Wednesday, July 11, 2018

ඔබ දැනගත යුතු Day make up එක




             මුහුණ අපගේ කැඩපතයි. විශේෂයෙන් කාන්තාවකට තම සම ආරක්ෂා කර ගැනීමටත් තම මුහුණේ වන අඩුපාඩුකම් වසා ගෙන පෞරeෂය වර්ධනය කර ගැනීමට make up එකක් සිදු කර ගැනීම ඉතාමත් වැදගත් වේ. මේකප් වර්ග හා ඉතාමත් සරල අවම ආලේපන වර්ග ප%මාණයකින් සිදු කළ හැකි දෛනිකව භාවිතා කරන day make up එකක් සිදු කර ගන්නා ආකාරය මෙහිදී සාකච්ජා කෙරේ.
            %ධාන වශයෙන් මේකප් වර්ග තුනක් හදුනා ගත හැක. 

1 day make up
2 day and night make up
3 bridal make up

දෛනික භාවිතා කරන make up එකෙහි මූලික අරමුණ වන්නේ හිරe එළියට නිරාවරණය වන අවස්ථාවකදී සම ආරක්ෂා කර ගැනීමයි. තවද කාන්තාවකගේ පෞරeෂය වර්ධනය කිරීමටද day make up එක ඉතා වැදගත් වෙයි. රැකියාව සදහා කාර්යාලයට යන විට වෙළදපොළට යන විට ඕනෑම අවස්ථාවක් සදහා නිවසින් බැහැරට යන විට day make up එක භාවිතා කළ හැකිය. මෙය ඉතාම සරල make up එකකි. day  make up එකක් සිදු කිරීමේදී භාවිතා කරනු ලබන රEපලාවන්‍ය ආලේප වර්ග පිළිබද දැනුවත්භාවය අත්‍යවශ්‍ය වන අතර සැම විටම හොද අලෙවි සන්නාමයක් ඇති ආලේපන තෝරා ගැනීමද වැදගත් වෙයි.
day make up එක ඉතාමත් සරල වේ. අවම භාණ්ඩ ප%මාණයකින් සිදු කර ගත හැකිය. day make up එකක් සිදු කිරීමේදී පළමුව සම හොදින් පිරිසිදු කර ගත යුතුය. මේ සදහා cleanser එකක් හෝ face wash එකක් භාවිත කළ හැකිය. ඉන්පසු toner එකක් භාවිතා කිරීම වැදගත් වේ. එමගින් සමේ තෙතමනය රදා පවත්වා ගැනීමට හා cleanser එක මගින් විවර වූ රෝම කූප නැවත යථා තත්වයට පත් වීමට වැදගත් වෙයි. ඉන්පසු day cream එකක් භාවිතා කළ හැකිය. මෙය ඉතාම සාමාන්‍ය වේ. එනම් අප නිතර භාවිතා කරන නිවසින් බැහැරට යන විට භාවිතා කරන අප පුරeදු වී සිටින cream එක day cream එක වේ. තමන් නිතර භාවිතා කරන cream එක day make up එකකදී base එකක් ලෙස භාවිතා කරයි. ඉන්පසුව සමට ගැළපෙන compact powder එකක් නැතිනම් pink powder එකක් සමෙහි හොදින් ආලේප කර වෙනසක්  වෙනවාද යන්න patch test එකක් කර තෝරා ගත යුතුය. එමගින් සමෙහි වෙනසක් නොවේ නම් day cream එකෙන් පසුව මුහුණේ හා බෙල්ලේ ආලේප කර ගනී. ඉන්පසු ඇහි බැම තද දුඹුරe පැහැති eye brow pencil එකකින් යන්තමින් ඇද ගනියි. ඉන්පසු lip liner එකකින් තොලෙහි හැඩයට අනුව තොල වටා ඇද ගන්නා අතර ඇදුමෙහි හා තම සමේ වර්ණයට ගැළපෙන ලෙස කැමති වර්ණයක lipstick එකකින් line එක ඇතුළත ආලේප කර ගත හැකිය. Mat හා gloss යනුවෙන් lipstick වර්ග දෙකක් ඇති අතර හිරe එළියට නිරාවරණය වන අවස්ථාවකට Mat  lipstick එක භාවිතා කිරීම සුදුසු වේ. ඉන්පසු eye liner එකක්ද අවශ්‍ය නම් භාවිතා කළ හැකිය.
මේ ආකාරයට සිදු කරනු ලබන day make up එක උපරිම පැය 8ක කාලයක් තබා ගත හැකිය. day make up එකක් ඉවත් කිරීමේදී make up remove භාවිත කිරීම අවශය නොවන අතර cleanser එකකින් සාමාන්‍ය පරිදි ඉවත් කර ගත හැකියි. day and night make up එකකදී day make up එකකට වඩා වෙනස් හා වැඩි ආලේපන වර්ග භාවිතා කිරීම සිදු කරයි. day and night make up එකක් විවිධ උත්සව අවස්ථා සදහා භාවිතා කරනු ලබයි.


උපදෙස් - රEපලාවන්‍ය උපදේශිකා නන්දනී සෙනරත්

   සංස්කෘතික මධ්‍යස්ථානය
   කැලණිය විශ්වවිද්‍යාලය

සැකසුම - සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි
 


5 comments: