Tuesday, July 17, 2018

දෙදෙනාම මව්වරැ







දුම්රිය නවත්වන්නේ කඹුරැගමුව, වැලිගම, අහංගම, කොග්ගල, හබරාදුව, තල්පේ......
රජරට රැජින දුමිරිය පිටත්වන්නට මිනිත්තු දෙකක් පමණ තබා හතිලමින් දුව ගොස් මම දුම්රියට ගොඩවූ අතර තුන්වන පන්තියේ දුම්රිය පෙට්ටි අතරින් ගොස් කවුළුවක් ලග  ඉදගත්තෙමි. වෙනදා මෙන් මා ඉද ගැනීමට පෙර අවට සිටින්නේ කවුරැන්ද යන වග සෝදිසි කර බැලූ විට මා ඉදිරිපස අසුනේ  සිටියේ වයස අවුරැදු 70 ක් පමණ සිතිය හැකි සුදු පැහැති ඔසරියක් හැද සිටි ආත්තම්මා කෙනකි. හා යන්තම්  සිනා වී මා ඉද ගත්තේද හති දමමිනි.
දුව කොහාටෙයි යන්නෙ? ඇය මා හා කතා කළ පළමු වැකියෙන්ම ඇය මාතරම කාන්තාවක් බව පසක් වුණි.
මම කොටුවෙන් බහිනව
මම නම් අනුරාධපුරේටම යනව ඇය මා අසන්නටත් පෙර පිළිතුරැ දුන්නාය.
 හෙට පොසොන් පෝයනෙ එහේ සිල් ගන්න., මං මේ යන තුන්වෙනි වතාවනො
එක වරම දුම්රිය ගැස්සී මාතරින් පිටත් වන්නට විය. තනියම යන බව පෙනුණත් ඇයගේ වයසක පෙනුමේ හැටියට ඇයට එතරම් දුර ගමනක් යෑම විශ්වාස කරන්නට අමාරe. එබැවින්
ආත්තම්ම තනියමද යන්නෙ ඉතින් ?මම eසුවෙමි.
අහල නැද්ද පුතේ තනියම ඉපෙදන්නෙ තනියම මැරෙන්නෙ?
ඒක නම් eත්ත බව නොකියා පිළතුරක් ලෙස මම සිනාසුණෙමි.
 මට හොදට පුරeදුයි මේ වන්දනාව
මටද තනියම කම්මැලි කමින් යනවාට වඩා මේ ආත්තම්මා සමග කතාවට වැටී යාම නරක නොවන බව සිතුණි. එබැවින් අපs දෙදෙනා නොයෙක් දෑ කතා කරමින් ගමන් කළෙමු. දුම්රිය ගාල්ල ස්ටේසමේ විනාඩි පහලොවක් පමණ නවතා තිබෙන බැවින් මා හට කෝච්චියටම ගෙනවිත් විකුණන රට කජු පැකට් එකක් ගන්නට සිතුණි.  
ආත්තම්මෙ රට කජු කන්න?  යි මම කීවෙමි.
අනේ බෑ දරැවො මගේ දත් නෑ දැන් ඒ හන්දා හයිය දෙයක් හපන්න බෑ
 මමද කමක් නෑ මටත් පස්සෙදි කන්න පුලුවන් කියා රට කජු දෙක තුනක් කටට දා ගෙන ඉතිරි ටික බෑගයට දා ගත්තෙමි. එවිට ඇය අතරමගදී කන්නට ගෙනවිත් තිබුණු ලොකු නාරං ගෙඩියක් අතට ගත්තාය. ඒවාට මාතර පැත්තේ අය කියන්නේ සිදරං කියාය. පැණි දොඩම් මෙන් පැණි රස නැති ඇඹුල් දොඩම් ගෙඩිවලටත් වඩා ඇඹුල් රසැති නාරං විශේෂයකි සිදරං. ඇය විසින්ම එය මාතර භාෂාවෙන් කියනවානම් ඔයන්නට වුණි. පොත්ත ගලවන නාරං ගෙඩියේ සුවද මුළු කෝච්චි පෙට්ටියටම දැනෙන්නට ඇත. සුද්ද කළ ගෙඩියේ බික් වලින් භාගයක්ම ඇය මවෙත දිගු කළාය. මටද ගෙඩියම වුව කන්නට හැකියාව කෑදරකම ඇතත් ඔච්චර වැඩියි මට කියමින් බිග් දෙකක් ගලවා ඉතිරි ටික ඇය අත තැබුවෙමි. ඇය එම කොටස ඇය අසල සිටි මාමා වෙත දිගු කළේ
 කන්න මේක හොද කෑමක්
කියමිනි. ඔහුද එක් බිකක් ගලවා කටේ දමා ගත්තේය. එතැන් සිට ඔහුද ඇයගේ තවත් එක් මිතුරෙකු විය. ඔහු මට වඩා ඇය හා කතා කරන්නට කැමති වාගේය.
දුම්රිය පිටත් වී ටික දුරක් යන විට ඔහුට ඇති වූ %ශ්නය ඇය ළග මුදල් ඇතිද යන්නයි.
අම්ම ළග දැන් සල්ලි තියනවද ගිහින් එන්න?
ඔව් පුතේ පෙරේදා මං බැංකුවට ගිහින් රe 2000 ක් අර ගත්තා.
මට සිතුණේ අපරාදේ ආත්තම්මෙ සල්ලි තියන ගාණ කිවිවෙ. එයාට මොකටද ඔයා ළග සල්ලි තියනවද කියල. සල්ලි ළග නැත්නම් ගමනක් යනවද? ඉක්මනින් මිනිසුන් විශ්වාස කරන්නට අකමැති මා එලෙස සිතීම වරදක් නැත. ඔහුගේ වයසද අවුරeදු පනහකට වඩා වැඩි විය යුතුය. ඔහුද මා මෙන් ඇය හා කතා කිරීමට කැමති තැනැත්තෙකු බව පෙනුණි.
අප දෙ‍දෙනාගේ වයස් පරතරය අවුරැදු පනහක් පමණ වුවත් කතා කිරීමට බොහෝ දෑ තිබුණි. පෙර වන්දනා ගමන් වලදී ඇය ලත් අත්දැකීම් විටෙක මහත් සතුටින් විටෙක භක්තියෙන් %ද්ධාවෙන් ඇය මා හා බෙදා ගන්නට විය. මමද ඒවා දැන ගැනීමේ ආසාවෙන් ඈට හූ මිටි තබන්නට වීමි.
ඇයගේ වන්දනා ගමන් පමණක් නොව ඇයගේ පෞද්ගලික ජීවිතය පිළිබදව ඇය තනිවම මෙවන් ගමනක් යන්නේ ඇයිද  යන %ශ්න මට විසදා ගත යුතු විය. ඇයද තම විස්තර නොසගවා කියන්නට කැමති නිතරම කතා බහ කරන්නට කැමති තැනැත්තියක් බව තේරeම් ගිය බැවින් මාගේ පැනය ඇසුවෙමි.
ආත්තම්මගෙ ගෙදර කවුද තව ඉන්නෙ?
මට මං විතරයි පුතේ. ළමයිගෙ තාත්ත මැරිල දැන් අවුරeදු දහයක් වෙනව. දරැවො තුන් දෙනෙක් ඉන්නව මට. ඒ ගොල්ලො දැන් ඉතින් මං බලන්න එන්නෙ නැහැ. හැබැයි මට සල්ලි නම් එවනව. තරහක් නෑ මට උන් ගැන.
එතකොට තනියමද ඉන්නෙ? මට ඇති වූ %ශ්නයම මේ මාමාටත් ඇතිවී ඇත.
මට තවම අත පයේ හයිය තියනව. මං නම් %dර්ථනා කොරන්නෙ කාටවත් කරදරයක් නැතුව හුස්ම ටික යන්න කියල.
මා දැන් කුමක් කිව යුතු දැයි සිතා ගත නොහැකිව ගොළු වුණි. ඇයටද ඒ බව වැටහෙන්නට ඇත.
මම පුතේ ඕව ගැන හිතන්නෙ නෑ. පුළුවන් තරම් පිං දහම් කටයුතු කොර ගෙන ජීවත් වෙනව.
            දුම්රියට හැමදාම මෙන් ගොඩවන අත පා ජීවත් වන විවිධ විදියේ මිනිසුන් එදිනද ගොඩවන්නට විය. සැමදාම වාගේ ගාල්ල පසු වූ පසු දකින්නට ලැබෙන මුහුණ බෙල්ල සහ දෑත් ද  පිළිස්සුණු කාන්තාව මෙදිනත් ඇගේ දුක කියමින් පැමිණියාය. ඇගිලි අහිමි එක් අතක සල්ලි එකතු කර ගන්නට රැගෙන යන ප්ලාස්ටික් කෝප්ප රදවා ගෙන ඇත. ඇය ගයනා කවියේ තාලය, ඇගේ කටහඩ හා කවියද මට දැනුදු වුව සිහිපත් කළ හැකිය.
සිතුවේ නැත අත පා ඉල්ලන්න
වරදින් සිදුවුණේ අත පා ඉල්ලන්න
මොනවා කරන්නද පූරැවෙ කළ පවට...
පව් නේ පිච්චිලා හොදටම කාන්තාව දෙස බලමින් කියූ ඇය තම අත වූ පරණ හෑන්ඩ් බෑගයෙන් කුඩා මුදල් පසුම්බියක් ගෙන දහයේ කාසියක් තෝරා ප්ලාස්ටික් කෝප්පයට දැමුවාය.
මෙහෙම වෙන්නෙ පුතේ ගිය ආත්මෙ කරපු පව්වලට. ඒ නිසා මේ ආත්මෙ පුලුවන් කරම් පිං දහම් රැස් කර ගන්න ඕන
වෙන දවස්වලට මම ගාල්ලේ සිට කළුතර දක්වා ඇස් පියා ගෙනමය. ගාල්ලේ සිට කළුතරට සුළු වේලාවකින් යා ගත හැකි බව දැනෙන්නේ නින්දේ තද බව නිසාය. මෙදින මට ඇස් පියාගන්නට වෙලාවක් නැත. අසා සිටින්නට ආසා හිතෙන කතා ගොඩකි.
දැන් දුම්රිය නැවැත් වූයේ මොරටුව දුම්රිය ස්ථානයේය. අප සිටිනා මැදිරියට මගීන් කිහිප දෙනෙකු ගොඩ වූ අතර මා ඉද සිටි අසුන පිරි නමන්නට වූයේ සුදු පැහැ රෙද්දක් සහ හැට්ටයක් හැද සිටි තවත් ආත්තම්මා කෙනෙකුටය. ඇයගේ අතින් අල්ලා ගෙන සිටියේ ඇගේ දුව යැයි සිතිය හැකි කාන්තාවක් හා ඇගේ ස්වාමි පුරැෂයා යැයි සිතිය හැකි තැනැත්තෙකි. මා නොදැනුවත්වම මාගේ ඇස් කළින් හදුනාගත් ආත්තම්මා දෙසට හැරැණි. ඇගේ ඇස් නැවතී තිබුණේ මව වෙත නොව ඇගේ දියණිය වෙතය.  
  
                                              සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි
                                                                                                                                           

3 comments: