වැඩිහිටියෙකුගේ ගැටලු හමුවේ අසරණ වන, ජීවිතය පවා අහිමි වන දරeවන් මෙරට තුළ බහුල වේ. දෙමාපියන්ගේ අනියම් සබදතා, දික්කසාදවීම් හමුවේ බොහෝ දරeවන් කායිකවත් මානසිකවත් නිරන්තර පීඩා විදිති. ඇතැම් විට එම පීඩා කියන්නට කෙනෙක් හෝ අසන්නට කෙනෙක් හෝ නැති දරeවෝ වෙති. ඇතැම් දෙමාපියන්ට තම අවිවේකී කාර්යබහුල ජීවිතය හමුවේ තම දරeවා පිළිබද සොයා බලන්නට ලැබෙන කාලය අවම වේ. දරeවන්ට ඉතා සැප පහසු ජීවිතයක් හෝ ඔවුන් ආස කරන කෑම බීම, සෙල්ලම් බඩු ලබා දීම පමණක් දරeවන්ට ආදරය කිරීම ලෙස සිතීම වැරදිය. ඔවුන්ට වඩාත් වැදගත් වන්නේ දෙමාපියන් තමන් වෙනුවෙන් වෙන් කරන කාලයයි. මවත් පියත් දරeවා ළග රැදී ආදරය සෙනෙහස දැක්වීම අවධානය ලබා දීම ඔවුන් අපේක්ෂා කරයි. කාර්යබහුල ජීවන රටාව තුළ කාලය සීමිත වුවත් තම දරeවන් වෙනුවෙන් කැප වන්නට කාලය සොයා ගැනීම යහපත් දරeවෙකු තනන්නට අත්‍යවශ්‍යයම වන්නකි. 
ළමයා යනු කව්රeන්ද යන වග හදුනාගෙන ළමා පරපුර අනාගත ලොව තනන පිරිස බව මතකයේ තබා ගෙන වැඩිහිටි ඔබ කටයුතු කළ යුතුය. දරeවෙක් බිහි කළ පමණින් මවෙකු පියෙකු විය නොහැක. දරeවා යහපත් ළමයෙකු කිරීමේ වගකීමද මටට පියාට මෙන්ම සියලු වැඩිහිටියන් සතු වගකීමකි. දරeවෙකුට අසාධාරණයක් වන සෑම අවස්ථාවකම පසු නොබැස දරeවා වෙනුවෙන් කතා කරන්නට ඉදිරිපත් වන්නට නොපසුබට විය යුතුය. සුන්දර ළමා පරපුරක් නිර්මාණය කරන්නට වැඩිහිටි සැමගේ දායකත්වය අවැසි වේ. යහපත් අනාගතයක් තනන්නට එය ආයෝජනයක් වනු ඇත. ළමා විය උපරිම ලෙස ගත කිරීමේ අවස්ථාව ළමයාට උදා කරදිය යුතුය. එය වැඩිහිටි සැමගේ යුතුකමක් නොව වගකීමක් වනු ඇත.
                       
                                        සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි
                                                           

3 comments: